දෙවන ටෙස්ට් තරගයට Rabada කැඳවයි

223

ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක් එල්ල කරමින් දකුණු අප්‍රිකානු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක Kagiso Rabada නැවතත් දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ. Kagiso Rabada ආබාධයකට ලක්ව සිටි අතර ඉන් සුවය ලැබූ ඔහු, ජනවාරි මස 03 වනදා Wanderers හි ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. 

Centurion හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව, සියල්ලන් දැවී ලකුණු 621ක් රැස්කිරීමට සමත් විය. තත්වය තවත් දරුණු කරමින් ධනංජය ද සිල්වා සහ කසුන් රාජිත මෙම තරගය අතරතුර දී ආබාධයකට ලක් වූ අතර තරගාවලියට පෙර සුරංග ලක්මාල් ද ආබාධයකට ලක්ව පළමු ටෙස්ට් තරගයෙන් ඉවත් විය. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

Rabada අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ පසුගිය ජනවාරි මාසයේ St George’s Park හිදී එංගලන්ත කණ්ඩායමට එරෙහිවය. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා පැවැත්වුනු ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ දී Rabada ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත් වූ අතර එහිදී ඔහු Delhi Capitals කණ්ඩායම වෙනුවෙන් තරග 17ක දී කඩුලු 30ක් දවා ගැනීමට සමත් විය.  

දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වූයේ Rabada සාර්ථකව COVID-19 පරීක්ෂණ සියල්ල සහ සෞඛ්‍යාරක්ෂිත බුබුළට ඇතුළු වීමට ගත යුතු සියලු පියවර අනුගමනය කර ඇති බවත්, ඔහු අද දිනයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ එක්වීමට සූදානම් බවත්ය. එම නිවේදනය නිකුත් වී සුළු මොහොතකින් Rabada, Centurion ක්‍රීඩාංගණයේ පුහුණුවීම් ආරම්භ කරනු කැමරා ඇසට හසු වී තිබුනි. 

Cricbuzz ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<