නිත්තවෙල ගැටුමේ ජය ගල්කිස්සට

403

මෙවර සිංගර් අන්තර් පාසල් රග්බි ලීගයේ A කාණ්ඩයේ තරගයක් වන මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර තරගය අද (22) නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. තරගය අවසානයේ ලකුණු 22-10ක් ලෙස ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට ගල්කිස්ස විද්‍යා විද්‍යාල කණ්ඩායම සමත් විය.

රතු කහ කාඩ්පත් මැදින් බෙනඩික්ට් ක්‍රීඩකයින් ජයග්‍රහණය දිනා ගනිති

සත්කාරක සාන්ත බෙනඩික්ට් විදුහල සහ ප්‍රතිවාදී ගාල්ල රිච්මන්ඩ් විදුහල අතර අද (21) පැවති, 2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ…

සාන්ත අන්තෝනි විද්‍යාලයේ තිරූෂ ඒකනායකගේ පා පහරින් ආරම්භ වූ තරගයේ 08 වන මිනිත්තුවේ දී අනාරක්ෂිත ලෙස ක්‍රීඩා කිරීම හේතුවෙන් සාන්ත අන්තෝනි විද්‍යාලයේ ජෙරාඩ් ඉනොෂ් හට තරග විනිසුරුවරයා විසින් කහ කාඩ්පතක් පිරිනැමීය.

ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයෙකුගේ අඩුව ප්‍රයෝජනයට ගත් විද්‍යා කණ්ඩායම තරගයේ 09 වන මිනිත්තුවේ දී තම ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. රසාංග වීරසිංහ විසින් වාර්තා කරන ලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට හසරංග හක්මීමන සමත් විය. (සාන්ත අන්තෝනි 00-05 විද්‍යා)

තරගයේ 14 මිනිත්තුවේ දී ගල්කිස්ස විද්‍යා විද්‍යාල කණ්ඩායමේ නවිඳු සිල්වා හට තරග විනිසුරුවරයා විසින් කහ කාඩ්පතක් පිරිනමනු ලැබුවේ අනාරක්ෂිත ලෙස ක්‍රීඩා කිරීම හේතුවෙනි.

තරග විනිසුරුවරයා විසින් ලබා දුන් දඬුවම් පහර සාර්ථක කර ගැනීමට සාන්ත අන්තෝනි විද්‍යාලයේ තිරූෂ ඒකනායක සමත් වූයේ තරගයේ 27 වැනි මිනිත්තුවේ දී ය. (සාන්ත අන්තෝනි 03-05 විද්‍යා)

වැඩි ගෞරව සමඟින් තර්ස්ටන්ට ජයග්‍රහණය රැගෙන යයි

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් සඳහා මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සමඟින් කොළඹ…

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට හසරංග හක්මීමන සමත් විය. තරගයේ 31 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ද සාර්ථක කරගැනීමට හසරංග හක්මීමන සමත් විය. (සාන්ත අන්තෝනි 03-12 විද්‍යා)

තරගයේ ප්‍රථම අර්ධය නිමා වීමට එක් මිනිත්තුවක් පමණක් තිබිය දී නැවත උත්සාහක දිනුමක් වාර්තා කරනු ලැබුවේ ගල්කිස්ස විද්‍යා කණ්ඩායමේ තරූෂ සිල්වා විසිනි. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට හසරංග හක්මීමන අපොහොසත් විය. (සාන්ත අන්තෝනි 03-17 විද්‍යා)

ප්‍රථම අර්ධය: සාන්ත අන්තෝනි විද්‍යාලය  03 -‍ 17 ගල්කිස්ස විද්‍යා විද්‍යාලය

ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ හසරංග හක්මීමනගේ පා පහරින් ආරම්භ වූ තරගයේ දෙවන අර්ධයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට විද්‍යා කණ්ඩායමේ සංජුල පින්නදූවගේ සමත් විය. තරගයේ 54 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට හසරංග හක්මීමනට හැකියාවක් නොලැබිණි. (සාන්ත අන්තෝනි  03-22 ‍විද්‍යා)

තරගයේ 60 වැනි මිනිත්තුවේ දී ගල්කිස්ස විද්‍යා කණ්ඩායමේ ප්‍රින්ස් රවිසින් හට ක්‍රීඩා පිටියෙන් නික්ම යාමට සිදු වූයේ තරග විනිසුරුවරයා විසින් කහ කාඩ්පතක් පිරිනැමූ බැවිනි.

කිංග්ස්වුඩ් අභියෝගය මැඩලූ තෝමසුවන් ජය ගනී

සාන්ත තෝමස් විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර අද (18) පැවති රග්බි තරගයෙන් ලකුණු 22-17ක් ලෙස තියුණු ජයක් අත්කර ගැනීමට…

එයින් උපරිම ප්‍රතිඵල නෙලාගැනීමට සමත් වුණු සාන්ත අන්තෝනි විද්‍යාල කණ්ඩායම තම ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. තීක්ෂ ගුණසිංහ විසින් වාර්තා කරන ලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට තිරූෂ ඒකනායක සමත් සමත් විය. (සාන්ත අන්තෝනි 10-22 විද්‍යා)

ඉන්පසු තරගයේ නියමිත කාලය අවසන් වනතුරු කණ්ඩායම් දෙකටම ලකුණු රැස්කර ගැනීමට නොහැකි වූ අතර තරගය අවසන් වූයේ ලකුණු 10-22ක් ලෙස ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට ජයග්‍රහණය අත්කර දෙමිනි.

අවසන් ලකුණු තත්වය: සාන්ත අන්තෝනි විද්‍යාලය 10 – 22 ගල්කිස්ස විද්‍යා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – හසරංග හක්මීමන (සාන්ත අන්තෝනි විද්‍යාලය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • සාන්ත අන්තෝනි විද්‍යාලය – තිරූෂ ඒකනායක (1C, 1P), තීක්ෂ ගුණසිංහ (1T)
  • ගල්කිස්ස විද්‍යා විද්‍යාලය – රසාංග වීරසිංහ (1T), හසරංග හක්මීමන (1T, 1C, 1P), තරූෂ සිල්වා (1T), සංජුල පින්නදූවගේ (1T)

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<