සාන්ත ජෝසප් ලකුණු පුවරුවට ශතක දෙකක්

296

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක්ම අද (5) ආරම්භ විය. ඒ අතුරෙන් සාන්ත ජෝසප් විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය අතර පැවැත්වූ තරගය වැඩි අවධානයක් දිනා ගත්තේය.

ජයග්‍රහණය මහානාම, මහින්ද හා සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට

සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු පෙළ කාණ්ඩය යටතේ අද (4) දිනය තුල අවසන් වූ ක්‍රිකට් තරග 3ම ජයග්‍රාහීව අවසන් විය. එහි දී මහානාම විද්‍යාලය…

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය

සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාලය කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් අතර එහි දී ඔවුන් සිය පළමු ඉනිමට දැවැන්ත ලකුණක් ලබා ගන්නා ලදි. රෙවාන් කෙලී හා නිපුන් සුමනසිංහ පිළිවෙළින් ලකුණු 182ක් හා ලකුණු 156*ක් ලබාගෙන සුපිරි පිතිකරණයක නිරත වූයේ සාන්ත ජෝසප් ලකුණු පුවරුවට ශතක දෙකක් එක් කරමිනි.

අවසානයේ ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 393ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටුවන ලදි. පිළිතුරු පළමු ඉනිම දියත් කළ වෙස්ලි විද්‍යාලය පළමු දිනය අවසානයේ කිසිවෙක් නොදැවී ලකුණු 72ක් ලබා සිටියි.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම – 393/2d (75.5): රෙවාන් කෙලී 182, නිපුන් සුමනසිංහ 156*, ජොහාන් ද සිල්වා 33, මොවින් සුභසිංහ 2/106.

වෙස්ලි විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 72/0 (21): හසිත ගීසර 39*, තිසුරක අක්මීමන 28*.


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් මොරටු මහා විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කළ මෙම තරගය A කාණ්ඩයේ තරගයක් ලෙස අද ආරම්භ විය.

මහනුවර අස්ගිරිය පිටියේ දී පළමුව පිතිකරණයට පිටියට පිවිසුණු ත්‍රිත්ව විද්‍යාලයේ පළමු ඉනිම වෙනුවෙන් ඒ. සේනාධීර හා හසින්ත ජයසූරිය අර්ධ ශතක ලබා ගන්නා ලදි. ශේසද සොයිසා ලකුණු 56ක් තුළ කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. ත්‍රිත්ව විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබාගෙන සිය ඉනිම අත්හිටු වීමට තීරණය කළේය.

මොරටු මහා විද්‍යාලය තරගයේ පළමු දිනය අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 53ක් ලබා ගන්නා ලදි. නොදැවී ක්‍රීඩා කරන ජනිත් ප්‍රනාන්දු ලකුණු 20*යි.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම – 262/9d (63.2): ඒ. සේනාධීර 53, හසින්ත ජයසූරිය 50, අභිෂේක් ආනන්ද කුමාර් 44, ට්‍රෙවෝන් පර්සිවෙල් 32, ශේසද සොයිසා  5/56.

මොරටු මහා විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 53/3 (26): ජනිත් ප්‍රනාන්දු 20*.

සැක සංකා දුරලමින් හලාවත මේරියන්ස් ජය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් Tier A ක්‍රිකට් තරගාවලියේ හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායම සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර කටුනායක…

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

A කාණ්ඩයේ තරගයක් ලෙස සාන්ත බෙනඩික්ට් පිටියේ ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 201ක් ලබා ගැනීමට සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනාගත් සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ඇරයුමින් පළමුව පිටියට පිවිසි ධර්මාශෝක විද්‍යාලය හට සාර්ථක පිතිකරණයක නිරත වීමට අවස්ථාව නොලැබුණි. එහි දී සචින් සංගීත් ලකුණු 29ක් ලබා ගන්නා විට සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් මහේෂ් තීක්ෂණ කඩුලු 5ක් දවා ගන්නා ලදි.

ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම අවම ලකුණු මට්ටමකට සීමා කළ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය තරගයේ පළමු දිනය අවසානයේ සිය පළමු ඉනිමේ ජය තහවුරු කර ගන්නා ලදි. එහි දී සිය තුන් ඉරියව් දස්කම් දැක්වූ මහේෂ් පිතිකරණයේ දී ශතකයක් ලබා ගත්තේය. නොදැවී ක්‍රීඩා කරමින් සිටින ඔහු ලකුණු 106යි.

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම – 86/10 (41.4): සචින් සංගීත් 29, මහේෂ් තීක්ෂණ 5/19,

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 201/5 (52): මහේෂ් තීක්ෂණ 106*, රයන් සේරසිංහ 45

කොළඹ ආනන්ද විද්‍යාලය බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය

ආනන්ද විද්‍යාලය කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් මෙම තරගය සාන්ත පීතර විදුහල් පිටියේ දී පළමු දිනයට ක්‍රියාත්මක විය.

ආනන්ද විද්‍යාලයේ මුල් කඩුලු 3 ලකුණු 3ක් තුළ දවා ගැනීමට ශිවාන් පෙරේරා ඇතුළු සාන්ත පීතර පන්දු යවන්නන් සමත් විය. කමේෂ් නිර්මාල් ලකුණු 31ක් ලබාගෙන ආනන්ද විද්‍යාලයට යම් සවියක් වුවත් ඔහු ඔවුන්ගේ ඉනිමේ 6 වන කඩුල්ල ලෙස දැවී යන විට ආනන්ද ලකුණු පුවරුව 47/6ක් ලෙස දැක්විය. 7 වන කඩුල්ලට ලකුණු 56ක සබඳතාවයක් එක් කිරීමට ලහිරු හිරණ්‍ය හා හසිඳු ශාමික සමත් වූ අතර ලහිරුගේ ඉනිම 4 පහර 11කින් අලංකාරවත් විය. අවසානයේ ලකුණු 151කට ආනන්ද පළමු ඉනිම සීමා විය.

පළමු දිනය අවසන් වන විට පළමු ඉනිමේ ජයක් ආසන්නයට පැමිණීමට සාන්ත පීතර විද්‍යාලයට හැකි විය. නොදැවී ක්‍රීඩා කරන රන්මිත් ජයසේන හා ශාලිත් ප්‍රනාන්දු පිළිවෙළින් ලකුණු 36*ක් හා ලකුණු 32*යි.

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම – 151/10 (59.3): ලහිරු හිරණ්‍ය 57, කමේෂ් නිර්මාල් 31, හසිඳු ශාමික 25*, ශිවාන් පෙරේරා 3/13, තාරික් සාබූර් 3/37.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම  (පළමු දිනය අවසානයේ) – 147/2 (35): ශැනොන් ප්‍රනාන්දු 65, රන්මිත් ජයසේන 36*, ශාලිත් ප්‍රනාන්දු 32*.

මෙම තරග සියල්ලම හෙට (6) දෙවන දිනටත් පැවැත්වේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න