ලෝක ශූරයා පිටියට සමුදෙන්න තීරණය කරයි

92

ඔලිම්පික් පදක්කම් ලාභී 110m කඩුලු පැනීම ඉසව්වේ ලෝක වාර්තාවේ හිමිකම දරන ඇමරිකානු ක්‍රීඩක ඒරියස් මැරිට් එළඹෙන ඔලිම්පික් තරගාවලියෙන් පසු තමන් ක්‍රීඩාවට සමුදීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත.

කොරෝනා තවත් ධාවන තරගයකට දොරගුළු දමයි

පැතිර යන කොරෝනා වයිරස තත්වය නිසාවෙන් මෙම වසරේ ජර්මනියේ දී ………..

ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ ලබන වසරේ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්, එලෙස සුදුසුකම් ලබා ගැනීමට හැකිවුවහොත් එය තමන්ගේ අවසන් තරගය වීමට ඉඩ ඇති බවය.

“මාගේ වයසත් එක්ක තවත් ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කිරීමට අපහසුයි. එම තරගයෙන් පසුව මා අනිවාර්යයෙන් සමුගැනීමකට යා හැකියි. එය මගේ ක්‍රීඩා ජීවිතයේ අවසානය විය හැක. නමුත් මා පුහුණුකරුවෙකු ලෙස නැවත පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවනවා” යැයි ඔහු සඳහන් කර තිබුණි. 

දැනට 35 වැනි වියෙ පසුවන ඒරියස් 2012 වසරේ පැවති ගිම්හාන ඔලිම්පික් තරගාවලියේ දී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර එම වසරේම පැවති “Diamond League meet” තරගාවලියේ දී ඔහු තම ඉසව්ව තත්පර 12.80කින් නිමා කරමින් ලෝක වාර්තාව පිහිටුවීමට සමත් විය.

2013 වසරේ දී ඇති වූ වකුගඩු රෝගයක් නිසාවෙන් ඔහුට තම ක්‍රීඩා දිවියේ හොඳම කාලයේ දී යම් පසුබෑමකට ලක් විය. නමුත් එම ආබාධය සමඟ තරග කළ ඔහු 2015 වසරේ ලෝක ශූරතාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර ඉන් දින හතරකට පසුව ඔහු වකුගඩු බද්ද කිරීමේ සැත්කමකට මුහුණ දෙන ලදි.

සැත්කම සාර්ථකව අවසන් කර ඔහු නැවතත් පිටියට පා තැබූ නමුත් ඔහුට 2016 වසරේ ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වන්නේ තත්පර 0.01ක කුඩා කාලයකින් පරිසාධන මට්ටම සපුරා ගැනීමට නොහැකි වීම නිසාය.

ඒ අනුව ලබන වසරේ ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුවහොත් එය ඔහුගේ අවසන් තරගය වනු ඇති අතර තරගාවලිය ලබන වසරේ ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<