Home Sinhala ශතකයකින් සහ අර්ධ ශතක දෙකකින් බංග්ලාදේශය වැඩ අල්ලයි

ශතකයකින් සහ අර්ධ ශතක දෙකකින් බංග්ලාදේශය වැඩ අල්ලයි

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

304
Bangladesh tour of Sri Lanka 2021

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයට සමගාමීව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (21) මහනුවර පල්ලෙකැලේ දී ආරම්භ වුනා.

පළමු දිනය අවසන් වන විට කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය පළමු ඉනිම සඳහා කඩුලු දෙකක් දැවී ලකුණු 302ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල මට්ටමක පසුවෙනවා.

අද දිනයේ දී බංග්ලාදේශ ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට එරෙහිව ශතකයක් සහ අර්ධ ශතක දෙකක් ලබා ගන්නට සමත් වුනා. යොවුන් වමත් පිතිකරු Najmul Hossain Shanto සිය මංගල ටෙස්ට් ශතකය ලබා ගනිමින් නොදැවී ලකුණු 126*ක් ලබාගෙන සිටින විට, නායක Mominul Haque නොදැවී ලකුණු 64*ක් සමඟ කඩුල්ලේ රැඳී සිටිනවා.

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් තුල තණකොළ තරමක් තිබෙන තණතීරුවක් දැකගන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර මේ පළමු ටෙස්ට් තරගය සඳහා සූදානම් කර තිබුණේ ද එවැනි ආකාරයක තණතීරුවක්.

Mominul Haque කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර දිමුත් කරුණාරත්න ද එහි දී පවසා සිටියේ පළමුව පන්දු යැවීම සඳහා තමන් ඇතුළු කණ්ඩායම සූදානමින් සිටි බවයි. දිමුත්ගේ උපන් දිනය ද අද දිනයට යෙදී තිබීම සුවිශේෂී වුනා.

වෙනදාට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ටෙස්ට් තරගයක් සඳහා ශ්‍රී ලංකාව පැමිණෙන්නේ දඟපන්දු යවන්නන් හට වැඩි බරක් තබා එක් වේගපන්දු යවන්නෙක් හෝ වේගපන්දු යවන්නන් දෙදෙනෙක් සමඟ යුතු සංචිතයක් වුවත්, පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකාව වේගපන්දු යවන්නන් තිදෙනෙක් සමඟ ක්‍රීඩා කිරීම තරමක් සුවිශේෂී වුනා.

එසේම පල්ලෙකැලේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට වේගපන්දු යවන්නන් තිදෙනෙක් සමඟ ක්‍රීඩා කර තිබෙන්නේ 2015 ජූලි මාසයේ දී පාකිස්තානයට එරෙහිවයි.

>>Photos: Bangladesh tour of Sri Lanka 2021 | 1st Test – Day 1<<

එසේම කොදෙව් දේශයේ දී ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරගයට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කරමින් දිනේෂ් චන්දිමාල් සහ දුෂ්මන්ත චමීර වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් සහ ලහිරු කුමාර මේ තරගයට ක්‍රීඩා කළා. 

පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින්,

බංග්ලාදේශය: Tamim Iqbal, Saif Hassan, Najmul Hossain Shanto, Mominul Haque (c), Mushfiqur Rahim, Liton Das (wk), Mehidy Hasan Miraz, Taijul Islam, Taskin Ahmed, Abu Jayed, Ebadat Hossain.

ශ්‍රී ලංකාව: Dimuth Karunaratne (c), Lahiru Thirimanne, Oshada Fernando, Pathum Nissanka, Angelo Mathews, Dhananjaya de Silva, Niroshan Dickwella (wk), Wanindu Hasaranga, Suranga Lakmal, Lahiru Kumara, Vishwa Fernando.

බංග්ලාදේශ පළමු ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි Tamim Iqbal සහ Saif Hassanගේ සබඳතාවය ලකුණු 8කට සීමා කරමින් Saif Hassanගේ කඩුල්ල ලකුණු නොලබා සිටිය දී ම දවා ගැනීමට වමතින් වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු සමත් වුනේ ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දෙමිනි.

එහිදී කඩුල්ල මුවාකිරීමේ වරදකට ශ්‍රී ලංකාව ඉල්ලීමක් කළ ද, පිටියේ විනිසුරු ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන එය නොදැවී යාමක් ලෙස සටහන් කළ නිසාවෙන් ශ්‍රී ලංකාව විනිසුරු තීරණ නැවත පරික්ෂා කිරීමේ අවස්ථාවක් උපයෝගී කරගනිමින් එය නැවත විමසා සිටි අතර එහි දී එය දැවී යාමක් ලෙස සටහන් වුනා.

කෙසේ නමුත් අනතුරුව පිටියේ එක්වුණු Tamim සහ Shanto දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 144ක සුපිරි සබඳතාවයක් ගොඩනංවමින් බංග්ලාදේශ ලකුණු සටහන සවිමත් කළා. එහි දී Tamim ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වෙමින් පන්දු 101ක් තුල ලකුණු 90ක් ලබා ගත්තේ 4 පහර 15ක් එල්ල කරමිනි. එහි දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 29 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගැනීමට ද Tamim සමත් වුනා.

ශතකය පෙනෙන මානයේ සිටි Tamim විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ ලහිරු තිරිමාන්න වෙත උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගිය අතර ඉන් නොනැවතුණු බංග්ලාදේශ පිතිකරුවන් තුන්වැනි කඩුල්ල සඳහා නොදැවුණු ලකුණු 150*ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාව දෙසට තවදුරටත් පීඩනය යොමු කළා.

පල්ලෙකැලේ තණතීරුව මත දැනට පවත්වා තිබෙන ටෙස්ට් තරගවල පළමු දිනයේ කඩුලු බිඳ වැටීමේ සාමාන්‍ය කඩුලු 9ක් වුවත්, අද දිනයේ දී බිඳ වැටුණේ කඩුලු දෙකක් පමණයි. ඒ බංග්ලාදේශය දියත් කළ සුපිරි පිතිකරණය නිසාවෙනි.

විශ්ව ප්‍රනාන්දු ලබා ගත් කඩුලු දෙක හැරෙන්නට අනෙක් එකඳු පන්දු යවන්නෙක්ට හෝ සාර්ථක වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. 

හෙට (22) තරගයේ දෙවැනි දිනයයි. තරගාවලියේ  සියලු තරග තොරතුරු JAT සහ NDB අනුග්‍රහය ඇතිව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: controllers/Embed.php

Line Number: 86

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once


A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: embed/match_result.php

Line Number: 115

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<