“ඔබ ලෝක ශූරයෙක් වෙද්දි සියලු දෙනාටම ඔබට පහර දෙන්න හිතෙනව.” – ක්ලවුඩියා බෝකල්

160

ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සහ දෙවතාවක් ෆෙන්සින් ක්රීඩාවෙහි ලෝක කුසලානය දිනූ “ක්ලවුඩියා බෝකල්” මේ දිනවල ඇයගේ ජාත්යාන්තර ඔලිම්පික් කමිටුවේ කාර්යවයක් සදහා ශ්රී ලංකාවට පැමිණ තිබෙනවා.ඊයේ දින ශ්රී ලංකා ජාතික ෆෙන්සින් සංගමය මගින් පානදුර යුනිචෙල්ලා ෆෙන්සින් සමාජයෙහි සංවිධානය කෙරුණු වැඩසටහනක් සදහා ජාතික සහ සමාජ ෆෙන්සින් ක්රීඩකයින් මෙන්ම සංවිධාන කණ්ඩායමෙහි සාමාජිකයින් ද මේ සදහා සහභාගී වුණා.

නෙදර්ලන්තයේ උපත ලැබූ සහ ජර්මනියේ ද ද්විත්ව පුරවැසි භාවය ඇති මැය ජර්මානු ෆෙන්සින් කණ්ඩායමෙ හි මුල සිටම තීරණාත්මක සාමාජිකයෙකු වේ. වයස අවුරුදු 17 දී ප්රතමයෙන්ම ඇය කණ්ෂ්ඨ ලෝක කුසලානය දිනා ගත් අතර පසුකාළීනව ඇය ඇයගේ ඉලක්කය ලෙස උනන්දු වූ ආකාරයෙන් අනුක්රමිකව දෙවතාවක් ජේෂ්ඨ ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වුණා. 

තියුණු කඩුවක් වු ඇයගේ ආයුධය තෝරා ගැනීමේ දී ඇය පවසා සිටියේ “සියලුම ආයුධ උපයෝගී කිරීම සදහා උත්සාහයක් දැරුව ද අවසානයේ මෙය මා තෝරා ගතිමි.”(I tried out all weapons so I thought I’d just try Epee as well and ended up selecting it)යනුවෙනි. “සමහරක් විට මගේ උස මගේ තීරණය වූ ආයුධය සහ ක්රීඩාව සදහා බලපානව වෙන්න පුඵවන්. ඇයි කිව්වොත් මම දන්නව මට ගොඩක් දුර තියෙනව මගේ ජය ලබා ගන්න.”(perhaps my height influenced my decision in selecting the weapon and also the sport because I knew I had a longer reach which would give me an advantage)ලෙස ද ඇය ඇයගේ ක්රීඩාව සහ ආයුධය තෝරා ගැනීම පිළිබදව සදහන් කිරීමේ දී පවසා සිටියා.

“ඔබ ලෝක ශූරයෙක් වෙද්දි සියලු දෙනාටම ඔබට පහර දෙන්න හිතෙනව. එළෙස ඔවුන් දින්නොත් තමන්ට පේනව ඔවුන් කොතරම් සතුටින් ද ඔවුන් ට ඒ දේ කොපමණ වට්නවද කියල”(when you’re the World Champion everyone wants to beat you, if they do win and you see how happy it makes them feel which shows how important it was for them)යනාකාරයෙන් ඔලිම්පික් පදක්කම් ලාභී සහ ලෝකයේ 4 වතාවක් උසස්ම ෆෙන්සින් ක්රීඩාකවක් වූ; දෙවතාවක් කණ්ෂ්ඨ ලෝක කුසලාන සහ දෙවතාවක් ජේෂ්ඨ ලෝක කුසලාන ලෙස දිනුම් ලැබූ ඇය අදහස් දක්වා තිබුණා.  

මේ වන විට ක්ලෝඩියා අන්තර්ජාතික ඔලිම්පික් සංගමයේ විධායක සංගමයේ සහ තවත් සංගම් කිහිපයක ඉතාමත් මිත්රශීලී මෙන්ම ඉතා වැදගත් ස්ථාන උහුලයි.ඇයගේ ලෝක කුසලාන අවසන් තරගාවලියේ වීඩියෝවක් පෙන්වන අතර ඇයගේ නිරහංකාර බවද පෙන්වමින් ඇය පවසා සිටියේ “මෙය මාගේ වාසනාවන්ත තුවාය” ( That’s my lucky towel)බවය. 

“ඔබ කරන ඕනෑම දෙයක් හරියට කරන්න”( Whatever you do, do it right)යන තාරුණ්යකයට අවවාදයත් සමගින් ඇය ශ්රී ලංකා කණ්ඩායමට උදවු කිරීමේ පොරොන්දුව පිට ඇයගේ ගෙනහැර දැක්වීම අවසන් කරා.