දුලාජ් හා අංජන අර්ධ ශතක ඉනිම් දියත් කරයි

151

වාර්ෂික පාසල් ක්‍රිකට් සමයේ උණුසුම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින මොහොතක පැවැත්වෙන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (7) ආරම්භ විය. එම තරගවල දී ආනන්ද විද්‍යාලයේ දුලාජ් බණ්ඩාර හා සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ අංජන රුක්මාල් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ.

සාන්ත ජෝන් හා ජනාධිපති විද්‍යාල අතර තියුණු සටනක්

අද (6) දිනය තුළත් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ තරග කිහිපයක්ම අවසන් විය. ඒ අතුරින් තර්ස්ටන්, ජනාධිපති, නාලන්ද හා සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරන ලදි. ඒ අතුරින් පානදුර සාන්ත ජෝන් විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර පැවැත්වූ තරගය තියුණු සටනකට පසුව අවසන් විය.

ආනන්ද විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය

ධර්මරාජ ක්‍රීඩා පිටියේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සත්කාරක නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

බවන්ත උඩන්ගමුවගේ එම තීරණය සාර්ථක කර ගැනීමට ධර්මරාජ පිතිකරුවන් අපොහොසත් වූයේ ලකුණු 157ක් වැනි අවම ලකුණකට ඔවුන්ගේ පළමු ඉනිම සීමා කරමිනි. එහි දී අසේල සිගේරා ඇතුළු ආනන්ද පන්දු යවන්නන්ගේ දස්කම් කැපී පෙණින. දකුණතින් පිත්ත හසුරුවන දුලාජ් බණ්ඩාරගේ අර්ධ ශතක ඉනිම නිසා එවන් හෝ ලකුණකට යාමට ධර්මරාජ විද්‍යාලයට අවස්ථාව ලැබුණි. තරගයේ පළමු දිනය අවසන් වන විට ආනන්ද විද්‍යාල පළමු ඉනිම එක් කඩුල්ලක් දැවී ලකුණු 74යි.

ධර්මරාජ විද්‍යාලය – 137/10 (45.2): දුලාජ් බණ්ඩාර 73, ඉසුරු දයානන්ද 24, අසේල සිගේරා  3/32.

ආනන්ද විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 74/1 (11): කනිශ්ක රන්තිලකගේ 40*, දුශාන් හෙට්ටිගේ 23.

ජීවන් මෙන්ඩිස්ට විස්සයි විස්ස වරම් හිමි වේ

පා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් බංග්ලාදේශය සමඟ තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා ජාතික පන්දුවාර 20 ක්‍රිකට් සංචිතයට කැඳවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. තරග දෙකකින් සමන්විත මෙම පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පෙබරවාරි 15 වැනිදා පැවැත්වෙන අතර දෙවන තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ පෙබරවාරි 18 වැනිදා යි.

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට සාන්ත සර්වේසස් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 59ක් ලබාගෙන තිබුණි. කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත සර්වේසස් විද්‍යාලය කටුනේරිය සාන්ත සෙබස්තියන් පිටියේ පළමුව පන්දු රකින ලදි.

අංජන රුක්මාල් ලකුණු 55ක් ලබාගෙන සාන්ත ජෝසප් වාස් පළමු ඉනිමට යම් සහනයක් ගෙන එද්දී නිපුන් දනංජය ලකුණු 39ක් ලකුණු පුවරුවට එකතු කරන ලදි. පන්දුවාර 47යි පන්දු 3ක් තුල ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 169ක් වන අතර ශසික දුල්ශාන් කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 169/10 (47.3): අංජන රුක්මාල් 55, නිපුන් දනංජය 39, තිලාන් ප්‍රදීප්ත 25, ශසික දුල්ශාන් 6/21.

සාන්ත සර්වේසස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 59/2 (21): සුපුන් කාවින්ද 40*.

සාන්ත ජෝසප් විද්‍යාලය හා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර මුරලි වාස් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන පාසල් ක්‍රිකට් තරගය හෙට (8) උදෑසන 9.30 සිට සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<