ප්‍රබල ජපානය හමුවේ ශ්‍රී ලංකාව අසරණ වෙයි

88
Courtesy - BFA

ආසියානු බේස්බෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 29 වැනි ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලියේ මූලික වටයේ තරග අද (16) දිනයේ දී නිමාවට පත්විය.

අද දිනයේ මූලික වටයේ අවසන් තරගය ලෙස ප්‍රබල ජපානය සමඟ ශ්‍රී ලංකාව තරග වැදුණු අතර එහි දී ලකුණු 15-00ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ප්‍රබල ජපානය සමත් විය.

සත්කාරකයින් හමුවේ ශ්‍රී ලංකා සිහින බොඳ වේ

29 වැනි ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලියේ සාර්ථක තෙවැනි දිනය අද (16) නිමාවට පත්විය. අද දිනයේ…..

ජපානය සහ ශ්‍රී ලංකාව අතර තරගය

මෙම තරගයේ දී ඉනිම් 5ක් අවසානයේ ලකුණු 15-00ක් ලෙස ඉදිරියෙන් සිටි ප්‍රබල ජපාන කණ්ඩායමට ජයග්‍රහණය හිමි වූයේ “5 වැනි ඉනිම අවසානයේ දී කණ්ඩායම් දෙකෙහි ලකුණු අතර පරතරය ලකුණු 15ක් වීම” හේතුවෙනි. (ජපානය 15-00 ශ්‍රී ලංකාව)

ඒ අනුව 5 වැනි ඉනිම අවසානයේ කණ්ඩායම් දෙකේ ලකුණු අතර පරතරය 15ක් වීම නිසාවෙන් ජපාන කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමි විය.

මේ දක්වා පැවති මූලික වටයේ ප්‍රතිඵල වලට අනුව A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ප්‍රබල ජපානය සමත් වූයේ ක්‍රීඩා කළ තරග 3ම ජයග්‍රහණය කරමිනි. A කාණ්ඩයේ දෙවන ස්ථානය සත්කාරක තායිවානයට හිමි වී ඇති අතර හොංකොං රාජ්‍යය සහ ශ්‍රී ලංකාව පිළිවෙළින් තෙවැනි ස්ථානය සහ සිව්වැනි ස්ථානය හිමිකර ගෙන ඇත.

B කාණ්ඩය යටතේ ක්‍රීඩා කළ චීනය, දකුණු කොරියාව සහ පිලිපීනය තරග 2 බැගින් ජයග්‍රහණය කර එම කාණ්ඩයේ පිළිවෙළින් පළමු ස්ථානය, දෙවන ස්ථානය සහ තෙවැනි ස්ථානය හිමිකර ගෙන ඇත. එම කාණ්ඩයේ අවසන් ස්ථානය පාකිස්තානයට හිමිවී ඇත.

ඒ අනුව A කාණ්ඩයෙන් සුපිරි වටයට සුදුසුකම් ලැබීමට ජපානය සහ සත්කාරක තායිවානය සමත් වී ඇති අතර B කාණ්ඩයෙන් සුපිරි වටයට සුදුසුකම් ලබා ඇත්තේ චීනය සහ දකුණු කොරියාවයි.

හොංකොං හමුවේ ශ්‍රී ලංකා බේස්බෝල් අමාරුවේ වැටේ

ආසියානු බේස්බෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ මෙවර ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලිය රටවල් 8කගේ……

තරගාවලියේ සැනසිලි වටය සඳහා හොංකොං රාජ්‍යය, ශ්‍රී ලංකාව, පිලිපීනය සහ පාකිස්තානය ක්‍රීඩා කරනු ඇත.

මෙවර ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලියේ සුපිරි වටයේ තරග සහ සැනසිලි වටයේ තරග හෙට (18) දිනයේ දී ආරම්භ කිරීමට නියමිතව ඇත. චීනය සමඟ ජපානය සහ දකුණු කොරියාව සමඟ සත්කාරක තායිවානය හෙට (18) දිනයේ සුපිරි වටයේ තරග ලෙස තරග වදිනු ඇත.

බටහිර ආසියානු බේස්බෝල් කුසලානය ශ්‍රී ලංකාවට

මෙවර ශ්‍රී ලංකාවේ දී පැවති 14 වන බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ (West Asia Baseball Cup) අවසන්…..

ශ්‍රී ලංකාව සමඟ පාකිස්තානය සහ හොංකොං රාජ්‍යය සමඟ පිලිපීනය හෙට දිනයේ සැනසිලි වටයේ තරග ලෙස තරග වැදීමට නියමිතයි.

මෙවර ආසියානු බේස්බෝල් ශූරතා ශූරතා තරගාවලියේ සියලුම පුවත් සහ තවත් ක්‍රීඩා පුවත් දැන ගැනීමට රැඳී සිටින්න, ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<