ජාවා ලේන් ක්‍රීඩකයින් බන්ධනාගාර ක්‍රීඩකයෝ මට්ටු කරයි

159
FA Cup 2016/17 Java Lane SC v Prison SC

2016/17 කාර්ගීල්ස් ෆුඩ් සිටි එෆ්. ඒ. කුසලාන තරගාවලියේ තුන්වන වටයේ තරගයක් අද (22)  සිටි ලීග් පාපන්දු සංකීර්ණයේ දී පැවති අතර එහි දී ගෝල 2 – 0ක් ලෙස බන්ධනාගාර ක්‍රීඩා සමාජය පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට ජාවා ලේන් ක්‍රීඩා සමාජය සමත් විය.

ජාවා ලේන් හමුවේ කුරේ සමාජයට දැවැන්ත පරාජයක්

මොහොමඩ් අබ්දුල්ලාගේ ගෝල ත්‍රිත්වයත් සමඟින් ගෝල 06-01ක් ලෙස කුරේ ක්‍රීඩා සමාජය පරාජය කිරීමට ජාවා ලේන් ක්‍රීඩා සමාජය සමත් විය. ඒ අද (19) පැවති සිටි ලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ එක් තරගයක් අතරතුර දීයි. තරගය සිටි ලීග් පාපන්දු සංකීර්ණයේ දී පැවැත්විය.

පසුගිය සතියේ පැවති සිටි ලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ මොහොමඩ් අබ්දුල්ලාගේ ගෝල ත්‍රිත්වයත් සමඟින් ගෝල 06-01ක් ලෙස කුරේ ක්‍රීඩා සමාජය පරාජය කිරීමට ජාවා ලේන් ක්‍රීඩා සමාජය සමත් වූයේ අද තරගය පැවති සිටි ලීග් පාපන්දු පිටියේ දීමයි.

තරගය ආරම්භයේ සිට විනාඩි 20ක් ඇතුළත දෙපිළටම නිදහස් පහර අවස්ථාවන් හිමිවූවත් ඒවා සාර්ථක කර ගැනීමට දෙපිළටම නොහැකි විය.

පළමු අර්ධයේ එක් අවස්ථාවක බන්ධනාගාර ක්‍රීඩා සමාජයේ ටී. ජයකෝපන් හට ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාව උදා වුනත්, පන්දුව ගෝල රාමුවෙන් පිටතට යොමු විය.

එම අවස්ථාව ගිලිහී විනාඩි කිහිපයකට පසු නැවතත් ඉක්මනින්ම ගෝලයක් වාර්තා කිරීමේ අවස්ථාව, බන්ධනාගාර ක්‍රීඩා සමාජ ක්‍රීඩක ප්‍රදීප් දනුක හට හිමි වුවත් එම ගෝලය ද සාර්ථක කර ගැනීමට ජාවා ලේන් ආරක්ෂකයින් ඉඩ ලබා දුන්නේ නැත.

මෙලෙස ඉදිරියට ඇදුණු තරගයේ තවත් අවස්ථාවක දී මීටර් 30 පමණ දුරක සිට බන්ධනාගාර කණ්ඩායමේ විපුලසිරි යාපා එල්ල කළ පන්දුව ගෝල රාමුවේ දකුණු කෙළවරට ආසන්නයෙන් පිටතට යොමු විය. ඒ අයුරින් පළමු අර්ධයේ දී බන්ධනාගාර ක්‍රීඩා සමාජයට ගෝල ලබා ගැනීමට තිබුණු අවස්ථාවන් රැස් ගිලිහි ගියේය.

එ් අනුව මෙම අර්ධයේ දී දෙපිළම ලකුණු ලබා ගැනීමට දැඩි වෙහෙසක් ගත්ත ද, මෙතෙක් ක්‍රියාත්මක නොවූ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් 44 වන මිනිත්තුවේ දී අගනා ගෝලයක් වාර්තා කිරීමට ජාවා ලේන් ක්‍රීඩක මොහොමඩ් රිස්කාන් සමත් විය.

