පස්වැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය රටවල් 20ක සහභාගිත්වය ඇතිව ඕස්ට්‍රේලියාවේ දී පැවැත්විය. මෙම තරගාවලිය ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් දෙකේම සහභාගිත්වය ඇතිව පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණ ද පසුව සියලුම තරග ඕස්ට්‍රේලියාවේ දී පැවැත්විය. 

1999 රග්බි ලෝක කුසලාන තරගාවලියේ මතක

1999 සිව්වැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය වේල්සයේ දී පැවැත්වූයේ රටවල් 20ක සහභාගිත්වය ඇතිවය. 1987-1995 කාල….

මෙම තරගාවලිය සඳහා අලුතින්ම ජෝර්ජියාව එක්වන විට සෙසු රටවල් 19ම ඊට පෙර තරගාවලි සඳහා සහභාගි වී තිබුණි. දින 44ක් පුරාවට පැවති මෙම තරගාවලිය ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් නිසාම  තරගාවලියේ තොරතුරු පිළිබඳව දැන් අපි කතා කරමු.

Rugby World Cup 2003
තරගාවලියේ සමාරම්භක උළෙලේ අවස්ථාවක් (gettyimages)

තරගාවලියේ එක් එක් කාණ්ඩ වලට අයත් වුණු රටවල් 

A කාණ්ඩය B කාණ්ඩය C කාණ්ඩය D කාණ්ඩය
ඕස්ට්‍රේලියාව  ප්‍රංශය  දකුණු අප්‍රිකාව  නවසීලන්තය 
අයර්ලන්තය  ඇමරිකාව  එංගලන්තය  වේල්සය  
නැමීබියාව   ජපානය   සැමෝවා   ඉතාලිය 
ආජන්ටිනාව  ෆිජී  ජෝර්ජියාව   කැනඩාව 
රුමේනියාව   ස්කොට්ලන්තය   උරුගුවේ   ටොංගා  

තරගාවලිය පැවති ආකාරය 

පළමු වටයේ තරගවල දී කාණ්ඩයේ සෑම රටක්ම අනිත් රටවල් 4 සමඟ තරග වැදීමට නියමිතව තිබුණි. ඉන්පසුව සෑම කාණ්ඩයකම පළමු ස්ථාන ලබාගන්නා රටවල් 2 අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය. 

ඉන්පසුව අර්ධ අවසන් පූර්ව වටය යටතේ පැවති තරග හතරේ ජයග්‍රාහකයන් අවසන් පූර්ව වටයට එක්විය. අවසන් පූර්ව වටය යටතේ තරග 2ක් පැවති අතර එම තරගවල ජයග්‍රාහකයන් අවසන් තරගයට එක්වුණු අතර එම අවසන් තරගයේ ජයග්‍රාහකයාට  කුසලානය හිමි විය.

පළමු වටයේ තරගවල ප්‍රතිඵල 

දින 23ක් පුරාවට පැවති පළමු වටයේ තරග අවසානයේ දී දකුණු අප්‍රිකාව, අයර්ලන්තය, ස්කොට්ලන්තය, නවසීලන්තය, ප්‍රංශය, එංගලන්තය, වේල්සය සහ ඕස්ට්‍රේලියාව අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය.

A කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • ඕස්ට්‍රේලියාව 24 – 08 ආජන්ටිනාව     
  • අයර්ලන්තය 45 – 17 රුමේනියාව    
  • ආජන්ටිනාව 67 – 14 නැමීබියාව     
  • ඕස්ට්‍රේලියාව 90 – 08 රුමේනියාව    
  • අයර්ලන්තය 64 – 07 නැමීබියාව 
  • ආජන්ටිනාව 50 – 03 රුමේනියාව
  • ඕස්ට්‍රේලියාව 142-00 නැමීබියාව 
  • අයර්ලන්තය 16-15 ආජන්ටිනාව 
  • රුමේනියාව 37-07 නැමීබියාව 
  • ඕස්ට්‍රේලියාව 17- 16 අයර්ලන්තය
Rugby World Cup 2003
ඕස්ට්‍රේලියා – අයර්ලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

B කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • ප්‍රංශය 61 – 18 ෆීජී     
  • ස්කොට්ලන්තය 32 – 11 ජපානය   
  • ෆීජී 19 – 18 ඇමරිකාව      
  • ප්‍රංශය 51 – 29 ජපානය     
  • ස්කොට්ලන්තය 39 – 15 ඇමරිකාව  
  • ෆීජී 41 – 13 ජපානය 
  • ප්‍රංශය 51 – 09 ස්කොට්ලන්තය  
  • ඇමරිකාව 39 – 26 ජපානය 
  • ප්‍රංශය 41 – 14 ඇමරිකාව  
  • ස්කොට්ලන්තය 22 – 20 ෆීජී 
Rugby World Cup 2003
ප්‍රංශ-ස්කොට්ලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

C කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • දකුණු අප්‍රිකාව 72 – 06 උරුගුවේ      
  • එංගලන්තය 84 – 06 ජෝර්ජියාව     
  • සැමෝවා 60 – 13 උරුගුවේ      
  • එංගලන්තය 25 – 06 දකුණු අප්‍රිකාව     
  • සැමෝවා 46 – 09 ජෝර්ජියාව  
  • දකුණු අප්‍රිකාව 46 – 19 ජෝර්ජියාව 
  • එංගලන්තය 35 – 22 සැමෝවා  
  • උරුගුවේ 24 – 22 ජෝර්ජියාව 
  • දකුණු අප්‍රිකාව 60 – 10 සැමෝවා  
  • එංගලන්තය 111 – 13 උරුගුවේ 
Rugby World Cup 2003
එංගලන්ත -දකුණු අප්‍රිකා   තරගයේ අවස්ථාවක් (gettyimage)

D කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • නවසීලන්තය 70 – 07 ඉතාලිය      
  • වේල්සය 41 – 10 කැනඩාව     
  • ඉතාලිය36 – 12 ටොංගා      
  • නවසීලන්තය 68 – 06 කැනඩාව 
  • වේල්සය 27 – 20 ටොංගා     
  • ඉතාලිය 19 – 14 කැනඩාව   
  • නවසීලන්තය 91 – 07 ටොංගා 
  • වේල්සය 27 – 15 ඉතාලිය  
  • කැනඩාව 24 – 07 ටොංගා  
  • නවසීලන්තය 53 – 37 වේල්සය 
Rugby World Cup 2003
වේල්ස්-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimage)

අර්ධ අවසන් පූර්ව වටය

මුල් තරගවට වල ප්‍රතිඵල අනුව නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය  යන කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය. එම අර්ධ අවසන් පූර්ව වටයේ දී එක් එක් කණ්ඩායම් තරග වැදුණේ පහත ආකාරයටය.

නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව 

අර්ධ අවසන් පූර්ව වටයේ පළමු  තරගය වූ මෙම තරගයේ දී නවසීලන්ත  ක්‍රීඩක ලියොන් මැක්ඩොනල්ඩ් ලකුණු 16ක් තම කණ්ඩායම වෙනුවෙන් රැස් කිරීමට සමත් වීම නිසා අවසානයේ දී නවසීලන්ත කණ්ඩායම විසින් දකුණු අප්‍රිකානු  කණ්ඩායම ලකුණු 29-09ක් ලෙස පරාජය කරමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. 

Rugby World Cup 2003
නවසීලන්ත-දකුණු අප්‍රිකා අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

ඕස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තය   

එල්ටන් ෆ්ලේට්ලි ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වාර්තා කළ ලකුණු 18 නිසා ඔවුන් ස්කොට්ලන්ත  කණ්ඩායම හමුවේ 33-16ක් ලෙස පහසු ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තේය. 

Rugby World Cup 2003
ඕස්ට්‍රේලියා-ස්කොට්ලන්ත අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

ප්‍රංශය සහ අයර්ලන්තය 

ප්‍රබල ප්‍රංශ කණ්ඩායම අයර්ලන්තය හමුවේ 43-21ක් ලෙසින් පහසු ජයක් ලබාගනිමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.  

