Home Sinhala ප්‍රබලයින්ගේ ආගමනයත් සමඟම ශ්‍රී ලංකාව එකට-එක කරයි

ප්‍රබලයින්ගේ ආගමනයත් සමඟම ශ්‍රී ලංකාව එකට-එක කරයි

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

2751

සත්කාරක ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර පැවති දෙවැනි එක්දින තරගය අද (4) සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.

තරගයෙන් ලකුණු 132ක දැවැන්ත ජයක් ලබා ගනිමින් 1-1ක් ලෙස තරගාවලිය සමකරන්නට ශ්‍රී ලංකාව සමත් වුනා. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ 400 වැනි එක්දින ක්‍රිකට් තරග ජයග්‍රහණය මෙය වීම විශේෂත්වයක්.

කාසියේ වාසිය දිනූ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනස්කම් 4ක් සිදු කරමින් සදීර සමරවික්‍රම, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවා තිබූ අතර ඇන්ජලෝ මැතිව්ස්, දුශාන් හේමන්ත, මතීෂ පතිරණ සහ ලහිරු කුමාර (ආබාධයක්) කණ්ඩායමෙන් ඉවත් කර තිබුණා.

දෙරට අතර පසුගිය 2 වැනිදා පැවති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්ථානය කඩුලු 6ක පහසු ජයක් ලබා ගත් අතර එම ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ම අද තරගය සඳහාත් පිටියට කැඳවා තිබුණා.

කරුණාරත්න සමඟ එක්වුණු නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 95ක් තුල ලකුණු 82ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබුණු සාර්ථක ආරම්භය ලබා දුන්නා. 4 පහර 6ක් සමඟ ලකුණු 43ක් ලබාගෙන සිටි නිස්සංක ලකුණු 43කට දැවී ගිය අතර කරුණාරත්න සිය 7 වැනි එක්දින අර්ධ ශතකය ලබා ගනිමින් පන්දු 62කින් ලකුණු 52ක් ලබා ගත්තේ 4 පහර 7ක් එල්ල කරමින්.

පළමු Powerplay අවස්ථාව තුල නිලකුණු පන්දු 39 වැය කරමින් වුවද, කිසිවෙක් නොදැවී ලකුණු 54ක් ලබා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා.

ලකුණු 110/2ක් ලෙස සටහන්ව තිබුණු මොහොතේ, වසර 4කට පසුව එක්දින කණ්ඩායමට නැවත පැමිණි, සමරවික්‍රම – මෙන්ඩිස් සමඟ එක්ව පන්දු 86ක් තුල ලකුණු 88ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ඉනිමේ මැදපෙළ ස්ථාවර කළා. 4 පහර 5ක් සමඟින් පන්දු 46ක් තුල ලකුණු 44ක් ලබාගෙන සිය අර්ධ ශතකය ආසන්නයේ සිටිය දී සමරවික්‍රම දැවී ගියා.

අංක 3 පිතිකරණ ස්ථානය ස්ථාවර කරගෙන සිටින මෙන්ඩිස් සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 21 වැනි අර්ධ ශතකය වාර්තා කරගනිමින් පන්දු 75ක් තුල වේගවත් ලකුණු 78ක් ලබාගෙන ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනා.

ඔහු හෙමින් සීරුවේ සිය ඉනිම ආරම්භ කළ නමුත් අවසානයේ දී 4 පහර 7ක් සහ 6 පහරක් එල්ල කරමින් සිය ප්‍රහාරය දැඩි කළා. පළමු තරගයේ දී ලකුණු 91ක් ලබාගෙන දස්කම් දැක්වූ අසලංක හට මේ තරගයේ දී ලකුණු 6කට ක්‍රීඩාගාරයට යන්නට සිදු වුනේ Mohammad Nabiගේ කඩුලු ගොන්නට තවත් කඩුල්ලක් එක් කරමින්. නායක දසුන් ශානක ලකුණු 23යි.

>>LIVE – Afghanistan tour of Sri Lanka 2023 | 2nd ODI<<

පළමු එක්දින තරගයේ දී ශ්‍රී ලංකාව මැද පන්දුවාර 30 තුල කඩුලු 3ක් දැවී ලකුණු 152ක් ලබා ගත් නමුත්, මේ තරගයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 160ක් එම පන්දුවාර 30 තුල ලබාගෙන ආරම්භයේ දී රඳවා ගත් දල ලකුණු ලබා ගැනීමේ වේගය තවදුරටත් පවත්වා ගැනීමට සමත් වුනා.

