Champions League ක්‍රිකට් තරගාවලිය නැවතත්? 

319

ලොව වටා සිටින ක්‍රිකට් පරිපාලකයින් නැවතත් ‘Champions League’ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට දැඩි කැමැත්තක් දක්වන බව Telegraph Sport පුවත් වෙබ් අඩවිය විසින් වාර්තා කර සිටියි. 

වර්ණවාදයට සංගාගෙන් පිළිතුරක්

මේ දිනවල ලොව පුරා කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති වර්ණවාදය සහ ජාතිවාදය පිළිබඳව සිය මතය…

“Champions League තරගාවලිය ආරම්භ කරනවා නම් අපි ඒකට ගොඩක් කැමැත්තෙන් ඉන්නේ. පාපන්දු සහ රග්බි ක්‍රීඩාවල ඒ ක්‍රීඩා සමාජ අතර පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි දැක්කම අපිට හිතෙනවා ඒවා ක්‍රිකට් ක්‍රීඩාවටත් යොදාගන්න මේ හොඳම කාලය කියලා.” යයි Surrey ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ ප්‍රධාන විධායක නිලධාරී Richard Gould මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.  

ඔහුගේ මෙම අදහසට සහය දක්වමින් ඊට සමාන අදහසක් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ Rajasthan Royals කණ්ඩායමේ ප්‍රධාන හිමිකරු Manoj Badale ද මෙසේ පැවසීය. 

“Champions League තරගාවලියේ හොඳ දෙයක් තමයි, ඒ හරහා කුඩා පන්දුවාර 20 ලීග් තරගාවලි වලට හොඳ පැහැදිලි අරමුණක් ලබා දෙනවා. ඒ හරහා ඒ තරගාවලි වල ප්‍රමිතිය ඉහළ යනවා. නමුත් ජාත්‍යන්තර තරගාවලි කාලසටහන මීට අභියෝගයක්.” 

ඒ අනුව මෙම Champions League ක්‍රිකට් තරගාවලිය නැවතත් හඳුන්වා දෙන්නේ නම් ඊට IPL ක්‍රීඩා කරනු ලබන තරගාවලි වල මෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ද සහයෝගය අතිශය වැදගත් වනු ඇත. 

ලොව සිටින හොඳම පන්දුවාර 20 කණ්ඩායම් වලට එකිනෙකට එරෙහිව තරග කිරීමට අවස්ථාව සලසා දුන් ‘Champions League’ තරගාවලිය පළමුව 2009 වසරේ සිට 2014 වසර දක්වා පවත්වනු ලැබූ නමුත් ඒ කෙරෙහි තිබූ උනන්දුව හා විකාශන ගිවිසුම අතර තිබූ විෂමතාවන් හේතුවෙන් තරගාවලිය අවලංගු කර දමන්නට කටයුතු කෙරිනි. තවද එහි අවසන් වසර දෙකක කාලය තුළ මෙම තරගාවලිය පවත්වනු ලැබූ දින සහ එංගලන්තයේ ප්‍රාන්ත තරගාවලි වාරයේ දින අතර තිබූ ගැටීම හේතුවෙන් ඒ සඳහා එංගලන්තය නියෝජනය කරමින් කණ්ඩායම් එක්වූයේ ද නැත. 

“Champions League තරගාවලිය ආරම්භ කරනවා නම් මම අනිවාර්යයෙන් ඒකට මගේ සහයෝගය පළකරනවා. නමුත් මේ තරගාවලිය හරහා ඇතිවෙන ප්‍රතිඵල මොනවාද, යම්කිසි තීරණ ගැනීමක් සිදුවිය යුතු ද සහ ඊට අදාළ මූල්‍යමය තත්වය කෙසේ ද වගේ දේවල් ගැන සාකච්ඡා කිරීම වැදගත්.” යයි IPL හිටපු මෙහෙයුම් ප්‍රධානී Sundar Raman මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත. 

