දෝනිව විවේක ගන්නවා ඉන්දියාව, ඕස්ට්‍රේලියාවට එරෙහිව සටනට

77
Indian cricketer Mahendra Singh Dhoni plays a shot during the third one-day international (ODI) cricket match between India and Australia at the Jharkhand State Cricket Association International Cricket Stadium, in Ranchi on March 8, 2019. (Photo by DIBYANGSHU SARKAR / AFP) / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE-----

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝණි, ඕස්ට්‍රේලියාවට එරෙහි අවසන් එක්දින තරග දෙකෙන් විවේක ගන්වා තිබෙන බව වාර්තා වේ. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු සන්ජේ බන්ගාර් විසින් රන්ජි කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පසු පැවති මාධ්‍ය හමුවේ දී මේ බව නිවේදනය කළේය.

පාකිස්තානයට එරෙහි ඕස්ට්‍රේලියා එක්දින සංචිතය නම් කරයි

පකිස්තානය සමඟ පැවැත්වෙන තරග පහකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඕස්ට්‍රේලියානු එක්දින සංචිතය ප්‍රකාශයට…

දෝනිට අහිමි වනු ඇත. ඔහු වෙනුවට කඩුලු රකින්නා ලෙස රිශාබ් පන්ට් කටයුතු කරනු ඇත.

මේ අතර ඕස්ට්‍රේලියාවට එරෙහි සිව්වැනි හා පස්වැනි එක්දින තරගවලින් වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශාමි ද විවේක ගන්වා තිබේ. ඒ ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහි තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයේ දී ආබාධයකට ලක්වීම හේතුවෙනුයි.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු සන්ජේ බාන්ගර් සඳහන් කර ඇත්තේ යම් හෙයකින් මොහොමඩ් ශාමිට අවසන් එක්දින තරග දෙක ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ජස්ප්‍රිට් බුම්රා සංචිතයට කැඳවන බවයි.

අසේල ගුණරත්න පාකිස්තානයට

මේ දිනවල පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන අදියර වෙනුවෙන් ක්‍රීඩා කරන ලාහෝර්…

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවට එරෙහි තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඉන්දීය නායක විරාත් කෝලි සඳහන් කළේ ඕස්ට්‍රේලියාවට එරෙහි අවසන් එක්දින ක්‍රිකට් තරග දෙකේ දී ඉන්දීය සංචිතය සඳහා නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඇතුළත් කරන බවයි.

ලෝක කුසලානයට යන ගමනේ දී වඩාත් ශක්තිමත් ඉන්දීය සංචිතයක් ගොඩනැගීම මූලික කර ගනිමින් මෙලෙස ක්‍රීඩකයින් අතර තරගකාරීත්වය ඇති කරන බව කෝලි සඳහන් කර තිබේ. මෙම තීරණයත් සමඟ රිශාබ් පන්ට්ට ඕස්ට්‍රේලියාවට එරෙහිව අවසන් එක්දින තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වන අතර රිශාබ් පන්ට් මේ වන විට ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරග තුනක් පමණක් වීම විශේෂත්වයකි.

37 හැවිරිදි මහේන්ද්‍ර සිං දෝනි ආබාධයක් හේතුවෙන් පසුගිය නවසීලන්ත සංචාරයේ තරග කිහිපයකින් ද විවේක ගැන්වනු ලැබීය. එළඹෙන 23 වැනිදා ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ වත්මන් ශූරයින් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ද දෝනියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<