රාජකීයයන්ගෙන් ඇතුගල්පුරයට රාජකීය සංග්‍රහයක්

397
Royal v Maliyadewa

2019 සිංගර් අන්තර් පාඨශාලීය ලීග් රග්බි තරගාවලියෙහි පළමු කාණ්ඩය නියෝජනය කරමින් තරග වදින කොළඹ රාජකීය විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අද (02) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ දී එකිනෙකා මුණගැසුණු අතර පසුගිය වසර පුරාවට රග්බි පිටිය සිසාරා පතුරාවලූ සිය ආධිපත්‍යය තවදුරටත් තරකර ගනිමින් මලියදේව විද්‍යාලයට එරෙහිව ලකුණු 62-06ක් ලෙස ඉතා පහසු ජයක් අත්කර ගැනීමට ප්‍රබල රාජකීයයන් සමත් විය.

ඉසිපතන ප්‍රහාරයෙන් අන්තෝනි ක්‍රීඩකයින්ට අසාධ්‍යයි

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ තවත් සමාරම්භක තරගයක් අද (02)..

මලියදේව නායක කෞශල්‍යය ගුණවීරගේ පා පහරින් පන්දුව ඉහළ ගුවනට මුසුවනවාත් සමඟම තරගයේ ආරම්භය සනිටුහන් වූ අතර පළමු මිනිත්තු 10 තුල දී මලියදේව ක්‍රීඩකයින් රාජකීය පසුපෙළ වෙත යම් පීඩනයක් එල්ල කිරීමට උත්සහ දැරූ නමුත් ඒ සියල්ල ව්‍යර්ථ කරමින් සාර්ථකව සිය අන්තය ආරක්ෂා කරගැනීමට ප්‍රබල රාජකීය පසුපෙළ සමත් විය.

සිය නිහැඬියාව බිඳ දමමින් සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවට අවතීර්ණ වූ රාජකීය ක්‍රීඩකයින් තවත් කල්වේලා නොගෙන උත්සාහක දිනුම් රේඛාව අභිබවා ගමන් කිරීමට තීරණය කළේ ප්‍රථම වතාවට තරගයේ ලකුණු පුවරුවට ජීවය එක්කරමිනි. එහි ගෞරවය රාජකීය නියමු තුලෙයිබ් හසන්ට හිමි වූ නමුත් පන්දුව නිසි ඉලක්කය වෙත එල්ල කරමින් ගෝල කණු අතරින් යොමු කිරීමට දුලාන් ගුණවර්ධන අපොහොසත් විය. (රාජකීය 05-00 මලියදේව)

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ යසිස් රෂ්මික ධවල රේඛාව පසුකොට යමින් රාජකීයයන් වෙත දෙවන උත්සාහක දිනුම ද දිනා දීමට සමත් වූයේ මෙම තරගය ඔවුන්ගේ ස්ථාවරය පිළිබඳ පැමිණ සිටි සියල්ලන්ටම ප්‍රබල පණිවිඩයක් ලබා දෙමිනි. මෙවර තමා හට ලැබුණු ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට දුලාන් සමත් විය. (රාජකීය 12-00 මලියදේව)

තරගයේ 26 වැනි මිනිත්තුවේ දී ලෙහාන් ගුණරත්න සමඟ එක් වූ දුලාන් ගුණවර්ධන හට අලංකාර පන්දු යොමු කිරීම් වාර කිහිපයක් යොදා ගනිමින් අපූර්ව උත්සාහක දිනුමක් වාර්තා කිරීමට හැකි විය. (රාජකීය 17-00 මලියදේව)

ත්‍රිත්වයින්ගෙන් සත්කාරක ක්‍රීඩකයින්ට අමිහිරි අත්දැකීමක්

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ සහිරා විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය අතර අද…

රාජකීයයන්ගෙන් දිගින් දිගටම එල්ල වුනු ප්‍රහාර හමුවේ නිරුත්තරව සිටි මලියදේවයන් හට යම් තරමක හෝ අස්වැසිල්ලක් ගෙන දීමට කෞශල්‍යය ගුණවීර සමත් වූයේ උදා වූ දඬුවම් පහර සාර්ථකව ගෝල කණු අතරින් පා කර හැරීමත් සමඟය. (රාජකීය 17-03 මලියදේව)