හිටපු ශ්‍රී ලංකා නායිකාව UAE හි හිරවෙයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් නායකත්වයේ වගකීම් ඉටු කළ ක්‍රීඩිකාවක් වන චාමිනි සෙනවිරත්න…

“ඒ කාලේ දී Champions League තරගාවලියේ තිබ්බ වාණිජ ආකෘතිය සාර්ථක වුනේ නැහැ. නමුත් මට ලොකු විශ්වාසයක් තියෙනවා, දැන් ඔවුන්ට සාර්ථක තරගාවලියක් සංවිධානය කරන්න පුළුවන් වෙයි කියලා. මම IPL තරගාවලියේ කණ්ඩායම් වල ඉන්න අනෙක් පරිපාලකයෝ එක්කත් මේ ගැන කතා කරලා තියෙනවා. ඔවුන් හැමෝම වගේ ලොකු කැමැත්තකින් ඉන්නේ මේ තරගාවලිය නැවතත් ආරම්භ කරනවා නම්.” යයි Gould මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසීය. 

තවද වෙනත් රටවල් කිහිපයකම ක්‍රිකට් පරිපාලකයින් ද ‘Champions League’ තරගාවලිය වැනි තරගාවලියක් නැවතත් ආරම්භ කිරීමේ අදහසට ඔවුන්ගේ සහයෝගය දක්වා ඇත. 

“දේශීය කණ්ඩායම් වලට ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියක් සහ උනන්දුවක් ලැබෙනවා නම් ඒක ඔවුන්ට ගොඩක් වැදගත් වෙයි.” පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ Multan Sultans කණ්ඩායමේ සම හිමිකරු Ali Khan පැවසීය. 

“Champions League තරගාවලිය ගොඩක් හොඳ අදහසක්. ඒත් ඒක පැවැත්වුන කාලෙට සුදුසු එකක් නෙමෙයි. නමුත් පන්දුවාර 20 තරග ලොව පුරා ප්‍රසිද්ධ වෙලා තියෙන දැන් වගේ කාලෙක CPL, PSL, IPL සහ Big Bash වගේ තරගාවලි වල ඉන්න හොඳම කණ්ඩායම් වලට එකිනෙක තරග කරන්න ලැබෙන Champions League වගේ තරගාවලියක් පැවැත්වීම ගොඩක් සාර්ථක දෙයක් වෙයි කියලා මම විශ්වාස කරනවා.” යයි Big Bash තරගාවලියේ Melbourne කණ්ඩායම් දෙකේම ප්‍රධානී ධූරය හොබවන Nick Cummins මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත. 

“අපි අනිවාර්යයෙන්ම ඒක ගැන සලකලා බලනවා. මොකද දේශීය තරගාවලි වල ජයග්‍රාහකයින්ව තවදුරටත් ඉදිරියට රැගෙන යන්න ක්‍රමයක් අපි සොයාගත යුතුයි.” දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක Jacques Faul පැවසීය. 

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඔවුන්ට එළිමහන් පුහුණුවීම් කටයුතු කිරීම…

තවද Federation of International Cricketers’ Associations (FICA) හි ප්‍රධානී Tom Moffat මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ ‘Champions League’ තරගාවලිය පැවැත්වීම සඳහා සුදුසු කාලසීමාවක් සොයාගත හැකි නම් එය පැවැත්වීමේ හොඳ හැකියාවක් පවතින බවයි. 

“හොඳ සන්දර්භයක් වගේම තේරුමක් තියෙන තරගාවලි ක්‍රීඩකයින් විසින් ගොඩක් අගය කරනවා. ඉතින් ඒ වගේ දේවල් ලබා දෙන්න පුළුවන් ඕනෑම සංකල්පයකට සාර්ථක වෙන්න පුළුවන් හොඳ හැකියාවක් තියෙනවා වගේම වාණිජමය වශයෙන් සාර්ථක වෙන්නත් ලොකු අවස්ථාවක් තියෙනවා. ඉතින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) සහ රටවල් වල ක්‍රිකට් පාලක මණ්ඩල වලට ලෝක ක්‍රිකට් ආකෘතිය ගැන බලලා මේ තරගාවලියට නිසි පරිදි දින නියම කරගෙන ඒක පවත්වන්න හොඳ අවස්ථාවක් තියෙනවා.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<