පුළුවන් කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න – ජයසූරිය

312

ක්‍රිකට් ක්‍රීඩාවේ දී ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරන්නේ කෙටි කාලයක් බවත්, එම නිසා ක්‍රීඩකයින් ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගත යුතු බවත්, ශ්‍රී ලංකාවෙන් බිහිවුනු විශිෂ්ටතම ක්‍රීඩකයෙකු ලෙස සැලකුම් ලබන සනත් ජයසූරිය විසින් පවසනවා.

“මේක මගේ පෞද්ගලික මතයක් ඒ නිසා මම ඒ ගැන වැඩි දෙයක් කියන්නේ නැහැ. ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා දිවිය ඉතාම කෙටියි, ඒ නිසා ඔවුන්ට සිදු වෙනවා ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න.

ඔබට මේ දේවල්වලට ‘නැහැ’ කියන්න බැහැ. අවසානයේ කොපමණ ප්‍රමාණයක් තමන්ගේ සිරුරට දරා ගන්න පුළුවන් ද කියලා ක්‍රීඩකයින්ට තීරණය කරන්න සිදු වෙනවා.”

වර්තමානයේ විවිධාකාරයේ ලීග් ක්‍රිකට් තරගාවලි නිසා ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ඉතාමත් කාර්ය බහුල වී ඇති අතර, මේ නිසා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ දෙනෙකුට ලැබෙන විවේකය ඉතාමත් අවම වී තිබෙනවා.

නමුත් සනත් ජයසූරිය නම් මේ පිළිබඳ සඳහන් කරන්නේ ඕනෑම ක්‍රීඩකයෙක් තමන්ට ක්‍රීඩා කිරීමට හැකි කාලයේ දී ඉන් උපරිම ප්‍රයෝජනය ලබා ගත යුතු බවයි.

එමෙන්ම ජයසූරිය තවදුරටත් සඳහන් කරන්නේ විස්සයි විස්ස ක්‍රීඩාව මගින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි බලපෑමක් එල්ල වන බව සහ දැන් ලෝකය පුරාවට ම විශිෂ්ට විස්සයි විස්ස ක්‍රීඩකයින් බිහි වෙමින් පවතින බවයි.

එමෙන්ම එළඹෙන එක්දින ලෝක කුසලානය ආරම්භ වීමට ඉතිරි ව ඇත්තේ තවත් මාස කිහිපයක් පමණක් වන නමුත්, 1996 ලෝක ශූරතාව ද දිනා ගත් ශ්‍රී ලංකාව නම් මේ වන විට පසුවන්නේ මෙවර ලෝක කුසලානයට සහභාගී වීමට හැකි වීම පිළිබඳ දැඩි අවදානම් සහගත තත්වයකයි.

නමුත් 96 ලෝක කුසලාන තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයා බවට පත් වීමට සමත් වූ සනත් නම් පවසන්නේ ශ්‍රී ලංකාව අනිවාර්යයෙන් ම මෙවර ලෝක කුසලානයට තේරී පත් වනු ඇති බවයි.

“අපිට මුලින් ම ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න සිදු වෙලා තියෙනවා, මට ඒ ගැන විශ්වාසයි (ලෝක කුසලානයට තේරී පත් වෙන බව).”

එමෙන්ම මෙවර ලෝක කුසලානයේ හොඳම කණ්ඩායම් මොනවා ද යන වග තවම අනුමාන කළ නොහැකි බවත් සනත් විසින් පවසා තිබුණා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<