Rugby World Cup 2003
ප්‍රංශ-අයර්ලන්ත අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

එංගලන්තය සහ වේල්සය  

ජොනී විල්කින්සන් එංගලන්තය වෙනුවෙන් ලකුණු 23ක් ලබා ගනිමින් දැක්වූ සුපිරි දස්කම් නිසා එංගලන්තය වේල්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 28-17ක ජයක් ලැබීය.

Rugby World Cup 2003
එංගලන්ත-වේල්ස් අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

අවසන් පූර්ව වටය 

එම අවදියේ ලෝක රග්බි පිටියේ සිටි දැවැන්තයන් 4ක් වූ නවසීලන්තය,එංගලන්තය,ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව  2003 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

පළමු අවසන්  පූර්ව තරගය 

මෙම තරගය ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්විය. 1991 සහ 1999 රග්බි ලෝක කුසලාන ජයග්‍රහණය කළ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු භාගය අවසන් වන විට 13-07ක් ලෙසින් තරගයේ පෙරමුණ ගත්තේය. 

ඉන් අනතුරුව දෙවන භාගයේ දී සිය ග්‍රහණය තවත් දැඩි කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසානයේ දී 22-10ක පහසු ජයක් ලැබීය. එහි දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් එල්ටන් ෆ්ලේට්ලි දඬුවම් පහර 5ක් සහ ප්‍රවර්තනයක් සාර්ථක කරගනිමින් ලකුණු 17ක් සිය කණ්ඩායම වෙනුවෙන් ලබාගත්තේය.

Rugby World Cup 2003
ඕස්ට්‍රේලියා-නවසීලන්ත අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

දෙවන අවසන් පූර්ව තරගය

ප්‍රංශ කණ්ඩායමට සහ එංගලන්තය තරග වැදුණු මෙම තරගය ආරම්භයේ සිටම දෙපිලම කරට කර සටන් වැදුණු නිසා පළමු භාගය නිමා වන විට ලකුණු තත්ත්වය 12-07ක් ලෙසින් සටහන් විය. 

ඉන්පසුව දෙවන භාගයේ දී වඩාත් ආක්‍රමණශීලී තරග රටාවක නිරත වුණු එංගලන්තය තරගය ජයග්‍රහණය කළේ 24-07ක් ලෙසිනි. එහි දී එංගලන්ත කණ්ඩායමේ සිටි සුපිරි තරුව වූ ජොනී විල්කින්සන් දඬුවම් පහර 5ක් සහ ඩ්‍රොප් ගෝල් 3ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ලබාගත් ලකුණු 24ම රැස් කළේය. එංගලන්තයට මෙම ජයග්‍රහණය සුවිශේෂී එකක් වූයේ 1991 රග්බි ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඔවුන්ට රග්බි ලෝක කුසලාන අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලැබීමය.

Rugby World Cup 2003
එංගලන්ත-ප්‍රංශ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

තෙවැනි ස්ථානය ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට

තෙවැනි ස්ථානය තේරීම සඳහා පැවති තරගය සඳහා සහභාගි වූයේ ප්‍රංශ කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායමයි. මෙම තරගයේ පළමු භාගයේ දී  ක්‍රිස්ටෝපර් ජැක් සහ ඩග්ලස් හොව්ලෙට් නවසීලන්තය වෙනුවෙන් ලබාගත් උත්සාහක දිනුම් නිසා නවසීලන්තය 14-06ක් ලෙසින් පෙරමුණේ පසුවිය. 

ඉන්පසුව දෙවන භාගය තුළ නවසීලන්ත කණ්ඩායම වඩාත් ප්‍රවේගකාරී තරග රටාවක නිරත වෙමින් ලකුණු 26ක් ලබාගන්නා විට ප්‍රංශ කණ්ඩායම ලකුණු 7ක් පමණක් ලබා ගත් නිසා අවසානයේ දී 40-13ක් ලෙස පහසු ජයක් ලැබීමට ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට හැකි විය.

