අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ

1114
නවීන් හේනකන්කානම්ගේ ගේ නායකත්වයෙන් යුතු සාන්ත තෝමස් කණ්ඩායම පසුගිය වසරේ ශූරතාව දිනා ගැනීමෙන් අනතුරුව

සිංගර් ලීග් රග්බි තරගාවලිය හා මයිලෝ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය සාර්ථකව අවසන් වීමෙන් අනතුරුව එළඹෙන සති අන්තයේ ජූලි 7 වැනිදා පටන් පාසල් රග්බි ක්‍රීඩකයෝ සත් සාමාජික තරග පිටියට අවතීර්ණ වනු ඇත. තරගාවලිය ජූලි 7 හා 8 කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

මහනුවර රග්බි ඇකඩමිය පැරිස් ක්‍රීඩා උළෙලට

වයස අවුරුදු 16න් පහළ මහනුවර රග්බි ඇකඩමියේ කනිෂ්ඨ ක්‍රීඩකයෝ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පැරිස් ලෝක ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා…..

මේ වසරේ දී කණ්ඩායම් තිහක් පමණ එක්වන මේ තරගාවලිය පසුගිය වසරේ ජය ගත්තේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයයි. නවීන් හේනකන්කානම්ගේ ගේ නායකත්වයෙන් යුතු සාන්ත තෝමස් කණ්ඩායම 2016 වසරේ දිනා ගත් කිරුල පසුගිය වසරේ ද අවසාන මහා තරගයේ දී කොළඹ ඉසිපතන විද්‍යාලය පරාජය කර ගනිමින් රැක ගැනීමට සමත් විය.

පසුගිය වසර දෙකෙහි දී ම තරගාවලියට එක්නොවූ කොළඹ රාජකීය විද්‍යාලය මෙවර තරගාවලියට එක්වන අතරම ජනාධිපති ශූරතාවය දිනූ සාන්ත පීතර විද්‍යාලයත් ප්‍රබල සාන්ත ජෝසප් විද්‍යාලයත් එක්වන නිසා මෙවර තරගාවලිය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

මේ වසරේ ලීග් රග්බි තරගාවලියෙන් A කාණ්ඩයට පිවිසීමේ වරම් දිනාගත් කුරුණෑගල මලියදේව විද්‍යාලයත් ගල්කිස්ස විද්‍යා විද්‍යාලයත් මෙවර සටන් බිමේ තවත් ප්‍රබල කණ්ඩායම් දෙකක් වනු ඇත.

ත්‍රිත්ව හා වෙස්ලි තරගාවලියෙන් ඉවත් වේ

කුසලාන ශූරතාවට එක්වූ කණ්ඩායම් දෙකක් වන කොළඹ වෙස්ලි විද්‍යාලයත්, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයත් මෙවර තරගාවලියෙන් ඉවත්වී ඇති අතර සිය කණ්ඩායම්වල ප්‍රධාන ක්‍රීඩකයින් ආබාධවලට පත්ව තිබීම මෙයට හේතුව බව වාර්තා වේ.   

ThePapare.com අප තරගයේ දෙවන දිනය සජීවීව ඔබ වෙත ගෙන ඒමට සූදානම්.ජුලි 8 වනදා උදෑසන 8.30 සිට ඩයලොග් ටීවී නාලිකා අංක 1, My Tv හා ThePapare.com ඔස්සේ රැඳී සිටින්න අප සමඟින්.   

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<