පාකිස්තාන සංචාරයේ දී ශ්‍රී ලංකාවට නව අභ්‍යාසකවරයෙක්

132

පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අභ්‍යාසකවරයා වශයෙන් දිල්ෂාන් ෆෝන්සේකාව කැඳවීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. ඒ හිටපු පුහුණුකරු නික් ලී වෙනුවටයි.

34 වැනි වියේ පසුවන කෙන්ට් ප්‍රාන්ත පිතිකරුවෙකු වන ලී ශ්‍රී ලංකා කණ්ඩායමේ අභ්‍යාසකවරයා වශයෙන් කටයුතු කරනු ලැබුවේ 2016 සැප්තැම්බර් මාසයේ සිටයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තරු ඇගයෙන සම්මාන රාත්‍රියට සියල්ල සූදානම්

2018/19 වසරවල දී දේශීය ක්‍රිකට් පිටියේ දී මෙන්ම ජාත්‍යන්තර…….

විශ්වාසදායක ආරංචි මාර්ගවලට අනුව ඔහු නැවත එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත්තේ වෛද්‍ය හේතූන් මත වන අතර එම නිසා එළඹෙන දෙසැම්බර් 8 වැනිදා දිවයිනෙන් පිටත්ව යන දිමුතු කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය සමඟ ඔහු එක් නොවනු ඇත.

ශ්‍රී ලංකාව  එළඹෙන දෙසැම්බර් 11 වැනිදා සිට 15 වැනිදා දක්වා රාවල්පිණ්ඩි හීදී හා 19 වැනිදා සිට 23 වැනිදා දක්වා කරච්චි හීදී ටෙස්ට් තරග දෙකකට සහභාගී වීමට නියමිත අතර මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවට සමගාමීව පැවැත්වෙන තරගාවලියකි.

2020 IPL සටනට ක්‍රීඩකයින් 971ක්

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක ……….

ෆොන්සේකා මහතා මීට පෙර කෙටි කාලයක් මෙම තනතුරේ කටයුතු කර ඇති අතර ඒ 2016 වසරේ නික් ලී පත්වීමට පෙරාතුවයි. වර්තමානයේ ඔහු ශ්‍රී ලංකා A කණ්ඩායම සමඟ කටයුතු කරන අතර ඊට අමතරව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රධාන කාර්ය සාධන මධ්‍යස්ථානයේ දී තිරය පිටුපස විශිෂ්ට සේවයක් කළ අයෙකි. 

ෆොන්සේකා මහතා අවසන් වරට අභ්‍යාසකවරයෙකු වශයෙන් කටයුතු කළේ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ රාගම ක්‍රීඩා සමාජය සමඟයි. තවද ඔහු පසුගිය බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවයේ දී ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ අභ්‍යාසකවරයා වශයෙන් ද කටයුතු කළේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<