විස්සයි විස්ස පන්දු යැවීමේ මුලසුන Ravi Bishnoiට

1454

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමට අනුව විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ අංක 01 ස්ථානයට පැමිණීමට Ravi Bishnoi සමත් වී තිබෙනවා.

ප්‍රසාද ලකුණු 699ක් ලබා ගනිමින් ඔහු එලෙස පෙරමුණ ලබා ගැනීමට සමත් වී තිබෙන අතර නිමා වූ ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලියේ ඔහු දැක් වූ දස්කම් නිසා ඔහු මෙලෙස පෙරමුණට පැමිණ තිබෙනවා.

නවත ශ්‍රේණිගත කිරීමට අනුව පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 692ක් ලබා ගනිමින් ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක Rashid Khan හිමි කරගෙන තිබෙන අතර ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ප්‍රසාද ලකුණු 679ක් ලබා ගෙන තුන්වැනි ස්ථානයේ පසු වෙනවා.

එමෙන්ම පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු 677ක් ලබා පස්වැනි ස්ථානය හිමිකර ගැනීමට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට හැකි වී තිබෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම දඟ පන්දු යවන්නන් දෙදෙනා ම පළමු ස්ථාන 5 අතර රැඳී සිටීම කැපී පෙනෙනවා.

එමෙන්ම වනිඳු හසරංග විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ ද ප්‍රසාද ලකුණු 178ක් ලබා හත්වැනි ස්ථානයේ පසු වීම ද විශේෂත්වයක්.

මෙම නවතම ශ්‍රේණිගත කිරීමට අනුව පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ Suryakumar Yadav ලබා ගෙන තිබෙද්දී, තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ පළමු තැන රැඳී සිටීමට Shakib Al Hasan සමත් වී තිබෙනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<