හසින්ත විජේරත්න තුන් ඉරියව් දක්ෂතා දක්වයි

355

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (08) දින පැවති තරග අතුරින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වීමට වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ හසින්ත විජේරත්න සමත් විය.

ප්‍රශාන් කල්හාරගෙන් සුපිරි පන්දු යැවීමක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස ….

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ හලාවත සාන්ත මරියා විද්‍යාලය අතර තරගය (Group P)

වෙන්නප්පුවේ දී පැවති මෙම තරගයෙන් සාන්ත ජෝසප් වාස් විද්‍යාලය ලකුණු 54කින් ජය ගත්තේය.

කාසියේ වාසිය දිනූ සාන්ත ජෝසප් වාස් ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස ලකුණු 198ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත මරියා ක්‍රීඩකයන් ලබා ගත්තේ ලකුණු 144ක් පමණි. මෙම තරගයේ දී සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ හසින්ත විජේරත්න පිතිකරුවෙක් ලෙසින් අර්ධ ශතකයක් ලබා ගෙන, පන්දු යැවීමේ දීද කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය : සියලු දෙනා දැවී 198 (42.4) : හසින්ත විජේරත්න 60, චානුක සංදීප 24, මධුශාන් පිංටෝ 4/29, සෙනාල් අප්පුහාමි 3/40, අකින් ටිරෝෂ් 2/27.

සාන්ත මරියා විද්‍යාලය : සියලු දෙනා දැවී 144 (46) : සෙනාල් අප්පුහාමි 55, නවිඳු සත්සර 25, එන්. පී. උක්වත්ත 23, හසින්ත විජේරත්න 4/29,
රවිඳු මධුරංග 2/31.


පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර තරගය (Group C)

පන්නිපිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 10ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට මහානාම විද්‍යාලය සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ මහානාම විද්‍යාලය මෙවර තරගාවලියේ ලබාගත් මුළු තරග ජයග්‍රහණ සංඛ්‍යාව 5 දක්වා ඉහළ නැගීය.

කාසියේ වාසිය දිනූ ධර්මපාල විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලු දෙනා දැවී ලකුණු 96ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් මහානාම ක්‍රීඩකයන් කිසිවෙකුත් නොදැවී එම ඉලක්කය පසුකර යාමට සමත් විය.


ධර්මපාල විද්‍යාලය : සියලු දෙනා දැවී 96 (34.2) : තිසර ශිෂාන 18, පවන් රත්නායක 4/15, දෙවිඳු කැකිරිදෙණිය 3/15.

මහානාම විද්‍යාලය : කිසිවෙක් නොදැවී 97 (20.4) : 
කුශාන් රෝහණ නොදැවී 64, ශෂික වැලිවත්ත නොදැවී 26.



පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය (Group A)

පිළියන්දල දී පැවති මෙම තරගයෙන් ලකුණු 90ක ජයග්‍රහණයක් ලබා ගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනූ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි තර්ස්ටන් ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 288ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් පිළියන්දළ ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 198ක් පමණි.

Photos: Piliyandala Central College vs Thurstan College | U17 Cricket Tournament 2019


තර්ස්ටන් විද්‍යාලය : කඩුලු 6ක් දැවී 288 (50) එස්. මජීබ් 81, විහඟ ජයමාන්න 68, ඉසිර මතීෂ නොදැවී 58, රනේෂ් සිල්වා 26, ඔෂාන් හංසික 20, කුසල් දීමන්ත 3/41.

පිළියන්දළ මධ්‍ය මහා විද්‍යාලය : සියලු දෙනා දැවී 198 (37.3) : ලක්ෂිත හංසක 64, සිතුම් නිම්ලක 55, තමෝද්‍ය රවිශ්ක 25, පුන්සිල කුමාර 4/38, සුජන ලොනේච් 3/22.

අභිශේක් ලියනාරච්චි ශතකයක් ලබා ගනී

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස….



කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය අතර තරගය (Group M)

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත ආනා විද්‍යාලය සමත් විය.

Photos: St. Anne’s College vs Maliyadeva College | U17 Cricket Tournament 2019

මලියදේව විද්‍යාලය : සියලු දෙනා දැවී 111 (37.1) : නිතිල ධර්මදාස 31, පසිඳු තෙන්නකෝන් 4/09, මන්නන් මුසාමිල් 2/13.

සාන්ත ආනා විද්‍යාලය : කඩුලු 3ක් දැවී 112 (28.3) : රිශිත පෙරේරා 30, දිල්හාර දේශබන්දු නොදැවී 34. 


>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<