ගාම්භීර් දේශපාලන කරළියට

237

හිටපු ඉන්දීය ආරම්භක පිතිකරුවෙකු වූ ගෞතම් ගාම්භීර් දේශපාලනයට පිවිසීම පිළිබඳ පුවතක් වාර්තා වේ. වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය (BJP) වෙත ඔහු තම ඉල්ලුම් පත්‍රය භාර දී ඇත.

මම මේ පක්ෂයට එකතු වෙන්නේ අගමැතිවරයා සහ ඔහුගේ දැක්මෙන් ඇතිවූ පෙළඹවීම නිසා” ගාම්භීර් රොයිටර් හමුවේ අනාවරණය කොට තිබුණි.

ලෝක කුසලාන සටනට සැරසෙන බෙංගාල ව්‍යාඝ්‍රයන්

එළඹෙන මැයි මස 30 වෙනිදා එංගලන්තය සහ වේල්සය කේන්ද්‍ර …..

ක්‍රිකට්වලින් මට පුළුවන් දේ මම කරලා තියෙනවා. මේ පක්ෂයත් ඉදිරියට ගෙන ගිහින් රට වෙනුවෙන් ඉතාම හොඳ යමක් කරමින් අපේ රට ජීවත් වීමට වඩාත් සුදුසු තැනක් බවට පත්කිරීමට මෙය මට හොඳ වේදිකාවක්.” යැයි 37 හැවිරිදි ගාම්භීර් තවදුරටත් පැවසුවේය. 2011 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවට ලබා දීම සඳහා ලකුණු 97කින් දායක වූ ඔහු ක්‍රිකට් පිටියේ කුකුල් කේන්තිකාරයෙකු ලෙස සහ නායකයෙකු ලෙස ද ප්‍රකට ය.

කෙසේ වෙතත් දැනට ඔහු මාධ්‍ය හමුවේ පවසන අදහස්වලට අනුව නම් ඔහු වත්මන් දේශපාලනය ගැන ද හොඳ වැටහීමක් ඇති අයෙකු බව නිගමනය කළ හැකිය. ජනතා සිත් දිනා ගන්නා අයුරින් කතාබහ කිරීමට ඔහු ඉගෙන ගෙන ඇත. එහෙත් පක්ෂයේ මැතිවරණ කමිටුවේ අනුමැතිය ලැබෙන තෙක් ඔහුව අපේක්ෂකයෙකු ලෙස නම් නොකෙරෙනු ඇත. අප්‍රේල් 11 වැනිදා සිට මැයි 19 වැනිදා දක්වා අදියර 7කින් පැවැත්වෙන මැතිවරණයෙන් 17 වැනි ඉන්දියානු ලෝක් සභාවේ මීළඟ මන්ත්‍රී කණ්ඩායම තෝරාපත් කරගනු ඇත.

කෙසේ වෙතත් දේශපාලන කතා නම් අපට සුපුරුදු ලෙසම අස්ථිර ය. ගාම්භීර්ට පෙර ඉන්දියානු මැතිවරණයට ඉදිරිපත් වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක නව්ජෝට් සිං සිධු පසුව තම පක්ෂය මාරු කළේය. ඒ සියල්ලට පෙර ගාම්භීර් හට මැතිවරණ නාම යෝජනා ලැබිය යුතුය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<