ඉන්දියාව සමඟ සටනට සැරසෙන ඕස්ට්‍රේලියානු එක්දින බලඇණිය නම්කෙරේ

1002

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා සහභාගී වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම සඳහා ප්‍රබල වෙනස්කම් කිහිපයක්ම සිදු කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබීම කැපී පෙනේ.

ශ්‍රී ලංකා – නවසීලන්ත 20-20 තරගයට නවසීලන්තයෙන් නව නායකයෙක්

එළඹෙන සිකුරාදා දිනයේ දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගය සඳහා වන නවසීලන්ත කණ්ඩායම අද දිනයේ දී (4) ප්‍රකාශයට පත්කර…

දැනට ලොව එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හී හයවැනි ස්ථානය දක්වා පල්ලම් බැසීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සිදු වී තිබෙන්නේ දිගින් දිගටම ඔවුන් ලද තරගාවලි පරාජයන් නිසාවෙනි. ඒ අතරින් පසුගිය වසරේ දී එංගලන්තය සහ දකුණු අප්‍රිකාව හමුවේ ලද අමිහිරි පරාජයන් කැපී පෙනේ. එම නිසාවෙන් ඔවුන් මෙම පරාජිත මානසිකත්වයෙන් මිඳී නැවත තම සුපුරුදු ජයග්‍රාහී මාවතට පිවිසීමට අවශ්‍ය කරන සවිමත් සංචිතයක් ගොඩ නැඟීමේ මූලාරම්භය වශයෙන් දැනෙන වෙනස්කම් කිහිපයක් සමඟින් 14 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් එළිදක්වා තිබේ.

ටෙස්ට් තරග විශේෂඥයන් ලෙස නමක් දිනා සිටින වේගපන්දු යවන පීටර් සිඩ්ල්, ආරම්භක පිතිකරු උස්මාන් කවාජා සහ පසුගිය වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ දැමූ දඟපන්දු යවන ක්‍රීඩක නේතන් ලයන් කලකට පසු නැවතත් එක්දින වරම් හිමි කරගෙන තිබීම තරමක් කතා බහට ලක්වන පුවතක් බවට පත් වී තිබේ. ඒ අනුව සිඩ්ල් සමඟ එක්වන ජේසන් බෙරෙන්ඩොර්ෆ්, බිලි ස්ටැන්ලේක් සහ ජ්යේ රිචඩ්සන් නව මුහුණුවරකින් යුත් වේගපන්දු බලඇණියක් නිර්මාණය කිරීමට සමත් වී ඇත.

පසුගිය වසර අවසානයේ ජිලට් කුසලානය වෙනුවෙන් දකුණු අප්‍රිකාව සමඟ පැවති එක්දින තරගාවලියෙන් 2-1ක් ලෙස ලද පරාජයත් සමඟ පිතිකරුවන් වශයෙන් එම තරගාවලිය තුල දී අසාර්ථක වූ ට්‍රැවිස් හෙඩ්, ක්‍රිස් ලින්, ඩි ආර්සි ෂෝට් සහ බෙන් මැක්ඩර්මෝට් මෙවර සංචිතයෙන් ඉවතට විසි වී ගොස් ඇති අතරම ඕස්ට්‍රේලියානු වේගපන්දු බලඇණියේ ප්‍රධාන බල කණු ත්‍රිත්වය වන මිචෙල් ස්ටාක්, ජොෂ් හේසල්වුඩ්‍ සහ පැට් කමින්ස් ඉන්දියාව සමඟ තවමත් ක්‍රියාත්මක වන තරග 4කින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව විවේක ගැන්වීමට තීරණය කර තිබේ.

අඩුපාඩු සකසා ගෙන එකට එක කිරීමේ අරමුණින් සිංහයින් පිටියට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වුණු පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 45කින් ජය ගත් නවසීලන්තය 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් විය.

සිව්වැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා නොකළ ඒරොන් ෆින්ච් හට සුපුරුදු ලෙස කණ්ඩායම මෙහෙයවීමේ කාර්යභාරය හිමි වී ඇති අතර ඔහුට සහය වීම සඳහා උපනායක ධූරය ඇලෙක්ස් කැරේ සහ මිචෙල් මාෂ් හට පැවරී ඇත. ෂෝන් මාෂ්, තුන් ඉරියව් ක්‍රීඩකයින් වන ග්ලේන් මැක්ස්වේල් සහ මාකස් ස්ටොයිනිස් මෙන්ම පිට දඟපන්දු යවන ඇඩම් සැම්පා නැවත වරක් සිය ස්ථාන එලෙසින්ම තහවුරු කරගැනීමට සමත් වී ඇත.

