බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩකයෙකුටත් වසර දෙකක තහනමක්

154
Athletics Weekly

Cocaine මත්ද්‍රව්‍යය භාවිතා කර ඇති බවට තහවුරු වීම නිසාවෙන් බ්‍රිතාන්‍ය දිගු දුර ධාවන ශූරයෙකු වූ Briton Luke Traynor හට වසර දෙකක තරග තහනමක් පැනවූ බව “UK Anti-Doping” ඒකකය විසින් නිවේදනය කරන ලදි.

වත්මන් ලොව වේගවත්ම මිනිසාට තහනමක්

මේ වන විට 26 වැනි වියේ පසුවන ඔහු පසුගිය වසරේ පැවති “Vitality London 10km” තරගයෙන් පසුව සිදු කළ පරීක්ෂණයේ දී මෙම තහනම් ද්‍රව්‍යය භාවිත කර ඇති බව තහවුරු වීම නිසාවෙන් තාවකාලික තරග තහනමක් පැනවීමට පසුගිය ජූලි මාසයේ දී එක්සත් රාජධානියේ මලල ක්‍රීඩා බලධාරීන් කටයුතු කර තිබුණි.

සිදුවීම පිළිබඳව සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව ඔහුට වසර දෙකක තරග තහනමක් පැනවීමට කටයුතු කළ බව “UK Anti-Doping” ඒකකය විසින් ඊයේ දින (23) නිවේදනය කරන ලදි.

ඒ අනුව ඔහු හට 2019 මැයි මස 27 වැනිදා සිට 2021 මැයි මස 26 වැනිදා දක්වා තරග තහනමක් පැනවෙන අතර මෙම තීරණය පිළිබඳව දැනුම් දෙමින් “UK Anti-Doping” ඒකකය ප්‍රකාශ කර සිටියේ තරගයට පෙර මෙම මත්ද්‍රව්‍ය භාවිතා කළත්, ඒවා තම ශරීරය තුළ පවතින බව ක්‍රීඩකයන් දැන ගත යුතු බවයි.

මහා බ්‍රිතාන්‍ය නියෝජනය කරමින් දිගු දුර ධාවන පිටියේ දස්කම් දැක්වීමට සමත් වූ Traynor 2019 වසරේ පැවති ලෝක රට හරහා දිවීමේ ශූරතාවලියට සහ 2018 වසරේ පැවති ලෝක අර්ධ මැරතන් ශූරතාවලියට සහභාගි වීමට ද සමත් විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<