ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලිය Covid වැට පනියි ද?

94
SL vs BAN

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය එළඹෙන ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිතය. ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරග තුනකින් යුත් එම තරගාවලිය නොපැවැත්වීම හෝ පැවැත්වීම ගැන තවමත් නිසි තීරණයකට පැමිණ නොමැති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසා සිටියි.

විනිවිද නැති නිසා රසල් ද Tallawahs හැර යන්නට තීරණය කරයි

ක්‍රිස් ගේල් ජැමෙයිකා Tallawahs කළමනාකාරිත්වයට බැණ වැදීමෙන් දිනකට

කෙසේ නමුත් මේ දිනවල පැතිර යන නව කොරෝනා වසංගත තත්වයේ පාලනය සහ ඉදිරියේ දී ඒ ඒ රටවල් විසින් ගනු ලබන තීරණ ද සලකා බලා මේ තරගාවලිය පිළිබඳව හැකි ඉක්මණින්ම අවසන් තීරණයකට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් සිය මාධ්‍ය නිවේදනයේ පවසා තිබේ. 

“අපි පසුගිය 29 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිතුමා එක්ක මේ තරගාවලිය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව කතා කළා. නමුත් දැනට තියෙන තත්වය උඩ අපිට හරියටම තීරණයකට එන්න බැහැ. හැබැයි තත්වය හොඳ නම් අපි අනිවාර්යයෙන්ම මේ ක්‍රිකට් තරගාවලිය පවත්වනවා.” යැයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි නිසාමුඩීන් චෞද්‍රි මහතා Cricbuzz වෙබ් අඩවිය වෙත පවසා ඇත. 

“මේ කොරෝනා වසංගත තත්වය නිසා මාර්තු මාසයේ දී පාකිස්තානය සමඟ කරච්චි නුවර දී පවත්වන්න තිබුණු ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් තරගාවලිය කල් දාන්න වුනා. මැයි මාසයේ දී අපිට අයර්ලන්තය සමඟ ටෙස්ට් තරග දෙකක තරගාවලියක් සඳහා එහේ යන්න තිබුණා. ඒ වගේම ඕස්ට්‍රේලියාව සමඟ අපේ රටේ පවත්වන්න නියමිතව තිබුණු ක්‍රිකට් තරගාවලියත් දින නියමයක් නොමැතිව කල් දන්නා අපිට සිද්ධ වුනා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා තරගාවලියයි, අගෝස්තුවල දී තිබෙන නවසීලන්ත තරගාවලියයි තමයි.” 

“මේ වාර්තාව බොරු එකක්” – ඩිවිලියර්ස්

දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඒ. බී. ඩිවිලියර්ස්

ලොව පුරා වේගයෙන් පැතිරෙමින් යන මේ COVID-19 වසංගත තත්වය නිසා මේ වන විට  228,000කට ආසන්න ප්‍රමාණයකගේ දිවි අහිමි වී ඇත්තේ රෝගය වැලඳී ඇති බවට තහවුරු වූ රෝගීන් ගණන මිලියන 3.21 ඉක්මවා ගිය මොහොතකයි. 

“ශ්‍රී ලංකාවේ වගේම බංග්ලාදේශය තුළත් මේ වසංගතය තත්වය යම් මට්ටමකින් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ කොහොම වුනත් දැනට තියෙන අපේ සැලසුම් අනුව අපි ජූලි තෙවැනි සතියේ දී ශ්‍රී ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ගාල්ලේ දී, කොළඹ දී සහ පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ දී තරග පැවැත්වීමට දැනට සැලසුම් යොදා තියෙනවා.” යැයි එහි දී වැඩිදුරටත් අදහස් පළ කළ චෞද්‍රි මහතා පැවසීය. 

ඉදිරියේ දී ඩුබායි හිදී පැවැත්වීමට නියමිතව තිබෙන ‘ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය’ සහ 2020 ඔක්තෝබර් 18 වැනිදා ආරම්භ වීමට සැලසුම් කර තිබෙන ‘පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය’ පිළිබඳව මේ වන විට අවසන් තීන්දුවක් ගෙන නොමැත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<