Rohitගෙන් Impact Player ගැන විවේචන

IPL 2024

116
Rohit Sharma

පසුගිය වසරේ පටන් IPL තරගාවලියට හඳුන්වා දුන් Impact Player අවස්ථාව සම්බන්ධයෙන් තමන් එතරම් සතුටක් නොදක්වන බව ඉන්දීය ක්‍රීඩක Rohit Sharma පවසනවා. 

මෙම නීතිය අනුව ඕනෑම තරගයක් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සංඛ්‍යාව 11 දෙනාගේ සිට 12 දෙනෙකු දක්වා ඉහළ යන අතර, මේ මගින් ප්‍රේක්ෂකයින්ට යම් විනෝදාස්වාදයක් සැපයුවත් එය ක්‍රීඩාවට සහ ක්‍රීඩකයින්ට එතරම් හොඳ වාතාවරණයක් නිර්මාණය නොකරන බවයි Rohit අවධාරණය කරන්නේ. 

මම Impact Player එකේ ලොකු රසිකයෙක් නෙවෙයි, ඔයා ක්‍රීඩාව වටා ඉන්න රසිකයින්ට විනෝදාස්වාදයක් සපයන්න ක්‍රීඩාවෙන් බොහෝ දේ ගන්නවා. 

මේ හරහා Shivam Dube, Washington Sundar වැනි ක්‍රීඩකයින්ට ඇති අවස්ථා අතිශය සිමීත වී ඇති බවයි ඔහු පවසන්නේ. 

ඉන්දීය කණ්ඩායම මේ දින වල එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් සිය සංචිතය සකසා ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් ලබා දී තිබුනත්, ඔවුන්ට සමබර කණ්ඩායමක් නිර්මාණය කර ගැනීම පිළිබඳ යම් ගැටලුවක් නිර්මාණය වී ඇති බව වටහා ගත හැකි. 

විශේෂයෙන්ම ඉන්දියාව සතු අවම තුන් ඉරියව් ක්‍රීඩක සම්පත් හේතුවෙන් ඔවුන්ට සිය මැද පෙළ වෙනුවෙන් බලාපොරොත්තු තැබීමට ඉතිරි වී ඇත්තේ Hardik Pandya සහ Ravindra Jadeja වෙත පමණයි. 

මෙහි දී Washington Sundar, Shivam Dube වැනි ක්‍රීඩකයින් ද තුන් ඉරියව්වෙන් ම දක්ෂතා දක්වන අය ලෙස කැපී පෙනුනත්, මෙවර IPL තරගාවලියේ දී ඔවුන්ට Impact Player නීතිය නිසා සිය දක්ෂතා හරි හැටි ප්‍රදර්ශනය කිරීමට අවකාශය හිමි නොවූ තරම්. 

Shivam මෙවර තරගාවලියේ දී බොහෝ විට Impact Player අවස්ථාවට ලඝු වූ අතර, ඒ හේතුවෙන් ඔහුව පිතිකරුවකු ලෙස පමණයි දක්නට ලැබුණේ. 

Rohit Sharma විසින් ඉහත ගැටලුව විස්තර කරමින් පවසන්නේ මෙම නව නීතිය මගින් ඉන්දීය කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩකයින් සොයා ගැනීම තවත් අපහසු කරවනා බවයි. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<