විනුර හා නවෝද් ගාල්ලට එළියක් වෙයි!

382

19න් පළමු පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (25) නිමා වූ ගල්කිස්ස සාන්ත තෝමස් හා සාන්ත ජෝසප් විද්‍යාල අතර තරගයේ පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලයට හැකි විය. ගාල්ල මහින්ද විද්‍යාලය දැවැන්ත ලකුණකට ගිය අද දිනය තුළ විනුර දුල්සර හා නවෝද් පරණවිතාන අගනා ශතක ද්විත්වයක් වාර්තා කිරීමට සමත් විය.

එසේම අද පළමු දිනයට ක්‍රියාත්මක වූ තවත් තරගයකින් ඉසිපතනය අභිබවා නැගී සිටීමට මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට හැකි විය.

සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයින් බණ්ඩාරනායකයින් පරාජය කරයි

ක්‍රම ක්‍රමයෙන් උණුසුම් වන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග …

සාන්ත තෝමස් විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය

සාන්ත තෝමස් විද්‍යාලයීය පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තරගය සත්කාරක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි කර දෙමින් අවසන් විය.

ඊයේ දිනය අවසන් වන විට සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 37ක් ලබාගෙන සිටියේය. මන්තිල විජේරත්න හා ශලින් ද මෙල් පිළිවෙළින් ලකුණු 55ක් හා ලකුණු 40ක් ලබාගෙන ඔවුන්ට පළමු ඉනිමේ ජයක් වෙත යාමට අවැසි ලකුණු පුවරුව නිර්මාණය කරන ලදි. පන්දු යැවීමේ දී අශේන් ඩැනියල් කඩුලු 4යි.

සාන්ත තෝමස් විද්‍යාලය සිය මුල් ඉනිම අත්හිටු වීමෙන් පසුව සාන්ත ජෝසප් විද්‍යාලය තරගය අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 80ක් ලබා ගත්තේය.

සාන්ත ජෝසප් විද්‍යාලය – 220/10 (74.4): දුනිත් වෙල්ලාලගේ 59, ජෙහාන් ද සිල්වා 47, ලක්ෂාන් ගමගේ 47, මිහිරංග වික්‍රමගේ 29*, ශැනොන් ප්‍රනාන්දු 3/20, මොහොමඩ් අසාම් 3/62.

සාන්ත තෝමස් විද්‍යාලය –  221/7d (103): මන්තිල විජේරත්න 55, ශලින් ද මේල් 40, සිතාර හපුහින්න 39, ඩෙලෝන් පිරිස් 32*, අශේන් ඩැනියල් 4/57.

සාන්ත ජෝසප් විද්‍යාල දෙවන ඉනිම – 80/4 (23):


ගාල්ල මහින්ද විද්‍යාලය හා කඳාන ද මැසනඩ් විද්‍යාලය

තරගයේ ආරම්භක දිනය තුළම ශතක දෙකක් වාර්තා වූ මෙම තරගයේ පළමු දිනය වූ අද දිනය අවසන් වන විට පළමු ඉනිම ක්‍රියාත්මක කරන ද මැසනඩ් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 44ක් ලබාගෙන සිටී.

D කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී කාසියේ වාසිය දිනාගත් මහින්ද විද්‍යාලය වෙනුවෙන් වමතින් පිත්ත හසුරුවන විනුර දුලසර හා නවෝද් පරණවිතාන ශතක වාර්තා කරන ලදි. ඊට අමතරව තවත් එක් අර්ධ ශතකයක් සිය විද්‍යාල ලකුණු පුවරුවට එක් කිරීමට කේ. කේ. කෙවින්ට හැකි විය. අවසානයේ කඩුලු 3ක් දැවී  ලකුණු 330ක් ලෙස දැක්වූ පළමු ඉනිම අත්හිටු වීමට ඔවුන් තීරණය කළේය.

මහින්ද විද්‍යාලය – 330/3d (73): විනුර දුල්සර 123, නවෝද් පරණවිතාන 121, කේ. කේ. කෙවින් 50*.

ද මැසනොඩ් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 44/1 (26):


මලියදේව විද්‍යාලය හා සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් ලෙස අද ආරම්භ වූ මෙම තරගය පල්ලෙකැලේ බන්ධනාගාර පිටියේ පැවැත්විය.

