විශේෂ කාර්ය බලකායටත් බේස්බෝල්

131

ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකාව තුළ බේස්බෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනෙහි තවත් එක් අදියරක් ඊයේ (27) කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේ දී පැවැත්විය. එහි දී විශේෂ කාර්ය බලකායට බේස්බෝල් ක්‍රීඩා කිරීමට අවශ්‍ය මූලික උපකරණ ලබා දීම ද සිදු විය.

16න් පහළ බේස්බෝල් ශූරතාවය දඹුල්ලට

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත …

විශේෂ කාර්ය බලකායේ ආඥාපති ලෙස කටයුතු කරන එම්. ආර්. ලතීෆ් මහතා සහ විශේෂ කාර්ය බලකායේ පුහුණු කිරීමේ අධ්‍යක්ෂක එස්. පී. අතුල දවුලගල මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ආරම්භ වූ අතර ඒ සඳහා නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කට අධික සංඛ්‍යාවක් සහභාගී විය. වැඩසටහනට සහභාගී වූ නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩාව පිළිබඳ යම් දැනුමක් ලබා දීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා බේස්බෝල් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුධ හමුදා බේස්බෝල් කණ්ඩායම අතර ප්‍රදර්ශන තරගයක් ද පැවැත්විය.

ජාතික බේස්බෝල් ලීග් ශූරයන් කිරුළු පළඳියි

2018 ජාතික බේස්බෝල් ලීග් ශූරතා තරගාවලියේ අවසන් ….

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ක්‍රීඩාව වන බේස්බෝල් ක්‍රීඩාව මෙරට ආරම්භ කරනු ලැබුවේ 1985 වසරේ දී ය. කොළඹ රාජකීය විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය එලෙස බේස්බෝල් ක්‍රීඩාව ආරම්භ කරන ලද පාසල් වේ. වර්තමානය වන විට ක්‍රීඩා සමාජයන් ද බේස්බෝල් ක්‍රීඩා කරන අතර ජාතික මට්ටමේ බේස්බෝල් ලීගයක් ද පවත්වනු ලබයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<