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

foxsports.com.au පීටර් සිඩ්ල්

“පසුගිය සමයේ අපේ එක්දින කණ්ඩායමේ දැවැන්ත පසුබෑමක් පැහැදිලිව දකින්නට ලැබුණා. ඒක නිසා තේරීම කමිටුව සහ පුහුණුකරුවන් ඇතුළුව කණ්ඩායමේ තාක්ෂණික නිලධාරීන් සියලු දෙනා එකතු වෙලා කණ්ඩායමේ ප්‍රගති සමාලෝචනයක් කිරීමට අපි තීරණය කළා. එහි දී කණ්ඩායමේ පවතින දුර්වලතා හඳුනා ගෙන කණ්ඩායමක් වශයෙන් අපි දියුණු කරගන්න ඕන අංශයන් පිළිබඳ හොඳ අවබෝධයක් ලැබුණා. ඒවගෙන් උපරිම ප්‍රයෝජනය ලබාගෙන කණ්ඩායම පුළුවන් ඉක්මනින් ජයග්‍රාහී මානසිකත්වයට ගෙන එන්නට අපි විශාල උත්සහයක් දරනවා.” යනුවෙන් මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන තේරීම් භාර නිලධාරි ට්‍රෙවර් හොන්ස් මහතා ප්‍රකාශ කර සිටියේය.

ගියවර බිග් බෑෂ් තරගවාරයේ දී මැනවින් පන්දු යැවීමේ  කාර්‍යභාරය ඉටු කරමින් කඩුලු අතරට පැමිණි පීටර් සිඩ්ල් වසර 8කට පසු නැවතත් එක්දින කණ්ඩායම සමඟ එක්වීම ගැන අදහස් දැක්වූ හොන්ස් මහතා ඒ පිළිබඳ තමන්ගේ ප්‍රසාදය මෙසේ පළ කිරීමට අමතක නොකළේය.

“2010 වසරෙන් පසු ප්‍රථම වතාවට පීටර් නැවතත් එක්දින කණ්ඩායම සමඟ එක්වීම අනෙක් ක්‍රීඩකයින්ටත් විශාල හයියක්. මොකද ඔහු ඉතාමත් අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්. ගතවෙච්ච වසර කිහිපයේ දී ම සුදු පන්දුවෙන් විශිෂ්ට දක්ෂතා පෙන්නට සමත් වුන නිසා තමයි ඔහුව සංචිතයට ඇතුලත් කරගැනීමට අපි තීරණය කළේ.”

නේතන් ලයන්ගේ එක්දින තරග ආගමනය පිළිබඳ තම අදහස් ඒ මහතා මෙසේ ගොනු කරන්නට විය.

andaz.tv නේතන් ලයන්

“නේතන් තමයි දැනට ලෝකයේ සිටින හොඳම පා දඟපන්දු යවන්නා. අපි කළ අධ්‍යනයකින් පෙනුණ දෙයක් තමයි නිවැරදි අවස්ථාවල දී වගේම උචිත පාරිසරික තත්ව යටතේ දී සුදු පන්දුවෙන් දඟපන්දු යවන ක්‍රීඩකයින් දෙන්නෙක් යොදා ගැනීම ගොඩක් වේලාවන් වලදී  සාර්ථක කණ්ඩායම් බහුලව යොදා ගන්න එක් උපාය මාර්ගයක් කියන එක. අපි උත්සහයක් ගන්නවා මේ අත්හදා බැලීම් වලින් ලෝක කුසලානයට වැඩියෙන් සුදුසු උපායමාර්ග තෝරා බේරා ගන්න.”

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත සීමිත පන්දුවාර තරගාවලියේ පළමු එක්දින ජාත්‍යන්තර තරගය ජනවාරි 12 වැනිදා සිඩ්නි හිදී ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඕස්ට්‍රේලියා එක්දින සංචිතය – ඒරොන් ෆින්ච් (නායක), උස්මාන් කවාජා, මිචෙල් මාෂ්, ෂෝන් මාෂ්, ඇලෙක්ස් කැරේ, ග්ලේන් මැක්ස්වේල්, මාර්කස් ස්ටොයිනිස්, පීටර් හෑන්ඩ්ස්කෝම්බ්, බිලි ස්ටැන්ලේක්, ජ්යේ රිචඩ්සන් (කඩුලු රකින්නා), පීටර් සිඩ්ල්, නේතන් ලයන්, ඇඩම් සැම්පා, ජේසන් බෙරෙන්ඩොර්ෆ්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<