කාසියේ  වාසිය දිනාගත් මලියදේව විද්‍යාලය වෙනුවෙන් යළිත් අර්ධ ශතකයක් ලබාගෙන සිය ඉනිම සවිමත් කිරීමට මුදිත ප්‍රේමදාසට හැකි විය. පන්දු යැවීමේ දී නිස්සංක ලකුණු 30ක් තුළ කඩුලු 5ක් දවා ගන්නා ලදි. කනිෂ්ක ජයසේකර 36යි.

තරගයේ විනිසුරුවරුන් විසින් දිනයේ නිමාව සටහන් කරන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය මලියදේව පළමු ඉනිමට වඩා තවත් ලකුණු 46ක් පසුපසින් පසු වේ. නොදැවී කඩුල්ලේ රැඳී සිටින නදීර බාලසූරිය හා මන්ජිත් රාජපක්ෂ පිළිවෙළින් ලකුණු 39*ක් හා ලකුණු 30*යි.

මලියදේව විද්‍යාලය – 175/10 (51.4): මුදිත ප්‍රේමදාස 63, සංජීවන් ප්‍රියදර්ශන 24, හුසිඳු නිස්සංක 5/30, කනිෂ්ක ජයසේකර 3/31.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 129/4 (45): නදීර බාලසූරිය 39*, මන්ජිත් රාජපක්ෂ 30*.


ඉසිපතන විද්‍යාලය හා මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

කටුනේරිය පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තරගයේ දී අයන සිරිවර්ධන ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගත්තේය. කාසියේ වාසිය දිනූ ඉසිපතන විද්‍යාලය සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 189ක් රැස් කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී අවීශ බැගින් ද හා රවිඳු ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

අනතුරුව පිටියට පිවිසි මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය වෙනුවෙන් ලසිත් කෘෘස්පුල්ලේ හා රොශේන් ප්‍රනාන්දු අර්ධ ශතක ලබාගෙන තරගයේ පළමු දිනය තුළම සිය පළමු ඉනිමේ ජය තහවුරු කරගත්තේය. මදුශික සඳරුවන් කඩුලු 3යි.

ඉසිපතන විද්‍යාලය – 189/10 (41): අයන සිරිවර්ධන  50, අනුප හේරත් 37, අවීෂ බගින්ද 3/35, රවිඳු ප්‍රනාන්දු 3/52.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 243/5 (50): ලසිත් කෘෘස්පුල්ලේ 74, රොශේන් ප්‍රනාන්දු 57, රවිඳු ප්‍රනාන්දු 27, මදුශික සඳරුවන් 3/40.

ඇෆ්ගනිස්ථානය අවසන් 4ට යද්දී ශ්‍රී ලංකාව නවයට තරග වදියි

සිම්බාබ්වේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා …


මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය

තරගයේ ආරම්භක දිනය තුළම කඩුලු 17ක් ඩැහැ ගන්නා ලද මෙම තරගය මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ ක්‍රියාත්මක විය.

A කාණ්ඩයේ මෙම තරගයේ කාසියේ වාසිය සිය වාසියට හරවාගත් සත්කාරක සාන්ත තෝමසුවන් පළමුව පන්දු යවා ත්‍රිත්ව පළමු ඉනිම ලකුණු 122කට සීමා කළේය. හසින්ත ජයසූරිය ලකුණු 43යි. එවන් අඩු ලකුණකට ත්‍රිත්ව ඉනිම සීමා කළ සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ලහිරු ඩිල්ශාන් කඩුලු 5යි.

සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ සාන්ත තෝමස් පිතිකරුවන් හට ද පිත්තෙන් සාර්ථකත්වයට පත්වීමට නොහැකි විය. දිනය අවසන් වන විට ඔවුන්ගේ ලකුණු සටහන කඩුලු 7ක් දැවී ලකුණු 87යි.

ත්‍රිත්ව විද්‍යාලය – 122/10 (44.3): හසින්ත ජයසුරිය 43, ලහිරු ඩිල්ශාන් 5/17.

සාන්ත තෝමස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 87/7 (32): ට්‍රෙවෝන් පර්සිවෙල් 3/07.

පළමු දිනයට පැවැත්වූ තරග සියල්ලම හෙට (26) දෙවන දිනටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<