කණ්ඩායම් 10කගේ සහභාගිත්වයෙන් මේ දිනවල පැවැත්වෙන අවුරුදු 19න් පහළ අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලියේ ඊයේ (25දා) අවසන් වූ තරගවලදී දකුණු පළාත් කණ්ඩායම ඉනිමක හා ලකුණු 15ක ජයක්ද බස්නාහිර-උතුර කණ්ඩායම කඩුලු 6ක ජයක්ද වාර්තා කළේය.

ඒ අනුව බස්නාහිර උතුර හා උෟව අතර පැවැති තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 126ක ඉලක්කයක් හඹා ගිය බස්නාහිර උතුර ක්‍රීඩකයෝ නියමිත ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී සටහන් කරගත්තේය. දකුණු පළාත හා උතුරු මැද අතර තරගයේදී උතුරු මැද කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 147ක් ලබාගනිද්දී එයට පිළිතුරු සැපයූ දකුණු පළාත් කණ්ඩායම ලකුණු 343ක් ලබාගත්තේය. දකුණු පළාතට වඩා පළමු ඉනිමේ ලකුණු 197ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරැඹූ උතුරු මැද පළාත් කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 181ක් පමණි.

කොළඹ වෙස්ලි විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැති උෟව හා බස්නාහිර උතුර අතර තරගයේ උෟව පළමු ඉනිම ලකුණු 138කට සීමා කළ බස්නාහිර උතුර කණ්ඩායම ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9කට ලකුණු 238ක් ලබාගත්තේය. පළමු ඉනිමේ ලකුණු 100ක පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරැඹූ උෟව කණ්ඩායම ලකුණු 225කට සීමා කළ බස්නාහිර-උතුර ක්‍රීඩකයෝ ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 126 කඩුලු 4ක් පමණක් දැවී සපුරා ගත්තේය.

මේ අතර බස්නාහිර මධ්‍යම හා වයඹ අතර පැවැති තරගයේදී වයඹ පළාතට පළමු ඉනිමේ ජයක් හිමි වූ අතර, බස්නාහිර-දකුණ හා නැඟෙනහිර තරගයේදී බස්නාහිර දකුණටද පළමු ඉනිමේ ජයක් හිමිවිය.

එහිදී බස්නාහිර දකුණ කණ්ඩායමේ විශ්ව චතුරංග (135), බස්නාහිර මධ්‍යම පළාතේ විෂාඩ් ද සිල්වා (118) හා නැඟෙනහිර පළාතේ ලසිත් කෘෘෂ්පුල්ලේ (නොදැවී 103) ශතක ලබාගත්තේය. උතුරු මැද පළාතේ අසෙල් සිගේරා (6/94), දකුණු පළාතේ හරීන් බුද්දිල (5/50) පන්දුවෙන් දස්කම් දක්වද්දී වයඹ පළාතේ දමිත සිල්වා තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වීය.

ලකුණු සාරාංශය

උෟව හා බස්නාහිර – උතුර

උෟව පළමු ඉනිම – 138, දෙවැනි ඉනිම – 225 (මාපා මලින්ද 96)

බස්නාහිර උතුර පළමු ඉනිම – 238/9 (ජෙහාන් ඩැනියෙල් 78, සම්මු අෂාන් 58), දෙවැනි ඉනිම – 126/4

උතුරු මැද – දකුණ

උතුරු මැද – 147 (අසෙල් සිගේරා 47, දිලුම් සුදීර 4/37), දෙවැනි ඉනිම – 181 (හරීන් බුද්දිල 5/60)

දකුණු පළාත පළමු ඉනිම – 343 (අමිඳු උදාර 98, අසෙල් සිගේරා 6/94)

බස්නාහිර  දකුණ – නැඟෙනහිර

බස්නාහිර දකුණ පළමු ඉනිම – 296 (තිලාන් නිමේෂ් 62, අෂේර් වර්ණකුලසූරිය 59, මොහොමඩ් රස්ෆාස් 4/44, රෙත්නරාජා තෙනුරතන් 4/48), දෙවැනි ඉනිම 319/6 (විෂ්ව චතුරංග 135)

නැඟෙනහිර පළමු ඉනිම – 234/8 (ලසිත් කෘෘෂ්පුල්ලේ නොදැවී 103)

බස්නාහිර  මධ්‍යම – වයඹ

බස්නාහිර මධ්‍යම

පළමු ඉනිම – 91,

දෙවැනි ඉනිම – 320

(විෂාඩ් ද සිල්වා 118, දමිත සිල්වා 5/115)

වයඹ පළමු ඉනිම – 233/9 (නිපුන් ධනංජය 59, දමිත සිල්වා 55), දෙවැනි ඉනිම – 35/5