15න් පහළ යොවුන් පිටියට එක් වෙන බලඇණි

Prima U15 Sri Lanka Youth League 2024

142
Prima U15 Sri Lanka Youth League 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලිය මේ මස 21 සිට කොළඹ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා කොළඹ උතුර, කොළඹ දකුණු, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන කණ්ඩායම් 5 තරග වැදීමට නියමිත අතර තරගාවලියේ තරග කොළඹ විශ්වවිද්‍යාලය, කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණය සහ කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට යෝජිතයි.

මෙම තරගාවලියේ දී කොළඹ උතුරු කණ්ඩායම මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයයේ කවිත් ද සිල්වා විසින් ද කොළඹ දකුණු කණ්ඩායම බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ  ස්ටීවන් පීරිස් විසින් ද දඹුල්ල කණ්ඩායම කුරුණෑගල මලියදේව විද්‍යාලයේ අකේන් සුජායන විසින් ද ගාල්ල කණ්ඩායම රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ සඳරු මල්ශාන් විසින් ද සහ මහනුවර කණ්ඩායම මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ චෙනුල් කොඩිතුවක්කු විසින් ද මෙහෙයවනු ලබමින් තරගාවලියට එක් වීමට නියමිතයි.

තරගාවලිය සඳහා සහභාගී වෙන කණ්ඩායම්

කොළඹ උතුරු කණ්ඩායම

කවිත් ද සිල්වා (නායක – මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, මීගමුව) බිනෝද් සංදිල් (වෙස්ලි විද්‍යාලය, කොළඹ), හිමිර කුඩාගම (ආනන්ද විද්‍යාලය, කොළඹ), උශාන් ආදිත්‍ය (ද මැසිනොද් විද්‍යාලය, කඳාන), ශසිදු සිල්වා (ලයිසියම් ජාත්‍යන්තර පාසල, ගම්පහ), මිනුක දිම්සර (ධර්මාලෝක විද්‍යාලය, කැළණිය), පමද දල්පදාදු (සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ), ලෙශිත විජේතුංග (සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ), ලෙසඳු විජේතුංග (සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ), අබ්දුල් රහුමාන් (සාන්ත පීතර විද්‍යාලය, මීගමුව), ඔනිත පෙරේරා (තර්ස්ටන් විද්‍යාලය, කොළඹ), මොවිඳු සෙනාල් (ලයිසියම් ජාත්‍යන්තර පාසල, ගම්පහ), විදුන් ගමගේ (නාලන්දා විද්‍යාලය, කොළඹ), ශම්මා ජොනතන් (වෙස්ලි විද්‍යාලය, කොළඹ), ශනුක් ජයවර්ධන (ලයිසියම් ජාත්‍යන්තර පාසල, ගම්පහ).

කොළඹ දකුණු කණ්ඩායම

ස්ටීවන් පීරිස් (නායක – සාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය), නිසල දමිත් (සාන්ත සෙබස්තියන් විද්‍යාලය, මොරටුව), දුශේන් උඩුවෙල (උප නායක – රාජකීය විද්‍යාලය, කොළඹ), රෙශාන් සොලමන්ස් (සාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය), මෙතුක ගුණරත්න (සාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය), සබෝධ දෙව්තිළිණ (සිරිකුරුස විද්‍යාලය, කළුතර), තුමින්ද් සෝමසිරි (රාජකීය විද්‍යාලය, කොළඹ), සමිතු හෙන්සර (ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර), මෙතුම් ප්‍රනාන්දු (ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර), තාරුක සමින්ජිත (තිස්ස මධ්‍ය මහා විද්‍යාලය, කළුතර), දිනෙත් නියුමාල් (වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය, වාද්දුව), මහිරු කොඩිතුවක්කු (රාජකීය විද්‍යාලය, කොළඹ),  අදීශ ලක්ෂාන් (සාන්ත සෙබස්තියන් විද්‍යාලය, මොරටුව), චමිත කංකානම්ගේ (රාජකීය විද්‍යාලය, කොළඹ), ඔජාස් සන්කර් (වේල්ස් කුමාර විද්‍යාලය, මොරටුව).

දඹුල්ල කණ්ඩායම

අකේන් සුජායන (නායක – මලියදේව විද්‍යාලය, කුරුණෑගල), ටෙරන් සචින් (එච්. බී. හේරත් ජාතික පාසල, කුරුණෑගල), රනුද් කරුණාරත්න (සාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), චමෝද් ප්‍රභාෂ (ලක්දාස ද මෙල් විද්‍යාලය, කුරුණෑගල), මයෝන් ප්‍රනාන්දු සාන්ත ඇන්ඩෘස් විද්‍යාලය, පුත්තලම), රවින්ද්‍රන් ආදිත්‍යන් (හින්දු විද්‍යාලය, යාපනය), දහම් සෙනෙවිරත්න (උප නායක – අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය, අනුරාධපුර), මහීෂ ඉඳුරංග (විජය මහා විද්‍යාලය, පොළොන්නරුව), අමල් පෙරේරා (සාන්ත ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව), යුමල් එගොඩගේ (ක්‍රිස්තුදේව විද්‍යාලය, මාතලේ), තේජාන් බණ්ඩාර (රාජකීය විද්‍යාලය, පොළොන්නරුව), කලිඳු සචින්තන (සාන්ත ඇන්ඩෘස් විද්‍යාලය, පුත්තලම), දෙනෙත් සංකල්ප (සීගිරිය මහා විද්‍යාලය, සීගිරිය), ප්‍රේම් ලක්සිගන් (හින්දු විද්‍යාලය, කොකාවිල්), ඔශේන් බිනර (සාන්ත සේවියර් විද්‍යාලය, පුත්තලම)

ගාල්ල කණ්ඩායම

සඳරු මල්ශාන් (නායක – දේවපතිරාජ විද්‍යාලය, රත්ගම), රවීන් සචින්ත (දෙණිපිටිය මහා විද්‍යාලය, මාතර), තෙනුශ වීරසිංහ (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ), චරන චනුපති (සූරියවැව ජාතික පාසල, සූරියවැව), දිනුල අත්තනායක (ආනන්ද විද්‍යාලය, බදුල්ල), විමුක්ති හේරත් (බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල), යොමිරු සස්වින් (සාන්ත තෝමස් විද්‍යාලය, මාතර), සෙනුක දුල්මෙත් රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල), තරුන් වනසිංහ (සාන්ත තෝමස් විද්‍යාලය, බණ්ඩාරවෙල), හිරුක් අකලංක (රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල), මානිත රාජපක්ෂ (මහින්ද විද්‍යාලය, ගාල්ල), ආයුෂ් නෙත්ම (ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය, බෙන්තොට), තියෝන් හේලික (මහින්ද විද්‍යාලය, ගාල්ල), සසිඳු දිලක්ෂිත (සාන්ත ඇලෝසියස් විද්‍යාලය, රත්නපුර), එශාන් බිම්සර (කතළුව මධ්‍ය මහා විද්‍යාලය, ගාල්ල)

මහනුවර කණ්ඩායම

චෙනුල් කොඩිතුවක්කු (නායක – කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර), ඉමේෂ් දිසානායක (උප නායක – ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර), චනුත් ජයසිංහාරච්චි (ධර්මරාජ විද්‍යාලය, මහනුවර), ශෂිත් බණ්ඩාර (ධර්මරාජ විද්‍යාලය, මහනුවර), යෙනුල හේවාවිතාරණ (සාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර), තිසර ගිම්හාන (ශ්‍රී සුමංගල විද්‍යාලය, මහනුවර), මිගාර ගම්ලත් (කෑගලු විද්‍යාලය, කෑගල්ල), සනිරු අනුහස් දහනායක (කිංග්ස්වුඩ් විද්‍යාලය. මහනුවර), සනිතු ගුණතිලක (සාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර), විහඟ නෙතුසර ගුණතිලක (සාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර), සිසල් හේමක ගුණතිලක (සාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර), කුසල් බණ්ඩාර (ශ්‍රී සුමංගල විද්‍යාලය, මහනුවර), සචින්ත ගුණසේකර (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර), සෙනොල් දනුජ (කාවන්තිස්ස මහා විද්‍යාලය, අම්පාර), සහන් විමුක්ති (තෙල්දෙණිය ජාතික පාසල, මහනුවර).

තරග කාලසටහන

නොවැම්බර් 21 වැනිදා

මහනුවර සහ ගාල්ල අතර, කොළඹ විශ්වවිද්‍යාලයීය පිටියේ දී.

කොළඹ උතුර සහ කොළඹ දකුණ අතර, කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී.

නොවැම්බර් 22 වැනිදා

දඹුල්ල සහ කොළඹ දකුණු අතර, කොළඹ විශ්වවිද්‍යාලයීය පිටියේ දී.

මහනුවර සහ කොළඹ උතුර අතර, කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී.

නොවැම්බර් 24 වැනිදා

කොළඹ දකුණු සහ මහනුවර අතර, කොළඹ විශ්වවිද්‍යාලයීය පිටියේ දී.

ගාල්ල සහ දඹුල්ල අතර, කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී.

නොවැම්බර් 25 වැනිදා

ගාල්ල සහ කොළඹ උතුර අතර, කොළඹ විශ්වවිද්‍යාලයීය පිටියේ දී.

දඹුල්ල සහ මහනුවර අතර, කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී.

නොවැම්බර් 27 වැනිදා

කොළඹ උතුර සහ දඹුල්ල අතර, කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.

කොළඹ දකුණු සහ ගාල්ල අතර, කොළඹ රාජකීය විද්‍යාලයීය පිටියේ දී.

නොවැම්බර් 28 වැනිදා

1 වැනි අවසන් පූර්ව තරගය, කොළඹ විශ්වවිද්‍යාලයීය පිටියේ දී.

2 වැනි අවසන් පූර්ව තරගය, කොළඹ රාජකීය විද්‍යාලයීය පිටියේ දී.

නොවැම්බර් 30 වැනිදා

අවසන් මහා තරගය, කොළඹ විශ්වවිද්‍යාලයීය පිටියේ දී.

මෙම තරගාවලිය සඳහා 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රීමා සමාගම අනුග්‍රහය දක්වයි.

ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලිය  පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<