ටෙන්ඩුල්කාර්, ලාරා ඉස්සර කරමින් කෝලිගෙන් වාර්තාවක්

158
(Photo by Dibyangshu Sarkar / AFP)

ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ දී ඊයේ (27) නිමා වූ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගය ලකුණු 125කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම් සමත් විය. එහි දී ඉන්දීය නායක විරාත් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 20,000 සීමාව අඩුම ඉනිම ගණනක් තුල සම්පූර්ණ කිරීමට සමත් විය.

කෝලි සහ ශාමි කොදෙව්වන්ගේ ලෝක කුසලාන බලාපොරොත්තු සුන්කර දමයි!

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව්..

අන්තර්ජාතික ක්‍රිකට් තරගවල දී ඉනිම අඩුම සංඛ්‍යාවක දී ලකුණු 20,000 කඩඉම පසුකළ පිතිකරුවා බවට පත්වූ විරාත් කෝලි ඒ වෙනුවෙන් ඉනිම 417කට මුහුණ දී තිබේ. කෝලිට පෙර අඩුම ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 20,000 කඩඉම පසුකර ගොස් සිටියේ සචින් ටෙන්ඩුල්කාර් සහ බ්‍රයන් ලාරා යන දෙදෙනාය. ඔවුන් දෙදෙනාටම ඒ වෙනුවෙන් ඉනිම 453ක් අවශ්‍ය වී තිබුණි.

එසේම මේ දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 20,000 සීමාව පසුකර ඇත්තේ ක්‍රීඩකයින් 12 දෙනෙකු (කෝලි ද ඇතුලත්ව) පමණක් වන අතර ඒ අතර දල ලකුණු ලබාගැනීමේ වේගය 50 ඉක්මවා ඇති එකම  පිතිකරුවා වන්නේ කෝලියි. 

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලොව වැඩිම ලකුණු ලාභීන්ගේ  ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර් ඉනිම 782ක දී ලකුණු 34357ක් වාර්තා කරගෙන ඇත. එහි දෙවන හා තෙවැනි තැන ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරට (ලකුණු 28,016) හා ඕස්ට්‍රේලියාවේ රිකී පොන්ටීන් (ලකුණු 27,483) හට හිමිව තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැනට ලකුණු 20,000 සම්පූර්ණ කර ඇති ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධන හා සනත් ජයසූරිය ද පිළිවෙළින් 4 වන ස්ථානයේ හා 8 වන ස්ථානයේ සිටීම ශ්‍රී ලාංකිකයින් හට ආඩම්බරයකි. එම ලැයිස්තුවේ ඉදිරියෙන්ම  සිටින

ගහට ගහක් මුණ ගැසෙන මොරටුව = ලීඩ්ස් වූ දා

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා එංගලන්තයට එරෙහිව ලබාගත් සුපිරි ජය ගැන මේ වනවිට…

ඉන්දීය කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග 6කට මුහුණ දී තවමත් අපරාජිත වාර්තාවක් රැකගෙන සිටියි.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<