Rugby World Cup 2003
තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයේ අවස්ථාවක් (gettyimage)

එංගලන්ත කණ්ඩායම මුල්ම වරට රග්බි ලෝක ශූරයන් විය

1991 වසරේ ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් තරගයේ දී එංගලන්ත කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ 12-06ක් ලෙස පරාජයට පත්විය. ඉන් වසර 12කට පසු එනම්, 2003 වසරේ දී නැවතත් එංගලන්ත කණ්ඩායමට අවසන් තරගයේ දී ඕස්ට්‍රේලියානු පිලට එරෙහිවම තරග වැදීමට සිදු විය. 

මෙම අවසන් තරගයේ 6 වන විනාඩියේ දී ඕස්ට්‍රේලියානු පිලේ ටුකිරි ලබාගත් උත්සාහක දිනුමත් සමඟ ඕස්ට්‍රේලියානු පිල ලකුණු ලැබීම ආරම්භ කළ ද එංගලන්තය වෙනුවෙන් විල්කින්සන් 10, 19, හා 27 මිනිත්තුවල දී ලබා ගත් දඬුවම් පහරවලුත්, රොබින්සන් 38 වන විනාඩියේ දී ලබා ගත් උත්සාහක දිනුමත් නිසා පළමු භාගය අවසන් වන විට 14-05ක් ලෙස එංගලන්ත කණ්ඩායම පෙරමුණේ පසු විය. 

නමුත් පහසුවෙන් පරාජය භාර ගැනීමට අකමැති වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්ලේට්ලි 47 හා 61 යන මිනිත්තුවල දී ලබා ගත් දඬුවම් පහර 2ත් සමඟින් 14-11 ලෙස තරගය තියුණු අතට හැරුණි. 

දකුණු අප්‍රිකාව ප්‍රථම වරට ලෝක කුසලානයක පහස ලැබූ 1995

1991 වසරේ දී පැවති දෙවන ලෝක කුසලාන රග්බි තරගාවලිය සාර්ථකව නිමා වීමෙන් අනතුරුව නැවතත් 1995 වසරේ දී තෙවැනි….

ඒ වන විට තරගය අවසන් වීමට මිනිත්තු 19ක් පමණ ඉතිරි ව තිබූ  නිසා ඕස්ට්‍රේලියානුවන් සිය උපරිමයෙන් ක්‍රීඩා කළේය. එහි ප්‍රතිඵල ලෙස ඕස්ට්‍රේලියානුවන් තරගය නිමා වීමට විනාඩියක් පමණ තිබිය දී දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු තත්ත්වය 14-14ක් ලෙස සම කරගත්තේ අතිරේක කාලය සඳහා තරගය ගෙන යමිනි. 

ඉන් අනතුරුව ඇරඹි පළමු  අතිරේක කාලයේ දෙවන විනාඩියේ දී විල්කින්සන් එංගලන්තය වෙනුවෙන් ද දෙවන අතිරේක කාලයේ 7 වැනි විනාඩියේ දී ප්ලේට්ලි ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ද දඬුවම් පහරවල් සාර්ථක කරගැනීම නිසා ලකුණු තත්ත්වය නැවතත්, 17-17ක් ලෙස සම වූයේ තරගයේ තියුණු බව වැඩි කරමිනි. 

තරගය නිමාවීමට විනාඩි 3ක් තිබිය දී ඕස්ට්‍රේලියානුවන් ලබා ගත් එම දඬුවම් පහර, එංගලන්ත ක්‍රීඩකයන් එක්වරම අසරණ කළ ද, තරගාවලිය පුරා එංගලන්තය වෙනුවෙන් සිය උපරිමය ඉටු කළ විල්කින්සන් ඉන් නොසැලෙමින් රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ සිය රටට ලබා දිය හැකි උපරිම ගෞරවය ලබා දෙමින්, තරගයේ අවසන් විනාඩියේ දී කිසිවෙකු නොසිතූ අයුරින් ඩ්‍රොප් ගෝලයක් මඟින් ලකුණු 3ක් ලබා ගත්තේ එංගලන්ත පිලට ලකුණු  20-17ක ජයක් සමඟින් රග්බි ලෝක කුසලානය උරුම කර දෙමිනි.

Rugby World Cup 2003
විල්කින්සන් අවසන් තරගයේ දී ක්‍රීඩා කරමින් (gettyimages)

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<