බංග්ලාදේශ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ඉවත් කරයි

7968

බංග්ලාදේශ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික ස්ටීව් රෝඩ්ස් හා බංග්ලාදේශ ක්‍රිකට් පරිපාලනය අතර පැවති හමුවකට පසුව 2020 විස්සයි විස්ස ලෝක කුසලානය දක්වා රෝඩ්ස් සමඟ පැවති ගිවිසුම අවලංගු කිරීමට දෙපාර්ශවයම ඊයේ (8) ඒකමතිකව තීරණය කර ඇත.

හසින්ත විජේරත්න තුන් ඉරියව් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් …..

මේ පිළිබඳව අදහස් දැක්වූ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන නිස්මුඩීන් චෞද්‍රි විසින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත මේ බව තහවුරු කරන ලදි.

පසුගිය වසරේ ජුනි මාසයේ දී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තේරී පත්වූ 55 හැවිරිදි ස්ටීව් රෝඩ්ස් පුරා වසරකට ආසන්න කාලයක් එහි සේවය කළ නමුත් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසානයේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලබා ගත් ස්ථානය පිළිබඳව සලකා බලා මේ තීරණය ගෙන ඇත. 

ඔහුගේ නියමිත කොන්ත්‍රාත්තුව අවසන් වීමට තවත් වසර එකහමාරක පමණ කාලයක් ඉතිරිව තිබෙන නමුත් දෙපාර්ශවය අතර ඇතිවූ එකඟතාවයට අනුව මේ තීරණය ලබාගෙන තිබෙන නිසා කිසිදු පාර්ශවයක් විසින් වන්දි ගෙවීමක් සිදු කිරීම අවශ්‍ය නොවේ.

“ඔහු මේ තනතුර පිළිබඳව කලකිරීමකින් නෙමේ ඉවත් වුනේ. මොකද ඔහුගේ ගිවිසුම්ගත කාලය ඉවර වෙන්නේ ලබන අවුරුද්දේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන්. අපි දෙපාර්ශවය අතර ඇතිවුණු සුහද එකඟතාව මත තමයි මේ දේ වුනේ. ඒ නිසා මීළඟට තියෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ඔහු බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ නැහැ.” යැයි චෞද්‍රි පැවසීය.

බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එන්න කැමති වෙයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසානයත්…..

ගෙවී ගිය මාස කිහිපය පුරාවට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ රට තුල හා ඉන් පිටත පැවැත්වුණු තරගාවලි තුල ඉතාමත් හොඳින් තරග වැදුණු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට ද ඔවුන් සමත් විය. 

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වීමත් සමඟ මේ මස 26 වැනිදා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිත අතර ඒ තරගාවලිය සඳහා එක්දින ක්‍රිකට් තරග 3ක් පැවැත්වේ. ඉන් පසුව මේ වසර අවසානයේ දී බංග්ලාදේශ කණ්ඩායම විස්සයි විස්ස තරග තුනක් හා ජාත්‍යන්තර එක්දින තරග 2ක් සඳහා ඉන්දියාවේ තරග සංචාරයක නිරත වීමට ද සූදානමින් සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<