රෝහිත් ශර්මාට නව වසරේ පළමු ටෙස්ට් තරගය අහිමි වේ

236

ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන සිව්වැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන ජනවාරි තුන්වැනිදා ආරම්භ වන අතර ඉන්දීය ක්‍රීඩක රෝහිත් ශර්මාට එම තරගය මඟ හැරෙනු ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළේය.

ඒ සිය දියණියගේ උපත සඳහා ඔහු යලි ඉන්දියාව කරා යෑම නිසාවෙනි. ඕස්ට්‍රේලියාව සමඟින් එළඹෙන ජනවාරි 12 වැනිදා ආරම්භ වන තරග තුනකින් යුතු එක්දින තරගාවලිය සඳහා සහභාගී වීමේ අරමුණින් ඔහු ජනවාරි 8 වැනිදා යලි ඕස්ට්‍රේලියාවට පැමිණෙනු ඇත.  

2014 ලෝක ශූරයින් 2020 ලෝක කුසලානයේ පළමු අටට නැහැ

හිටපු විස්සයි විස්ස ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමක් වන ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය, 2020 දී ඕස්ට්‍රේලියාවේ

ඉන්දියාව තවමත් ඔහු වෙනුවට ක්‍රීඩකයෙකු නම් කර නොමැත. මෙල්බර්න් ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ඔහු ඉතා වැදගත් අර්ධ ශතකයක් වාර්තා කළේ ඉන්දියාවට ලකුණු 137ක ජයක් ගෙන දීමට අනගි සහයක් දෙමිනි.

රෝහිත් ශර්මාගෙන් හිස්වන ස්ථානයට ඇතැම් විට හර්දික් පාන්ඩ්‍යා ඇතුළු වනු ඇති බවත් වාර්තා වේ. ඔහු තෙවන ටෙස්ට් තරගයට ප්‍රථමයෙන් කණ්ඩායම හා එක්විය. එසේ නොවුණුහොත් සිඩ්නි තණ තීරුවේ ස්වභාවය අනුව ඉන්දීය කණ්ඩායම දඟපන්දු යවන්නන් දෙදෙනෙක් සමඟින් තරගයට පිවිසෙනු ඇත.

ඕස්ට්‍රේලියානු නායක ටීම් පේන් පවසන්නේ වියළි සිඩ්නි තණ තීරුව ඉන්දියාවට මනා ලෙස ගැළපෙනු ඇති බවයි. ඕස්ට්‍රේලියානු කණ්ඩායම ද තවත් එක් දඟපන්දු යවන්නෙක් කණ්ඩායමට එක් කර ගනිමින්, Marnus Labuschagne හට අවසන් ටෙස්ට් තරගයේ දී අවස්ථාවක් ලබා දෙනු ඇත.

“අපිට අහන්නට ලැබුණා සිඩ්නි තණ තීරුව වියළියි කියලා, මට හොඳටම විශ්වාසයි ඉන්දියාව ඉන් උපරිම ප්‍රයෝජන ගන්න බලාවි” යැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයා Macquarie ගුවන් විදුලි නාලිකාව වෙත අදහස් දක්විමින් පවසා තිබුණා.    

Video – නව වසරේ පළමු පැතුම ජයග්‍රාහීව අවසන් කරන්නේ කොහොමද? – පිටියේ කතා

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ අවසානයේ ගත හැකි ධනාත්මක කරුණු කාරණා

පර්ත් ටෙස්ට් තරගයේ දී එකදු දඟපන්දු යවන්නෙක් හෝ නොමැතිව ක්‍රීඩා කළ ඉන්දියානුවෝ මෙල්බර්න් ටෙස්ට් තරගය සඳහා රවින්ද්‍ර ජඩේජා කැඳවා ගත්තේ රවිචන්ද්‍රන් අශ්වින් ආබාධයකට ලක් වීම නිසයි.

ජඩේජාට අමතරව ඔවුන් සතුව චයිනමන් පන්දු යවන ක්‍රීඩක කුල්දිප් යාදව් සිටියි. ඒ අනුව ඔවුන් එක් පිතිකරුවෙකු අඩුවෙන් දඟපන්දු යවන්නෙක් යොදා ගැනීමට ද ඉඩ තිබෙන බව ජාත්‍යන්තර මධ්‍ය වාර්තා කරයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<