ධනංජය, මෙන්ඩිස්, ශානක සහ වනිඳු එක්ව අවසන් පන්දුවාර 10 තුල ලකුණු 109ක් ශ්‍රී ලංකා ලකුණු සටහනට එකතු කරමින් ශ්‍රී ලංකා ලකුණු සටහන ඉහළ මට්ටමකට රැගෙන ගියේ අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි.

ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුල කඩුලු 6ක් දැවී ලකුණු 323ක් ලබා ගත්තා. එසේම තරගය තුල ඇෆ්ගනිස්ථානයේ පන්දු රැකීම ද පළමු තරගයට සාපේක්ෂව තරමක් පහළ මට්ටමක පැවතුණා.

2019 වසරේ ජුනි 4 වැනිදා සිට ගෙවුණු වසර 4 තුල ශ්‍රී ලංකාව එක්දින තරගවල දී පළමුව පන්දුවට පහර දුන් අවස්ථාවල දී ලකුණු 300 සීමාව ඉක්මවා තිබෙන්නේ අවස්ථාවන් 7ක දී පමණයි. අද දිනයේ දී ලබා ගත් ලකුණු 323 එහි තෙවැනි වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස සටහන් වුනා.

පන්දු යැවීමේ දී Fareed Ahmad සහ Mohammad Nabi කඩුලු දෙක බැගින් දවා ගත් අතර පළමු තරගයේ දී ශ්‍රී ලංකාව නිලකුණු පන්දු 153ක් ක්‍රීඩා කර තිබුණු නමුත්, මේ තරගයේ දී එය 128ක් දක්වා අඩුකරගෙන තිබීම ධනාත්මක කරුණක්.

ලකුණු 324ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ගමන තුල ඇෆ්ගනිස්ථානයේ ආරම්භය නැවත වරක් අසාර්ථක කරමින් Gurbaz ලකුණු දෙකකට දවා ගන්නට, වසරකට පසුව නැවතත් ජාත්‍යන්තර එක්දින පිටියට පැමිණි, චමීර සමත් වුනා.

අනතුරුව ශ්‍රී ලංකාවට නැවතත් හිසරදයක් වුනු Zadran සමඟ එක්වුණු Shah දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක අර්ධ ශතක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ලකුණු සටහනට යම් ශක්තියක් රැගෙන ආවා.

Shahගේ තීරණාත්මක කඩුල්ල දසුන් ශානක විසින් දවා ගැනීමෙන් පසුව නායක Hashmatullah Shahidi සහ Zadran පන්දු 89ක් තුල ලකුණු 84ක සටන්කාමී සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාවට එරෙහිව යම් පීඩනයක් ගොඩනැංවූවා.

Zadranගේ තීරණාත්මක කඩුල්ල ලකුණු 54කට දවා ගත් ධනංජය ද සිල්වා ඇෆ්ගනිස්ථානයේ කොඳුනාරටිය බඳු වුනු කඩුල්ල දවා ගනිමින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට තරග ජයග්‍රහණය පිළිබඳව යම් බලාපොරොත්තුවක් රැගෙන ආවා.

නායක Shahidi එක් අන්තයක් රැකගනිමින් ඔවුන්ගේ මැදපෙළ ස්ථාවර කරගෙන උපරිම ලකුණු ප්‍රමාණයක් දක්වා සිය කණ්ඩායම මෙහෙය වීමට වෑයම් කළත්, ඔහුගේ ඉනිම ලකුණු 57කට සීමා කරන්නට සමත් වුනු ධනංජය සමත් වුනා.

ඉන් නොනැවතුණු ධනංජය Najibullah Zadranගේ කඩුල්ල ද දවාගෙන ප්‍රබල කඩුලු 3ක් දවා ගත්තා. ඇෆ්ගනිස්ථානයේ අවසන් කඩුලු 7 ලකුණු 45ක් තුල දවා ගන්නට හසරංග සහ ධනංජය ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීම කැපී පෙනුණා. අවසානයේ දී ඇෆ්ගනිස්ථාන ඉනිම පන්දුවාර 42කුත් පන්දුවක් තුල ලකුණු 191කට සීමා වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවතත් පන්දුවෙන් දස්කම් අතරට පැමිණි ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග කඩුලු 3 බැගින් දවාගෙන දස්කම් දක්වන විට, චමීර පන්දුවාර 7ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත්තා.

