ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට තහනමක්

868
Sri Lanka Rugby Suspended

අද (02) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රග්බි සම්මේලනයෙහි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

මෙරට ප්‍රමුඛ පෙළෙහි ජාතික ක්‍රීඩා සංගමයක් වන ශ්‍රී ලංකා රග්බි සම්මේලනයෙහි සහභාගීත්වය මෙලෙස අහෝසි කරමින් එහි වැඩ බලන බලධාරියා ලෙස ක්‍රීඩා හා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අමල් එදිරිසූරිය මහතා පත් කර ඇත.

මෙම තීරණය පිළිබඳව 2022 අප්‍රේල් මස 01 දින නිකුත් වූ ගැසට් නිවේදන අංක – 2273/85 යටතේ මෙම තීරණය පිළිබඳව දැනුවත් කර තිබුණා.

එම ගැසට් නිවේදනය,

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ රිස්ලි ඉලියාස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝගයක් නොසලකා හැරීම මෙම තහනමට හේතුව වී තිබෙනවා.

බස්නාහිර පළාත් රග්බි සම්මේලනය විසින් අදාළ වාර්ෂික මුදල් නොගෙවීම නිසාවෙන් 2020 වසරේ පැවති රග්බි නිලවරණයට සහභාගී වීමට හෝ මනාප ප්‍රකාශ කිරීමට පෙර එවකට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් බස්නාහිර පළාත් රග්බි සම්මේලනය තහනම් කර තිබුණා.

2020 වසරේ ජූලි මස 20 වනදා නිකුත් කළ ලිපියක් මගින් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ඩී. එස්. චන්ද්‍රසේකර විසින් බස්නාහිර පළාත් රග්බි සම්මේලනයේ සාමාජිකත්වය අවලංගු කර තිබූ අතර එවකට ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එයට අනුමැතිය ලබාදීමත් සමඟ 16,17 සහ 18වන වගන්ති යටතේ ඔවුන්ගේ සමාජිකත්වය අහිමි වුණා.

කෙසේ නමුත් බස්නාහිර පළාත් රග්බි සම්මේලනය එලෙස තහනම් කර තිබියදී පවා අදාළ නිලවරණයට සහභාගි වී සහ ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ අනෙකුත් රැස්වීම් වලටද අඛණ්ඩව සහභාගී වූ බව තහවුරු වුණා.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ වත්මන් තත්වය පිළිබඳව ThePapare.com වෙත අදහස් දක්වමින් අමල් එදිරිසූරිය මහතා ප්‍රකාශ කළේ අතුරු කමිටුවක් පත්කිරීම ක්‍රියාත්මක නොවන නමුත් දැනට ක්‍රියාත්මක වන රග්බි ලීගය ඉදිරියට ගෙනයාම සඳහා කමිටුවක් අප්‍රේල් 04 වනදා පත්කරන බවත් නව විධායක කමිටුවක් පත්කිරීම සඳහා නිලවරණයක් පැවත්වීමට මැයි 31 හෝ ඊට පෙර මැතිවරණ කමිටුවක් පත්කරන බවයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<