ලෝක ශූර ප්‍රංශ කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට තරග තහනමක්

159
Paris Saint-Germain's French forward Kylian Mbappe leaves the pitch after receiving a red card during the French Cup final football match between Rennes (SRFC) and Paris Saint-Germain (PSG), on April 27, 2019 at the Stade de France in Saint-Denis, outside Paris. (Photo by Anne-Christine POUJOULAT / AFP)

පසුගිය ලෝක කුසලාන පාපන්දු ශූරතාවය දිනා ගත් ප්‍රංශ කණ්ඩායමේ සුපිරි පාපන්දු ක්‍රීඩක කයිලියන් ම්බප්පේට තරග 3ක තහනමක් පනවා ඇත. ඒ පසුගිය දා පැවති ප්‍රංශ කුසලාන අවසන් මහා තරගයේ දී ඔහු විසින් එල්ල කරන ලද අවදානම් වැළැක්වීමක් (Dangerous Tackle) නිසාය.

එහි දී ඔහුව තරගයෙන් ඉවත් කළ අතර පසුව ප්‍රංශ පාපන්දු අධිකාරිය විසින් තවත් තරග 3ක තහනමක් පැනවීමට තීරණය කරන ලදි. ප්‍රංශ කුසලාන අවසන් මහා තරගය Paris Saints Germain කණ්ඩායම සහ Rennes කණ්ඩායම සමඟින් පැවැත්විය.

ලෝකයේ වටිනාම මෝටර් රථය රොනාල්ඩෝට

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් මෙතෙක් ලොව නිපදවා ඇති වටිනාම මෝටර් රථය මිල දී ගෙන…

එම තරගයේ දී පළමු මිනිත්තු 21 තුළ දී ගෝල දෙකක් Paris Saints Germain කණ්ඩායම වෙනුවෙන් වාර්තා කිරීමට ඩැනී අල්විස් (13′) සහ නේමාර් (21′) සමත් විය. ඒ අනුව පළමු මිනිත්තු 21 දී ගෝල 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට PSG කණ්ඩායම සමත් විය. නමුත් තරගයේ 40 වැනි මිනිත්තුවේ දී PSG කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයෙකු වන කිම්පේම්බේ විසින් තම ගෝලයටම පන්දුව යොමු කිරීම (Own Goal) හේතුවෙන් තරගයේ පළමු අර්ධය 2-1ක් ලෙස නිමා විය.

තරගයේ දෙවන අර්ධයේ 66 වැනි මිනිත්තුවේ දී Rennes කණ්ඩායමේ එඩ්සන් මෙෂර් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වන විට ගෝල 2-2 ක් ලෙස සම තත්වයෙන් තරගය නිමා විය. එම නිසා අතිරේක කාලයක් ලබා දීමට සිදු විය.

මෙම අතිරේක කාලය අවසන් වීමට මිනිත්තු දෙකක් පමණක් ඉතිරිව තිබිය දී ම්බප්පේ විසින් Rennes කණ්ඩායමේ ඩේමියන් ද සිල්වා වෙත එල්ල කරන ලද අනතුරුදායක පා පහර නිසා විනිසුරුවන් ඔහුව තරගයෙන් ඉවත් කරන ලදි.

නේමාර් වැරැද්ද පිළිගනී?

පසුගිය ඉරිදා (28) දින පැවති ප්‍රංශ කුසලාන පාපන්දු තරගාවලියේ (French Cup) අවසන් මහා තරගයෙන් අනතුරුව පරාජිත…

ඉන්පසුව ජයග්‍රාහකයා තීරණය කිරීමට දඬුවම් පහර වෙත යොමු වූ අතර එහි දී දඬුවම් ගෝල 6-5ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට Rennes කණ්ඩායම සමත් වූයේ PSG කණ්ඩායමේ සහ ඔවුන්ගේ ප්‍රේක්ෂකයන්ගේ සියලු බලාපොරොත්තු සුන්කර දමමිනි.

මෙම තරගය පුවත් මවන තරගයක් බවට පත්වූයේ එම තරගයෙන් අනතුරුව බ්‍රසීලයේ සුපිරි පාපන්දු තරුවක් වන නේමාර් ද සිල්වා විසින් ප්‍රේක්ෂකයෙකුට කළ පහර දීමක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වීම නිසාවෙනි. ඒ පිළිබඳව ද ප්‍රංශ පාපන්දු අධිකාරියේ අවධානය යොමුව ඇති අතර නීතිමය පියවර ගැනීමට ද නියමිත බව පැවසේ.

ම්බප්පේ තවමත් 20 හැවිරිදි වන අතර නේමාර් සමඟ Paris Saints Germain කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපෙළ ක්‍රීඩකයකු ලෙස අගනා සේවාවක් ඉටු කරන ඔහුගේ අඩුව PSG කණ්ඩායමට විශාල බලපෑමක් වනු නොඅනුමානය.

ම්බප්පේට Montpellier කණ්ඩායම සමඟ තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත OGC Nice කණ්ඩායම සමඟ තරගය සහ Angers කණ්ඩායම සමඟ තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වනු ඇත. ඒ අනුව ඔහුට තරගාවලියේ අවසන් තරග දෙක පමණක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබේ.

PSG කණ්ඩායමට තවත් හිසරදයක් වෙමින් නේමාර්ට ද Champions League තරගාවලියේ තරග 3ක තහනමක් පැනවී ඇත්තේ ඔහු විසින් විනිසුරුවන්ට ප්‍රසිද්ධියේ අපහාස කිරීම නිසාය. එය Manchester United සමඟ තරගයෙන් අනතුරුව සිදු වූ අතර එම තරගයෙන් පරාජය වූ PSG කණ්ඩායම Champions League තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයෙන් ඉවත් විය.

මෙසී සිය 10 වැනි La Liga ශූරතාවය සමරයි

ලයනල් මෙසී විසින් ලවන්ටේ කණ්ඩායමට එරෙහිව වාර්තා කළ ගෝලයත් සමඟින් 26 වැනි La Liga ශූරතාවය දිනා ගත්…

මේ අතර ප්‍රංශ කුසලාන අවසන් තරගයේ දී ප්‍රේක්ෂකයෙකුට සිදු කළ පහර දීම සම්බන්ධයෙන් ද ඔහුට දඬුවම් ලැබීමට නියමිතය.

මෙම පහ රදීමට අදාළ වීඩියෝ රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ අතර එහි දී පහර කෑමට ලක්වූ පුද්ගලයා PSG කණ්ඩායමේ ක්‍රීඩකයන්ට අපහාස කරන අතර නේමාර් හට “ගිහින් පාපන්දු ඉගෙන ගන්න” යැයි පවසා ඇත.  

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<