ත්‍රිත්වයින්ගෙන් සත්කාරක ක්‍රීඩකයින්ට අමිහිරි අත්දැකීමක්

850

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ සහිරා විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය අතර අද (2) පැවති තරගයෙන් සත්කාරක සහිරා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 11-22ක් ලෙසින් ජයග්‍රහණය හිමිකර ගැනීමට ත්‍රිත්වයින් සමත් විය. මෙවර ලීගයේ දෙපිලේම ආරම්භක තරගය වූ මෙය මරදාන සහිරා විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

විද්‍යා ක්‍රීඩකයින්ට මරදානෙන් හොඳ සංග්‍රහයක්

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ සමාරම්භය සනිටුහන්….

ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් ලකුණු පුවරුව ආරම්භ කරන්නට රාහුල් දනරාජ් ලබා ගත් උත්සාහක දිනුමට හැකි වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට මිනිඳු ජයසුන්දර සමත් විය. ඒ සමඟින් තරගයේ විනාඩි 3ක් යන්නටත් ප්‍රථමයෙන් ලකුණු 00-07ක් ලෙස පෙරමුණ ගන්නට ත්‍රිත්ව විද්‍යාලයට හැකි විය. (ත්‍රිත්ව 07-00 සහිරා)

8 වැනි මිනිත්තුවේ දී ත්‍රිත්වයෙන් විසින් සිදු කළ වැරැද්දක් හේතුවෙන් සහිරාවන්ට දඬුවම් පහරක් හිමි වූ අතර එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට අබ්දුල් සලාම් සමත් වුනේ සහිරාවන්ගේ ලකුණු පුවරුව ද ක්‍රියාත්මක කරමිනි. (ත්‍රිත්ව 07-03 සහිරා)

මුල සිටම ඉතාමත් ආක්‍රමණශීලී තරග රටාවක් පෙන්නුම් කළ ත්‍රිත්වයින් නැවතත් තමන්ගේ ලකුණු පුවරුව කරකවන්නට සමත් වූයේ ටෙහාන් කරුණානායක ලබා ගත් අගනා උත්සාහක දිනුමක් සමඟිනි. එහි වටිනාකම තවත් වැඩි කරමින් මිනිඳු ජයසුන්දර විසින් එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නා ලදි. (ත්‍රිත්ව 14-03 සහිරා)

මුල සිටම ඉතාමත් ආක්‍රමණශීලී තරග රටාවක් පෙන්නුම් කළ ත්‍රිත්ව ක්‍රීඩකයින් විසින් පළමු මිනිත්තු කිහිපය තුළ දී ම තරගය තමන්ගේ පාලනයට නතුකර ගත්තත් වැරදි පිට වැරදි කිරීම හේතුවෙන් නැවතත් 15 වැනි මිනිත්තුවේ දී දඩුවම් පහරක් මගීන් සහිරාවන්ට ලකුණු 3ක් හිමි විය. එම දඩුවම් පහර සාර්ථක කරගත්තේ ද අබ්දුල් සලාම් විසිනි. (ත්‍රිත්ව 14-06 සහිරා)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඉන්පසු දෙපිලේම ක්‍රීඩකයින් කරට කර තරග රටාවක නියැලුණු අතර 27 වැනි මිනිත්තුවේ දී සහිරාවන්ගෙන් සිදු වුන වැරැද්දක් හේතුවෙන් ලැබුණු දඩුවම් පහරක් සාර්ථක කර ගැනීමට ත්‍රිත්ව ක්‍රීඩක  මිනිඳු ජයසුන්දරට නොහැකි විය. සහිරා ක්‍රීඩකයන් ද ත්‍රිත්වයින්ට නොදෙවෙනි තරග රටාවක් පෙන්නුම් කරන්නට වූ අතර ප්‍රථම භාගය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබිය දී සාර්ථක කර ගැනීමට තිබූ අගනා උත්සාහක දිනුමක් ඔවුන් වෙතින් ගිලිහී ගියේය.

පළමු අර්ධය: ත්‍රිත්ව විද්‍යාලය 14 – 06 සහිරා විද්‍යාලය

ප්‍රථම භාගයේ මෙන්ම තරගයේ දෙවන භාගයටත් ඉතා හොඳින් ප්‍රවිෂ්ට වීමට ත්‍රිත්වයින් සමත් වූ අතර 46 වැනි මිනිත්තුවේ දී ත්‍රිත්ව විදුහලේ නායක රෙශාන් බණ්ඩාරනායක සහිරා ආරක්ෂක වළල්ල බිඳ ගෙන පන්දුව ඉදිරියට ගෙන ගොස් ජනිඳුට පිරිනැමූ අතර ජනිඳු එය පහසුවෙන් උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කළේය. නමුත් ප්‍රවර්තනය අසාර්ථකයි.  (ත්‍රිත්ව 19-06 සහිරා)

සුමංගල ක්‍රීඩකයින් සාර්ථක ආරම්භයක් ලබා ගනී

2019 සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරග පසුගිය….

තරගයේ 52 වැනි මිනිත්තුවේ දී ත්‍රිත්ව ක්‍රීඩක නිමේෂ් ඒකනායක නීති විරෝධි ලෙස ක්‍රීඩා කිරීම නිසා විනිසුරු ඩින්කා පීරිස් විසින් ඔහුට කහ කාඩ් පතක් ලබා දුන් අතර ඉන් ප්‍රයෝජන ගත් සහිරා ක්‍රීඩකයන් 53 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් ලබා ගන්නට සමත් විය. අතීක් අලහුඩීන් විසින් උත්සාහක දිනුම ලබා ගත්තත් එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට අබ්දුල් සලාම්ට නොහැකි විය. (ත්‍රිත්ව 19-11 සහිරා)

ලකුණු ලබා ගැනීමේ පිපාසයෙන් සිටී සහිරා ක්‍රීඩකයින් ද ලකුණු ලබා ගැනීමේ අටියෙන් වැරදි කරන්නට ද වූ අතර 60 වැනි මිනිත්තුවේ දී සහිරා ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරැද්දක් නිසා ලබා දුන් දඩුවම් පහරක් සාර්ථක කර ගන්නට මිනිඳු ජයසුන්දර නැවතත් සමත් වුනේ ත්‍රිත්වයින්ට ජයග්‍රහණයේ මංපෙත් විවර කරමිනි.

නූලෙන් ගිලිහුණු කුසලානය සොයා යන මරදානේ සාන්තුවරු

රග්බි පිටියේ ප්‍රබල පාසල් රැසක් මට්ටු කරමින් මරදාන සාන්ත ජෝසප් රග්බි…

ඉන් අනතුරුව දෙපිලෙන්ම ලකුණු වාර්තා නොවූ අතර ඉකුත් වසරේ මහනුවර පල්ලෙකැලේ දී පැවති තරගයෙන් 34-15ක් ලෙස ත්‍රිත්වයින් ජය ගැනීමට සමත් වූ අතර එම අපරාජිත බව රැක ගනිමින් අද පැවති තරගය ද ලකුණු 11-22ක් ලෙස ජය ගන්නට ත්‍රිත්වයින් සමත් විය. තරගයේ සුවිශේෂී දස්කම් දැක්වූ ත්‍රිත්ව විදුහලේ රාහුල් දනරාජ් තරගයේ වීරයා ලෙස නම් කෙරුණි.

පළමු අර්ධය: ත්‍රිත්ව විද්‍යාලය 22 (3T, 2C, 1P) – 11 (1T, 2P) සහිරා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: රාහුල් දනරාජ් (ත්‍රිත්ව)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<