සර්වාන් උපදේශකයෙක් ලෙස කොදෙව් කණ්ඩායමට

179

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වූ රාම්නරේශ් සර්වාන්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස නම් කර තිබේ.

කැන්ගරු ආධිපත්‍යය යළිත්?

තවත් නොබෝ දිනකින් ඇරඹීමට නියමිත ICC ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කරන ලද දෙවන කණ්ඩායම…

මෙම වසරේදී පැවැත්වීමට නියමිත 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහ එළඹෙන මැයි මසදී බංග්ලාදේශය සහ අයර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා මෙලෙස රාම්නරේශ් සර්වාන්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස නම් කර ඇත.

හිටපු සුපිරි පිතිකරුවෙකු වූ සර්වාන් වසර 13 ක සාර්ථක ක්‍රිකට් ගමනකින් අනතුරුව පසුගිය 2016 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් මේ සුපිරි ක්‍රීඩකයා කොදෙව්වන්ගේ අයර්ලන්ත සංචාරයට පෙර බාර්බඩෝස් හීදී පැවැත්වෙන පුහුණු කඳවුර සඳහාද මේ දිනවලදී එක්ව සිටින බව වාර්තා වේ.

කෙසේ නමුත් එළඹෙන ලෝක කුසලාන තරගාවලියට සහ අයර්ලන්තය සහ බංග්ලාදේශය සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය නම් කර ඇති සහාය කාර්ය මණ්ඩලයට සර්වාන් ඇතුළත්ව නොමැත. එසේ වුවත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පිතිකරණ අංශය දියුණු කිරීම සඳහා සර්වාන්ගේ අත්දැකීම් උපයෝගී කර ගැනීමට නියමිතය.

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිලට ඉන්දියාවෙන් අනුග්‍රාහකයෙක්

ලබන මැයි මස 30 වැනිදා සිට එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට…

නමුත් සර්වාන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා එංගලන්තය සහ වේල්සය බලා සංචාරය කරනවාද යන්න මෙතෙක් නිවේදනය කර නොමැත.

මෙම පත්වීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාම්නරේශ් සර්වාන් ප්‍රකාශ කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ හිටලු කඩුලු රකින ක්‍රීඩකයෙකු වන වර්තමාන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ ජිමි ඇඩම්ස් මහතා විසින් මෙම තනතුර භාර ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබූ බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් සර්වාන් ප්‍රකාශ කර ඇත්තේ ජිමි මෙම පුවත තමන්ට දැනුම් දුන් පසු තමන් කම්පනයට පත්වූ බවයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් ඕනෑම තාක්ෂණික ක්‍රමයකට සහ එම ක්‍රම දියුණු කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කර තිබේ.

ගාම්භීර් දේශපාලන කරළියට

හිටපු ඉන්දීය ආරම්භක පිතිකරුවෙකු වූ ගෞතම් ගාම්භීර් දේශපාලනයට පිවිසීම පිළිබඳ පුවතක් වාර්තා වේ. වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි …

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ෆ්ලොයිඩ් රෙයිෆර් සමඟ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින්ගේ දක්ෂතා දියුණු කිරීමට තමන් බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කර තිබේ.


>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<