පාසල් රග්බි තරග තවතවත් කල් යන ලකුණු!

331

පසුගිය පාස්කු ඉරිදා දිනයේ දී සිදු වූ ඛේදවාචකය හේතුවෙන් දිවයිනේ උද්ගත වී ඇති තත්වය සැලකිල්ලට ගනිමින්, 2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පැවැත්වීමට නියමිතව තිබූ සියලු තරග, ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ තීරණය මත මැයි මස අවසානය දක්වා කල් දැමීමේ සම්භාවිතාවක් ඇති බව වාර්තා වේ.

Video – පලඟ ශූරතාවය ඔසවන්නේ කවුද?

සති 5ක වෙහෙසකාරී පළමු වටයෙන් පසු පලඟ ශූරතාවය ඔසවන්නේ කවුද?….

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ ලේකම් නිරෝධ විජේරාම මහතාගෙන් තරගාවලිය පිළිබඳ ThePapare.com විමසූ විට ඔහු ප්‍රකාශ කර සිටියේ, “අපි තවමත් මේ පිළිබඳව කිසිදු තීරණයක් අරගෙන නැහැ. මෙම තරගාවලිය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තිබෙන තරගාවලියක් නිසාවෙන් ඉදිරියේ දී ගනු ලබන තීරණ සම්බන්ධයෙන් අපි අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කළ යුතුයි” යනුවෙනි.  

“දැනට වාර්තා වී ඇති ආකාරයට දිවයිනේ සියලු පාසල් නැවත ආරම්භ වෙන්නේ මැයි මස 6 වැනිදා, බොහෝ වෙලාවට ඒ වන තුරු කිසිදු රග්බි තරගයක් නොපැවැත්වෙනු ඇති, ඒ වගේම අපි තරගාවලිය ඉදිරියට ගෙන යනවා නම් අධ්‍යාපන ඇමතිවරයා හමුවේ මේ පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගත යුතු වෙනවා.” යනුවෙන්  ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ සංචාරයට සූදානම්

මැලේසියාවේ දී සුහද පුහුණු තරග සංදාරයක් සඳහා 39 දෙනෙකුගෙන්……

මෙවර පාසල් රග්බි ලීගයේ දෙවන වටය අප්‍රේල් මස 20 වැනිදා ආරම්භ විය. තරගාවලියේ දෙවන වටයේ තවත් සති පහක තරග ඉතිරිව ඇති අතර එම තරග ඉදිරියේ දී පැවැත්වෙනවා ද, නැති ද යන්න පිළිබඳව අවසන් තීරණය මැයි මස 7 වැනිදා නිවේදනය කරනු ඇත.

එසේම 75 වැනි බ්‍රැඩ්බි පලිහ රග්බි සංග්‍රාමය සම්බන්ධයෙන් ද තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැත. කොළඹ රාජකීය විදුහල හා මහනුවර ත්‍රිත්ව විදුහල අතර පැවැත්වෙන සාම්ප්‍රදායික බ්‍රැඩ්බි සංග්‍රාමය මැයි මස 11 වැනිදා හා 25 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ නමුත් එම දිනයන් හී වෙනස් කිරීමක් සම්බන්ධයෙන් මෙතෙක් එම පාසල් දෙකේ සංවිධායකයින් විසින් සාකච්ඡා කර නොමැත.

ඕස්ට්‍රේලියානු ප්‍රබලයාගේ ගමන කල් යයි

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත රග්බි තරගාවලි සඳහා උපදේශකවරයෙකු…..

පාසල් රග්බි ලීග් තරගාවලිය මැයි මස අවසානය තෙක් කල් ගියහොත් බ්‍රැඩ්බි තරග ද කල්යාමට වැඩි ඉඩකඩක් පවතී. එසේම ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයෙන් සංවිධානය කරන සියලු තරගවල දිනයන් ද ඒ අනුව වෙනස් වනු ඇත.

පසුගිය වසරේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව සියලු ක්‍රීඩා කටයුතු සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා නොවන ආකාරයට පැවැත්විය යුතු නිසාවෙන් අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙරාතුව එනම්, ජූලි මස 30 වැනිදා වන විට තරගාවලිය පවත්වා අවසන් කිරීමට සිදු වනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<