බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එන්න කැමති වෙයි

22573

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසානයත් සමඟ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සහභාගී වන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය මේ මස 26 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා සංචාරයෙන් බංග්ලාදේශ ප්‍රබලයින් කිහිප දෙනෙක් ඉවතට?

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ……..

පසුගිය දා දිවයිනේ උද්ගත වූ අනාරක්ෂිත තත්වයට පසුව බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් සිය කණ්ඩායම මෙරටට එවීම පිළිබඳව යම් දෙගිඩියාවකින් පසුවත්, දෙරටේ ක්‍රිකට් බලධාරීන් අතර ඇතිවූ සාකච්ඡා සාර්ථක වීම නිසාවෙන් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ මෙම තරගාවලිය පැවැත්වීමට බලධාරීන් තීරණය කර ඇත. ‍

එක්දින තරග 3කින් සමන්විත මෙම තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලබන 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර ඔවුන් දින 10ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත. ලබන මස 26, 28 සහ 31 යන දිනයන්හි පැවැත්වීමට නියමිත මෙම තරග තුනම දිවා/රාත්‍රි තරග වශයෙන් පැවැත්වේ.

ඒ අනුව පසුගිය දා දිවයිනේ ඇති වූ තත්වයට පසුව ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු සංචාරක ක්‍රිකට් කණ්ඩායම බවට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පත්වේ. එසේම මෙම තරගාවලිය ලසිත් මාලිංගගේ අවසන් එක්දින ක්‍රිකට් තරගාවලිය වීමට ද වැඩි ඉඩකඩක් තිබෙන නමුත් ඒ පිළිබඳව තවමත් ඔහු නිසි ප්‍රකාශයක් කළ නොමැත‍.

ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාලසටහන නිකුත් වේ

සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසිලන්ත …….

මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර බංග්ලාදේශ කණ්ඩායම එම තරගාවලිය නිමා කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 01 වැනිදා නැවතත් දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.

තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා – බංග්ලාදේශ සංචිත ඉදිරි සති දෙක තුල ප්‍රකාශයට පත්වනු ඇත.

තරග කාලසටහන

  • ජූලි 26 – පළමු එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී
  • ජූලි 28 – දෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී
  • ජූලි 31 – තෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී 

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<