ලොව අංක එකේ විනිසුරුගෙන් දශකයයි; ශතකයයි

23802

වර්තමානයේ ලොව අංක එකේ විනිසුරු ලෙස නම් දැරූ කුමාර් ධර්මසේන මේ වන විට නව ලෝක වාර්තාවක් අභියස රැඳී සිටී. ඒ එදා මෙදා තුර එක්දින ජාත්‍යන්තර තරග සියයක් විනිශ්චය කරන විනිසුරුවරයෙකු ලෙස වාර්තා පොත් අතරට එක්වීම සඳහා යි.

මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 98කට විනිසුරුවරයෙකු ලෙස තම දායකත්වය ලබා දී ඇති ධර්මසේන තවත් නොබෝ දිනකින් තම තරග 100 සංධිස්ථානය පසුකිරීමට නියමිතව සිටින්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරගයක දී ය.

ලෝකයේ පළවැනියා දක්වා ආ ගමන ගැන කුමාර් ධර්මසේන කියන කතාව

කෙටි පියවර කිහිපයක් දිවවිත් කඕෆ් කටර් පන්දු යවන්නකු ලෙසින් අප ඔහුව දුටුවේ 1993 වසරේ දී දකුණු අප්‍රිකානු පිලට එරෙහිව…

වර්තමාන විනිසුරුවරුන් අතරින් මීට පෙර එම කඩඉම පසුකිරීමට සමත් වී ඇත්තේ පාකිස්තානයේ අලීම් ඩාර්, එංගලන්තයේ ඉයන් ගෝල්ඩ් සහ නයිජල් ලෝන්ග් යන තිදෙනා පමණි. මේ අතරින් එක්දින තරග 203ක් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ ඩාර් ලොව එදා මෙදා තුර වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් විනිශ්චය කළ විනිසුරුවරුන් අතර දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ තරග 209ක් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ හිටපු විනිසුරු රුඩී කර්ස්ටන්ට පමණක් දෙවැනි වෙමිනි.

2009 වසරේ දී මුල්ම වතාවට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ශ්‍රී ලංකාවේ දී පැවති එක්දින ජාත්‍යන්තර තරගයක් විනිශ්චය කරමින් තම විනිසුරු දිවිය ඇරඹූ ධර්මසේන මේ වන විට ක්‍රිකට් ලෝකයේ අංක එකේ විනිසුරුවරයා බවට පාත්‍ර වී තිබීම ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්ෂේත්‍රය ද රටක් වශයෙන් ලබා ගත් සුවිශේෂී සංධිස්ථානයකි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) මගින් සංවිධානය කරන ලද වාර්ෂික සම්මාන උළෙලේ හොඳම විනිසුරු ලෙස දෙවතාවක්ම සම්මානයට පාත්‍ර වීමට ඔහු සමත් වූයේ 2012 සහ 2018 වසර දෙකේ දී ය.

අත්දැකීම්වලින් එංගලන්තයේ හුළං බැස්සූ සිංහයා

ශ්‍රී ලංකාව ඊයේ (22) සත්කාරක එංගලන්තය හමුවේ සුපිරි ජයග්‍රහණයක් වාර්තා කළ අතර තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත් සුපිරි…

මේ වන විට දශකයකට ආසන්න කාලයක සිට ජාත්‍යන්තර විනිසුරු වෘත්තියේ නියැලෙන ධර්මසේන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) මගින් නම් කරන 12 දෙනෙකුගෙන් සමන්විත අධිශ්‍රේණිගත විනිසුරු මඩුල්ලේ ද එක් සාමාජිකයෙකි.

එක්දින තරගවලට අමතරව ටෙස්ට් තරග 60ක් සඳහා ද විනිශ්චය කටයුතු සිදු කර ඇති ඔහුගේ ඉදිරි විනිසුරු දිවියේ මූලිකතම සංධිස්ථානය බවට පත් වී තිබෙන්නේ ටෙස්ට් තරග සියයක් විනිශ්චය කිරීමේ බලාපොරොත්තුවයි.

කෙසේ වෙතත් එක්දින තරග සියයක් විනිශ්චය කිරීමේ භාග්‍යය සපුරා ගැනීම අභිමුවම සිටීමට දැනටමත් සමත් වී ඇති ධර්මසේන වර්තමාන ක්‍රිකට් ලෝකයේ වඩාත් පිළිගැනීමකට ලක් වූ විනිසුරුවරයෙකු බවට පත්ව සිටින්නේ ඔහුගේ විනිසුරු තීරණ අනෙකුත් විනිසුරුවන්ගේ තීන්දු තීරණවලට වඩා බොහෝ විට නිරවද්‍ය වන හෙයිනි.

ලෝක කුසලානයේ දකුණු අප්‍රිකානු ශාපය

දකුණු අප්‍රිකාව මෙවර ලෝක කුසලානයේදී දැක්වූ අසාර්ථකත්වය බොහෝදෙනාගේ අවධානයට යොමු විය. මුල් තරග 3ම පරාජය….

මීට පෙර ශ්‍රී ලාංකික විනිසුරුවරයෙකු ලෙස එක්දින තරග 100ක සංධිස්ථානය සපුරා ගැනීමට සමත් වී තිබෙන්නේ හිටපු විනිසුරු අශෝක ද සිල්වා පමණි. ඔහු එක්දින ජාත්‍යන්තර තරග 122ක් සඳහා තම විනිසුරු දායකත්වය ලබා දී ඇත.

එමෙන්ම මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය විනිශ්චය කිරීමේ මහඟු අවස්ථාව උදා කර ගැනීමට සිටින ඔහු මීට පෙර 2015 ලෝක කුසලාන අවසන් මහා තරගය සහ 2016 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරගය විනිශ්චය කිරීමේ භාග්‍යය උදාකර ගත්තේ ය. විනිසුරුවරයෙකු වශයෙන් ලබාගන්නා ඉහළම සංධිස්ථානයක් වන ලෝක කුසලාන අවසන් මහා තරග විනිශ්චය කිරීමේ අවස්ථාව ඔහුට මීට පෙර අවස්ථා වල මගහැරී ගියේ ශ්‍රී ලංකාව එම ලෝක කුසලාන අවසන් තරගවලට සුදුසුකම් ලැබීම හේතුවෙනි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති වලට අනුව උපරිම වශයෙන් තවත් වසර 13ක කාලයක් විනිසුරු වෘත්තියේ රැඳී සිටීමට හැකියාවක් ඇති කුමාර් ධර්මසේනට එම කාලසීමාව තුල විනිසුරුවරයෙකු ලබාගත හැකි මෙවන් සියලුම කඩඉම් පසුකොට ලොව එදා මෙදා තුර බිහි වූ හොඳම විනිසුරුවරයා වනු දැකීම ශ්‍රී ලාංකික අපගේත් ප්‍රාර්ථනයයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<