එංගලන්ත හිටපු ක්‍රිකට් වීරයා ජීවන රඟ මඬලට සමුදෙයි

288

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක Robin Jackman මහතා ඊයේ (25) අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ වන විට එතුමා 75 වැනි වියේ පසු වූ ඔහුගේ උගුරේ පිළිකාවක් ඇති බවට 2012 වසරේ දී හඳුනා ගෙන ඇති අතර එය ඉවත් කිරීම සඳහා සැත්කම් දෙකකට ද භාජනය කර ඇත.

“වයස අවුරුදු 75 දී අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය ක්‍රිකට් විස්තර විචාරක සහ හිටපු එංගලන්ත පන්දු යවන ක්‍රීඩක Robin Jackman මහතාගේ අභාවය ගැන දැන ගැනීම අපට කනගාටුවට කරුණක්. මේ දුෂ්කර කාලය තුළ ක්‍රිකට් ලෝකය වෙනුවෙන් විශාල සේවයක් කළ Robin Jackman මහතා වෙනුවෙන් ඔහුගේ පවුලේ අය සහ මිතුරන් අපි අපගේ ශෝකය ප්‍රකාශ කර සිටිනවා” යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

තවත් ක්‍රීඩා පුවත්:

ඉන්දියාවේ Shimla හි උපත ලැබූ Robin Jackman එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 4ක් සහ එක්දින තරග 15කට ක්‍රීඩා කර ඇති අතර ඔහු දිවියේ කඩුලු 33ක් දවාගෙන ඇත. ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවිය වසර 16ක් ඉතිහාසයකට හිමිකම් කියයි. එහි තරග 399ක දී 22.80ක සාමාන්‍යයකින් පළමු පෙළ කඩුලු 1402ක් ලබා ගත් ඔහු ලකුණු 5681ක් රැස් කර ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමෙන් පසු ඔහු ක්‍රිකට් විස්තර විචාරකයෙක් ලෙස සේවය කළ අතර වසර ගණනාවක් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාවට සිය හඬ ලබා දුන්නේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<