Result


Sri Lanka
323/6 (50)

Afghanistan
191/10 (42.1)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Mohammad Nabi 43 56 6 0 76.79
Dimuth Karunaratne lbw b Noor Ahmad 52 62 7 0 83.87
Kusal Mendis c Rahmanullah Gurbaz b Fareed Ahmad 78 75 7 1 104.00
Sadeera Samarawickrama b Mujeeb ur Rahman 44 46 5 0 95.65
Charith Asalanka lbw b Mohammad Nabi 6 12 0 0 50.00
Dhananjaya de Silva not out 29 24 1 1 120.83
Dasun Shanaka c Rahmanullah Gurbaz b Fareed Ahmad 23 13 2 1 176.92
Wanindu Hasaranga not out 29 12 4 1 241.67


Extras 19 (b 6 , lb 3 , nb 0, w 10, pen 0)
Total 323/6 (50 Overs, RR: 6.46)
Fall of Wickets 1-82 (15.5) Pathum Nissanka, 2-110 (22.3) Dimuth Karunaratne, 3-198 (36.5) Sadeera Samarawickrama, 4-213 (39.5) Charith Asalanka, 5-254 (43.4) Kusal Mendis, 6-288 (47.1) Dasun Shanaka,

Bowling O M R W Econ
Fazal Haq Farooqi 7 0 44 0 6.29
Azmatullah Omarzai 5 0 48 0 9.60
Mujeeb ur Rahman 10 0 39 1 3.90
Fareed Ahmad 9 0 61 2 6.78
Mohammad Nabi 10 0 52 2 5.20
Noor Ahmad 9 0 70 1 7.78


Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz c Kusal Mendis b Dushmantha Chameera 2 12 0 0 16.67
Ibrahim Zadran c Kusal Mendis b Dhananjaya de Silva 54 75 2 2 72.00
Rahmat Shah lbw b Dasun Shanaka 36 42 3 0 85.71
Hashmatullah Shahidi lbw b Dhananjaya de Silva 57 62 6 0 91.94
Najibullah Zadran c Pathum Nissanka b Dhananjaya de Silva 2 8 0 0 25.00
Mohammad Nabi c Kusal Mendis b Dushmantha Chameera 2 5 0 0 40.00
Azmatullah Omarzai c Dasun Shanaka b Mahesh Theekshana 28 31 4 1 90.32
Noor Ahmad b Wanindu Hasaranga 3 7 0 0 42.86
Mujeeb ur Rahman lbw b Wanindu Hasaranga 0 2 0 0 0.00
Fareed Ahmad b Wanindu Hasaranga 0 5 0 0 0.00
Fazal Haq Farooqi not out 0 4 0 0 0.00


Extras 7 (b 0 , lb 2 , nb 0, w 5, pen 0)
Total 191/10 (42.1 Overs, RR: 4.53)
Fall of Wickets 1-11 (3.2) Rahmanullah Gurbaz, 2-62 (15.4) Rahmat Shah, 3-146 (30.3) Ibrahim Zadran, 4-157 (32.5) Najibullah Zadran, 5-160 (33.5) Mohammad Nabi, 6-160 (34.1) Hashmatullah Shahidi, 7-169 (37.1) Noor Ahmad, 8-169 (37.3) Mujeeb ur Rahman, 9-191 (41.2) Fareed Ahmad, 10-191 (42.1) Azmatullah Omarzai,

Bowling O M R W Econ
Kasun Rajitha 5 0 26 0 5.20
Dushmantha Chameera 7 0 18 2 2.57
Mahesh Theekshana 7.1 0 35 1 4.93
Dasun Shanaka 4 0 29 1 7.25
Wanindu Hasaranga 9 2 42 3 4.67
Dhananjaya de Silva 10 0 39 3 3.90



තරගාවලියේ තෙවැනි තරගය එළඹෙන 7 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<