9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සිව් වැනි දිනය වූ ඔක්තෝබර් 06 වැනිදා නිමා වෙන්නේ B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ සිව් වැනි ස්ථානයේ සිටි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ පළමු ස්ථානයට පිවිසෙමිනුයි.
ඔවුන් එතෙක් තම පළමු තරගය වූ දකුණු අප්‍රිකාව වෙතින් පරාජයට පත් වෙමින් දළ ලකුණු ලබා ගැනීමේ (-0.773) වේගය මත පසු පසින් සිටි අතර ඔක්තෝබර් 06 වැනිදා පැවැති ස්කොට්ලන්තය සමඟ තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම පිම්ම පැන්නා. ඒ අනුව මේ වන විට ඔවුන් දළ ලකුණු 1.154ක වේගයක් රඳවා ගැනීමට සමත් වෙමින් පළමු අසුනේ අසුන් ගත්තා.
එම අසුන වෙනස් වීමත් සමඟින් එතෙක් එම කාණ්ඩයේ පළමු ස්ථානයේ සිටි එංගලන්තය (1.050) 2 වැනි ස්ථානයට පත් වුනා. එහි 3 වැනි ස්ථානය දකුණු අප්‍රිකාව (0.773) ද, සිව් වැනි ස්ථානය බංග්ලදේශය (-0.125) ද සහ අවසන් ස්ථානය ස්කොට්ලන්ත (-1.897) ද ලැයිස්තු ගත වුනා.
A කාණ්ඩයෙන් දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත තව දුරටත් 2.900ක අගයක් ගත් නවසීලන්තය පළමු ස්ථානය ද සහ 1.908ක අගයක් ගත් ඔස්ට්‍රේලියාව 2 වැනි ස්ථානයේ ද රැදී සිටිනවා. පැවැති තරගයෙන් ඉන්දියාව හමුවේ පරාජයට පත් වූව ද එම ලැයිස්තුවේ 3 වැනි අසුන තව දුරටත් හිමිකර ගැනීමට පාකිස්තානය (0.555) සමත් වෙනවා. ඒ ඔවුන් ශ්‍රී ලංකාව පරාජය කිරීමේ ලත් වාසියත් සමඟිනුයි. එතෙක් මෙම ලැයිස්තුවේ අවසන් ස්ථානයේ සිටි ඉන්දියාව (-1.217) ශ්‍රී ලංකාව (-1.667) අවසන් ස්ථානය දක්වා පහත දමමින් 4 වැනි ස්ථානයට පිවිසියා.
7 වැනි තරගය
පාකිස්තානය සහ ඉන්දියාව අතර Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- කාසියේ වාසිය – පාකිස්තානය
- තරගයේ වීරයා – Arundhati Reddy (ඉන්දියාව)
පාකිස්තානය – කඩුලු 8ක් දැවී 105 (20.0) Muneeba Ali 17, Nida Dar 28, Arundhati Reddy 3/19, Shreyanka Patil 2/12
ඉන්දියාව – කඩුලු 4ක් දැවී 108 (18.5) Shafali Verma 32, Jemimah Rodrigues 23, Harmanpreet Kaur 29, Fatima Sana 2/23
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
- ඔක්තෝබර් 05 වැනිදා
- ලෝක ශූරියන් ආසියානු ශූරියන් පරාජය කරයි
- ඔක්තෝබර් 04 වැනිදා
- පාකිස්තානයට පරාජය වීමෙන් ඉනික්බිතිව
- 9 වැන්නේ සිට T20 අතීතය විමසමු
8 වැනි තරගය
ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- කාසියේ වාසිය – ස්කොට්ලන්තය
- තරගයේ වීරයා – Chinelle Henry (බටහිර ඉන්දීය කොදෙව්)
ස්කොට්ලන්තය – කඩුලු 8ක් දැවී 99 (20.0) Kathryn Bryce 25, Ailsa Lister 26, Afy Fletcher 3/22
බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 4ක් දැවී 101 (11.4) Qiana Joseph 31, Deandra Dottin නොදැවී 28, Chinelle Henry නොදැවී 18, Olivia Bell 2/18
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
මේ අතර අද (ඔක්තෝබර් 07 වැනිදා) B කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙන එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය Sharjah ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<