රිච්මන්ඩ්වරුන්ට කොළඹින් හොඳ ආගන්තුක සත්කාරයක්

148

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ සමාරම්භය සනිටුහන් කරමින් ඊයේ (01) CR&FC ක්‍රීඩාංගණයේ දී සත්කාරක D. S. සේනානායක විදුහල හා ගාල්ල රිච්මන්ඩ් විදුහල අතර පැවති තරගයෙන් D. S. සේනානායක විදුහල ලකුණු 53-03ක් ලෙස පහසු ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් විය.

විද්‍යා ක්‍රීඩකයින්ට මරදානෙන් හොඳ සංග්‍රහයක්

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ සමාරම්භය සනිටුහන්….

S. විදුහල් පා පහරින් ආරම්භ වූ තරගය පළමු විනාඩියේ පටන් රිච්මන්ඩ් විදුහල් ග්‍රහණයේ රැඳුණු අතර රිච්මන්ඩ් විදුහලේ ඉදිරිපෙළේ ශක්තිමත් භාවය ඉතා හොඳින් දිස්වුනි. ඒ අතරතුර D. S. පසුපෙළේ කැලඹීමක් ද හොඳින් දිස්විය. ඒ අවසරයෙන් රිච්මන්ඩ්වරුන් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු පුවරුව ආරම්භ කළේය. (රිච්මන්ඩ් 03-00 DS)

තම තරග රටාවෙන් සෑහීමකට පත් නොවූ බවක් පෙන්නුම් කරමින් ක්‍රීඩා කළ DS කණ්ඩායමේ No 8 ක්‍රීඩක H. D. හේමසිරි රිච්මන්ඩ් ආරක්ෂාව නොතකමින් පහසු උත්සාහක දිනුමක් වාර්තා කළ අතර . K. උඩවත්ත විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (රිච්මන්ඩ් 03-07 DS)

සුපිරි සති අන්තයේ ශූරයින්ගේ රැඟුම් කෙසේ නිමා වෙයි ද?

තරගකාරී සති 15 අවසානයේ 2018/19 අන්තර් සමාජ රග්බි ශූරතාවයේ…..

ඒ මොහොතේ පටන් තම ලකුණු දඩයම ආරම්භ කළ සේනානායකවරුන් සිය ආධිපත්‍ය  පිටිය සිසාරා පතුරුවද්දී රිච්මන්ඩ් කණ්ඩායම අන්දමන්ද වූ ආකාරයක් දක්නට ලැබුණි. වේගයෙන් රිච්මන්ඩ් ආරක්ෂක වළලු අතරින් රිංගා යමින් තවත් දර්ශනීය උත්සාහක දිනුමක් වාර්තා කළ නවීද් සිද්දීක්ට ප්‍රවර්තනයකින් සාධාරණයක් ඉටු කිරීමට උඩවත්තට හැකි විය. (රිච්මන්ඩ් 03-14 DS)

එතැනින් නොනැවතුනු සේනානායකවරුන් රිච්මන්ඩ් විදුහලට පහර පිට පහර එල්ල කරමින් ප්‍රථම බාගය අවසන් කරන විට A. H. මදුරංග හා K. C. පීරිස් තවත් උත්සාහක දිනුම් වාර්තා කළ ද ඒවායේ ප්‍රවර්තන සාර්ථක වූයේ නැත.

පළමු අර්ධය: D. S. සේනානායක විදුහල 24 – 03 ගාල්ල රිච්මන්ඩ් විදුහල

දෙවන භාගය ආරම්භ වුවද රිච්මන්ඩ් කණ්ඩායම ලකුණු රැස් කිරීමට උත්සුක වන ආකාරයක් දක්නට නොලැබුනි. රිච්මන්ඩ් විදුහල් ආරක්ෂක වළල්ල කිසිදු තැකීමකින් තොරව බිඳ හෙළු අකලංක, හඹා යන්නන් ගැන නොතකා පහසු උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (රිච්මන්ඩ් 03-29 DS)

විද්‍යා ක්‍රීඩකයින්ට මරදානෙන් හොඳ සංග්‍රහයක්

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ සමාරම්භය සනිටුහන් …..

එයින් ද සෑහීමකට පත්නොවූ සේනානායකවරුන් රිච්මන්ඩ්වරුන් වෙත පහර පිට පහර එල්ල කළ ද ඒවාට ප්‍රතිපහාරයක් එල්ල කිරීමට තරම් රිච්මන්ඩ්වරුන්ට ශක්තියක් නොතිබිනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ලද අවස්ථා සියල්ලක්ම උත්සාහක දිනුමකින් සම්පූර්ණ කළ සේනානායකයින්ගේ අතින් ද වැරදි සිදු නොවුනා ද නොවේ. මනා සංයමයකින් හා ක්‍රමානුකූලව තරගය තුල තම රිද්මය පවත්වා ගත් D. S. සේනානායක විදුහල තරගය අවසන් කරද්දී ලකුණු පුවරුවේ මුළු උත්සාහක දිනුම් සංඛ්‍යාව 9ක් ලෙස ද, ප්‍රවර්තන සංඛ්‍යාව 4ක් ලෙස ද දක්නට ලැබූ අතර රිච්මන්ඩ් විදුහලට ඉදිරියෙන් ලියැවී තිබුණේ දඬවම් පහරේ ලකුණු 3 පමණි.

අවසන් ලකුණු තත්ත්වය: D.S සේනානායක විදුහල 53 (9T, 4C) – 03 (1P) රිච්මන්ඩ් විදුහල්

ThePapare.com තරගයේ වීරයා – නවීද් සිද්දීක් (DS)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

S. සේනානායක විදුහල

උත්සාහක දිනුම් – C. S. කළුබෝවිල (2), H. D. හේමසිරි (1), නවීද් සිද්දීක් (1), K. C.පීරිස් (1), A. H. මදුරංග (1), V. අකලංක (1), K. S. උඩවත්ත (1), L. B. විජේසුන්දර (1).

ප්‍රවර්තන – K. S. උඩවත්ත (2), V. අකලංක (1), C. S. කළුබෝවිල (1).

රිච්මන්ඩ් විදුහල් කණ්ඩායම

දඬුවම් පහර – H. M. පැතුම් (1)

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ තරගවල සජීවී ආවරණ හා තතුවිත්ති දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<