ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

533

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන වයසින් වැඩිම ක්‍රීඩකයා වන Dinesh Karthik ඊයේ (31) දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගය අතරතුර ආබාධයට ලක්ව තිබෙනවා.

එම නිසාවෙන් ඔහුට තරගාවලියේ සුපිරි 12 වටයේ බංග්ලාදේශය සමඟ බදාදා (11) පැවැත්වීමට නියමිත තරගය අහිමි වීමේ අවදානමක් ද මතුව තිබෙනවා.

තරගාවලියේ මේ දක්වා සාර්ථක වීමට Dinesh Karthik හට නොහැකි වූ අතර ඔහුට ඊයේ (11) තරගයේ ද පන්දු 15කට මුහුණ දෙමින් ලබා ගැනීමට හැකි වුනේ ලකුණු හයක් පමණයි.

පිතිකරණයෙන් අනතුරුව දකුණු අප්‍රිකානු ඉනිමේ පන්දුවාර 15ක් කඩුලු රැකීමෙන් පසුව Dinesh Karthik ආබාධයකින් පෙළුණු දක්නට ලැබූ අතර පසුව ඔහුව ක්‍රීඩා පිටියෙන් ඉවතට රැගෙන යාමට ඉන්දීය භෞතික චිකිත්සකවරයා කටයුතු කළා.

ඔහුගේ ආබාධයේ තත්වය මෙතෙක් නිවැරදිව දැන ගැනීමට නොහැකි නමුත් එය පර්ත් හී ඇති අධික ශීතල නිසාවෙන් විටින් විට ඇති වන කොන්දේ වේදනාවක් වීමට ද බොහෝ ඉඩක් තිබෙනවා.

සිය කණ්ඩායම් සඟයාගේ ආබාධය පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය ක්‍රීඩක Bhuvneshwar Kumar ප්‍රකාශ කළේ, “මම දන්නවා ඔහුට කොන්දේ ආබාධයක් තිබුණා. ආබාධය පිළිබඳව ලබා දෙන වාර්තාවෙන් පසුව අපිට ඒ ගැන දැනගන්න ලැබෙයි.”

>> Photos – South Africa vs India | ICC Men’s T20 World Cup 2022 – Super 12 Round

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයට තවත් ඉතිරිව ඇත්තේ කෙටි වේලාවක් පමණක් නිසා එම තරගයට ක්‍රීඩා කරන්නේ නම් Dinesh Karthikට ඉතා ඉක්මනින් සුව අතට පත්වීමට සිදු වෙනවා.

Dinesh Karthik ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වීමෙන් පසුව ඉතිරි පන්දුවාර කිහිපයේ දී Rishabh Pant කඩුලු රැකීමේ කාර්යයේ නිරත වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<