ප්‍රථම අර්ධය නිමා වීමට මොහොතකට පෙර ජාවා ලේන් කණ්ඩායමට නැවතත් පැති පහරක් හිමි වූ නමුත් එය සාර්ථක ගෝලයක් බවට පත් වූයේ නැත.

පළමු අර්ධය – ජාවා ලේන් 1 : 0 බන්ධනාගාර

දෙවන අර්ධය ආරම්භයත් සමඟ ජාවා ලේන් කණ්ඩායම විසින් පැති පහරක් හිමි කර ගත්ත ද, රිස්කාන් විසින් දක්ෂ ලෙස යොමු කළ පන්දුව ගෝලයක් බවට පත් කිරීමට මොහොමඩ් අබ්දුල්ලාට නොහැකි විය.

බන්ධනාගාර කණ්ඩායම විසින් සිදු වූ වැරැද්දක් හේතුවෙන් විනිසුරු විසින් ජාවා ලේන් කණ්ඩායමට දඬුවම් පහරක් ලබා දුන් නමුත් එය සාර්ථක කර ගැනීමට අබ්දුල්ලාට නොහැකි විය.

ජානක චමින්ද විසින් පිටියේ මැද සිට ගෝලය දෙසට එල්ල කල පන්දුව බන්ධනාගාර ගෝල රකින්නා විසින් වළක්වන ලදි. ඒ හේතුවෙන් ‍ජාවා ලේන් කණ්ඩායමට ඉතාම පහසුවෙන් ලබා ගැනීමට තිබුණු ගෝලයක් මඟ හැරී ගියේය.

මෙම අර්ධයේ දී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ආබාධ හේතුවෙන් පිටියෙන් ඉවත් කිරීමට සිදු විය.

මේ අතර තරගයේ ලකුණක් ලබා ගැනීමට දැඩිව අදිටන් කර ගත් බන්ධනාගාර ක්‍රීඩකයින් අවස්ථා කිහිපයක දී ගෝල රාමුව අක්‍රමණය කිරීමට උත්සහ කළත් ඒ සියල්ල ප්‍රතිවාදීන් විසින් සාර්ථකව වළක්වාලීමට සමත් විය.

කෙසේ නමුත් තරගයේ 77 වන මිනිත්තුවේ දී මාලක පෙරේරා පිටියේ වම් අන්තයේ සිට පැමිණ පන්දුව ගෝල රාමුව තුළට යොමු කළේ ප්‍රේක්ෂකයින් පවා මවිතයට පත් කරමිනි. එම ගෝලයත් සමඟ ලකුණු පරතරය 2ක් දක්වා වැඩි කර ගැනීමට ජාවා ලේන් ක්‍රීඩා සමාජය සමත් විය.

ජාවා ලේන් ක්‍රීඩක මාලක සහ චමින්ද මනා අවබෝධයකින් යුතුව ගෝල රාමුව දෙසට රැගෙන ආ පන්දුව මොහොමඩ් අලීම් වෙත යොමු කළේ ගෝලයක් බලාපොරොත්තුවෙන් වූ නමුත් එය සාර්ථක කර ගැනීමට ඔහු සමත් නොවීය.

ඉන් පසු තරගය අවසන් වන තෙක්ම කණ්ඩායම් දෙකම ගෝලයක් වාර්තා කිරීමට අපොහොසත් විය.

අවසන් ලකුණු තත්වය – ජාවා ලේන් ක්‍රීඩා සමාජය 02 : 00 බන්ධනාගාර ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: ප්‍රභාත් ජයසිරි (බන්ධනාගාර)

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින් –

ජාවා ලේන් ක්‍රීඩා සමාජය: මොහොමඩ් රිස්හාන් 44’, මාලක පෙරේරා 77’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට