සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හෙටින් (28) ආරම්භ වන තරග 2කින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට, ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු දිවා රාත්‍රි ටෙස්ට් තරගය ද ඇතුළත් වන නිසා මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට නව පිටුවක් එක්වන තරගාවලියකි. මේ එම ටෙස්ට් තරගාවලියට පෙර විමසුමයි.
හොඳක් ඇත්තේම නැද්ද? – පාකිස්තාන සංචාරයට පෙර
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන කීමට හොඳක් ඇත්තේම නැති දැයි විමසුවොත් සමහරෙකු ඊට “නැහැ” යනුවෙන් පිළිතුරු දීමට හැකියි…
ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමඟින් පැවැත්වූ ටෙස්ට් තරග 3ම පරාජයට පත්ව මෙම තරගාවලියට අවතීර්ණ වන අතර, පාකිස්තානය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරග 2-1ක් ලෙස පරාජය කරමින් මෙම තරගාවලිය සඳහා අවතීර්ණ වෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයක් ද සමඟිනි.
මුහුණට මුහුණ
වර්ෂ 1982 සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරග 51කට ක්‍රීඩා කර ඇති අතර, එයින් තරග 19ක ජය පාකිස්තානු කණ්ඩායම සතු වෙද්දී, ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 14ක් පමණි. තවද එයින් තවත් තරග 18ක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දැනට ටෙස්ට් ක්‍රිකට් තරගාවලි 20ක් පවත්වා ඇති අතර, එයින් තරගාවලි 9ක ජය පාකිස්තානුවන් සතු වන විට, ශ්‍රී ලංකාව තරගාවලි 6ක ජයග්‍රහණය තහවුරු කර ගෙන ඇත. තවද තවත් තරගාවලි 5ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.
පිටියේ කතා – සුදු ඇදුම්, රෝස පාට පන්දුව. ශ්‍රී ලංකාවට කුමන අභියෝගයක් වෙයි ද?
28 වැනිදායින් ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් …
ශ්‍රී ලංකාව හා පාකිස්තානය එක්සත් අරාබි එමීර් හිදී ටෙස්ට් ක්‍රිකට් තරග 6කට සහභාගි වී ඇති අතර, ඉන් තරග 3ක් ජය පරාජයෙන් තොරව අවසන් වන විට, පාකිස්තානය තරග දෙකක් හා ශ්‍රී ලංකාව එක් තරගයක් ජයග්‍රහණය කර ඇත. අවසන් වරට 2015 වර්ෂයේ පැවැත්වූ ටෙස්ට් තරගාවලිය ද තරග 2-1ක් ලෙස ජයග්‍රහණය කළේ පාකිස්තානයයි.
දෙපිලේම ප්‍රහාරත්මක තරු
දිමුත් කරුණාරත්න

සෆ්රාස් අහමඩ්

පාකිස්තානයට ශූරයන්ගේ කුසලානය රැගෙන ඒමට අවශ්‍ය නායකත්වය හා දක්ෂතාවය මැනවින් ප්‍රදර්ශනය කළ සෆ්රාස්, ක්‍රිකට් ක්‍රීඩාවේ නියමාකාරයෙන් නිරත වන නියම මහත්මා ගුණවලින් සපිරුණු ක්‍රීඩකයෙකි. ඔහු ශ්‍රී ලංකාවට එදිරිව ටෙස්ට් තරග 7ක දී ඉනිම 12ක් තුළ ලකුණු 603ක් රැස්කර ගෙන ඇත. එම ලකුණු ගොන්න අතරට එක් ශතකයක් හා අර්ධ ශතක 6ක් ඇතුළත් වන අතර, ඔහු එක් ඉනිමක දී ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 60.30ක් වැනි ඉහළ අගයක ඇත.
දිනේශ් චන්දිමාල්

අසාර් අලී

පාකිස්තානු කණ්ඩායම සතුව සිටින තවත් ප්‍රබල තරුවක් වන අසාර් අලී, ඉතාමත් ජවසම්පන්න ප්‍රහාරවලින් සපිරි පිතිකරුවෙකි. ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් පන්දු යවන්නන්ට එදිරිව තරග 12ක් සඳහා ඉනිම 22ක් තුළ සිය දස්කම් ප්‍රදර්ශනය කර ඇත. එහි දී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 995ක් ලබාගෙන ඇති අලී ශතක 5ක් හා අර්ධ ශතක 3කට හිමිකම් කියයි. එම නිසා අලී අර්ධ ශතකයක් යම් හෙයකින් ලබා ගතහොත් ශතකයක් වෙත පහසුවෙන්ම යාමට වැඩි ඉඩකඩක් ඇති පිතිකරුවෙකි. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 49.75ක් වැනි හොඳ මට්ටමක තිබේ.
ප්‍රබල පන්දු යවන්නන්
රංගන හේරත්

යසීර් ෂා

නුවන් ප්‍රදීප්

මොහොමඩ් අමීර්

අබුඩාබී තණතීරුව, පිටිය හා කාලගුණය (පළමු ටෙස්ට් තරගයට අදාළව – සැප් 28 – ඔක් 2)
ප්‍රේක්ෂකයින් 20,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර මෙතෙක් පවත්වා ඇති ජාත්‍යන්තර ටෙස්ට් තරග 2කම ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත.
එසේම මෙම තණතීරුව පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද ඉතා උචිත තණතීරුවක් ලෙස හැසිරේ. පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.
කාලගුණ තත්ත්වය නිරීක්ෂණය කළ විට ටෙස්ට් ක්‍රිකට් තරගයකට ඉතාමත් උචිත කාලගුණයක් බලාපොරොත්තු වීමට හැකිය. තවද 28°C – 39°C පමණ උෂ්ණත්වයක් අබුඩාබි අවට ප්‍රදේශය තුල තිබේ.
ඩුබායි තණතීරුව, පිටිය හා කාළගුණය (දෙවන ටෙස්ට් තරගය – දිවා/රාත්‍රි – ඔක් 6 – ඔක් 11 )
ප්‍රේක්ෂකයින් 25,000කට පමණ එකවර තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර මෙතෙක් පවත්වා ඇති ජාත්‍යන්තර ටෙස්ට් තරග 2 දෙපිළම එක් තරගය බැගින් ජයග්‍රහණය කර ඇත.
එසේම මෙම තණතීරුව පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද ඉතා උචිත තණතීරුවක් ලෙස හැසිරේ. දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.
කාලගුණ තත්ත්වය නිරීක්ෂණය කළ විට ටෙස්ට් ක්‍රිකට් තරගයකට ඉතාමත් උචිත කාලගුණයක් බලාපොරොත්තු වීමට හැකිය. තවද 25°C – 38°C පමණ උෂ්ණත්වයක් ඩුබායි අවට ප්‍රදේශය තුල තිබේ.
වර්තමාන තත්ත්වය
පාකිස්තානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව තරමක් පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර, පාකිස්තානුවන් දැනට (සැප්තැම්බර් 26) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ පසුවෙයි. ඔවුන් එම ශ්‍රේණිගත කිරීමේ දී ලකුණු 2868ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 93ක් හිමි කර ගෙනයි. 7 වන ස්ථානයේ පසු වන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 3229ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 90ක් ලබා ගෙනයි. එම නිසා මෙම තරගාවලියේ අවසන් ප්‍රතිඵල මත මෙම ශ්‍රේණිගත කිරීම්වල ද, යම් යම් වෙනස්කම් සිදුවීමට හැකිය.
අවසන් නිගමනය
මෙම තරගාවලියට දිවා රාත්‍රි ටෙස්ට් තරගයක් ද ඇතුළත්ය. නමුත් පාකිස්තානු කණ්ඩායම මීට පෙර දිවා රාත්‍රි ටෙස්ට් තරග ක්‍රීඩා කළ ද, ශ්‍රී ලංකාව එවැනි තරගයකට මුහුණ දෙන පළමු අවස්ථාව මෙම තරගාවලිය තුළ උදාවෙනු ඇත.
එබැවින් ශ්‍රී ලංකා පිලට මෙය නවමු අත්දැකීමක් වන අතර, දෙපිලේ බොහෝමයක් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාසයන් දෙපිලේම ක්‍රීඩකයින් මනාව හඳුනා ගෙන නොමැත. එසේම තරග ඉතිහාසය පිරික්සා බලන කල පාකිස්තානු කණ්ඩායම පෙරමුණේ පසු වුවත්, එම තරගය තුල අඩුපාඩු හා දුර්වලතා අවම මට්ටමක පවත්වාගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය.
ICC ය ක්‍රිකට් නීති රීති වෙනස් කරයි
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (මඟින්) තරගවලට අදාළව තිබූ නීති රීතිවල වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති අතර…
ශ්‍රී ලංකා සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, සධීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස්, ලහිරු තිරිමාන්න, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, රංගන හේරත්, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ලහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු.
පාකිස්තාන සංචිතය – සෆ්රාස් අහමඩ් (නායක සහ කඩුලු රකින ක්‍රීඩක), අසාර් අලි, ෂාන් මසූඩ්, සාමි අස්ලාම්, බාබර් අසාම්, අසාද් ෂෆීක්, හැරිස් සොහේල්, උස්මාන් සලාහුද්දීන්, මොහොමඩ් අමීර්, හසන් අලි, යසීර් ෂා, මොහොමඩ් අස්ගර්, මොහොමඩ් අබ්බාස්, බිලාල් අසීෆ්, මීර් හම්සා, වහාබ් රියාස්





