අද දිනයේ දී තම ග්‍රහණයට පන්දුව නතු වූ සෑම අවස්ථාවක දී ම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සිය උපරිමය ලබා දීමට වගබලාගත් රාජකීය කණ්ඩායමේ දුලාන් ගුණවර්ධන ඉතා විශිෂ්ට ගණයේ පාද චලනයන් කිහිපයක් යොදා ගනිමින් මලියදේව මුරකාවල් සුනුවිසුනු කරමින් ඉදිරියට ඇඳුණේ දෙවන වතාවටත් සිය නාමය ලකුණු ලාභීන්ගේ නාමාවලියට ඇතුළත් කරගනිමිනි. එහි අමතර ලකුණු ද්විත්වය ද කණ්ඩායම වෙනුවෙන් හිමිකර දීමට ඔහු වගබලා ගත්තේය. (රාජකීය 24-03 මලියදේව)

පළමු අර්ධය – කොළඹ රාජකීය විද්‍යාලය 24 (4T,2C) – 03 (1P) කුරුණෑගල මලියදේව විද්‍යාලය

පළමු අර්ධයේ දී රාජකීය ලීලාවෙන් පිටිය දෙවනත් කරමින් දියත් කළ ක්‍රියාන්විතය තවදුරටත් බලගන්වමින් මලියදේව කණ්ඩායමෙන් තරගය උදුරා ගැනීමට කටයුතු කළ රාජකීයයන් මීටර් 22 රේඛාව ආසන්නයෙන් ලැබුණු line-out අවස්ථාව  rauling maul බවට පරිවර්තනය කර ගත්තේ නියත උත්සාහක දිනුමකට මඟ පාදා ගනිමිනි. පන්දුව ආරක්ෂිතව ගෝල සීමාව වෙත ගෙන යෑමේ කාර්යභාරය රජිඳු ජයසූරිය විසින් ඉටු කරන ලදි. (රාජකීය 29-03 මලියදේව)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ලකුණු රැස් කිරීමේ අවස්ථාවක් පෙනෙන තෙක් මානයේ නොමැතිව අසරණව සිටි මලියදේව ක්‍රීඩකයින් යම් බලාපොරොත්තුවක් ගෙන ඒමට යළිත් වතාවක් නායක ගුණවීර සමත් වූයේ ලැබුණු දඬුවම් පහර සාර්ථකව ඉලක්කගත කිරීමට සමත් වූ නිසාවෙනි. (රාජකීය 29 – 06 මලියදේව)

ඉන්පසු එළඹුණු කාලසීමාව තුල දී සිය ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව උපරිමය වෙත රැගෙන යමින් මලියදේව කණ්ඩායමෙන් තරගය සම්පූර්ණයෙන්ම උදුරා ගැනීමට රාජකීයයන් සමත් වූ අතර ප්‍රවර්තිත උත්සාහයන් හතරක් ඇතුළුව උත්සාහක දිනුම් පහක් ඉතා කෙටි කාලයක් තුල වාර්තා කිරීමට ප්‍රබල රාජකීය ඉදිරිපෙළ සමත් විය.

රිච්මන්ඩ්වරුන්ට කොළඹින් හොඳ ආගන්තුක සත්කාරයක්

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ සමාරම්භය සනිටුහන් කරමින් …

රජිඳු ජයසූරිය සහ නිපුන යසෝජන දෙවන වතාවටත් ධවල රේඛාව අභිබවා යමින් රාජකීයයන්ගේ ලකුණු පුවරුව පෝෂණය කරද්දී, තුවාන් ඩිල්ශාන් ජයාහ් සහ මිගාර මිහිසංඛ එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කරමින් රාජකීයයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් උර දීමට සමත් විය. තමාට ලැබුණු ප්‍රවර්තන අවස්ථා 5න් 4ක්ම සාර්ථකව ගෝල කණු අතරින් යොමු කිරීමට සමත් වූ ලෙහාන් ගුණරත්නගේ ක්‍රීඩා රටාව ද කාගේත් පැසසුමට ලක්විය. (රාජකීය 62-06 මලියදේව)

අවසන් ලකුණු තත්වය – කොළඹ රාජකීය විද්‍යාලය 62 (10T,6C) – 06 (2P) කුරුණෑගල මලියදේව විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්

කොළඹ රාජකීය විද්‍යාලය

  • උත්සාහක දිනුම් – රජිඳු ජයසූරිය 2, තුවාන් ඩිල්ශාන් ජයාහ් 1, නිපුන යසෝජන 2, මිගාර මිහිසංඛ 1, දුලාන් ගුණවර්ධන 2,තු ලෙයිබ් හසන් 1, යසිස් රෂ්මික 1
  • ප්‍රවර්තන ගෝල – දුලාන් ගුණවර්ධන 2, ලෙහාන් ගුණරත්න 4

කුරුණෑගල මලියදේව විද්‍යාලය

  • දඬුවම් ගෝල – කෞශල්‍යය ගුණවීර 2

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<