හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සුපිරි ජයග්‍රහණයක් ලබයි

240

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League සුපිරි 8 ක්‍රිකට් තරගාවලියේ  සුපිරි ජයග්‍රහණයක් ලබා ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ අද (02) සමත් වූහ.

තරගයේ තෙවැනි දිනය වූ අද සී. සී. සී. ක්‍රීඩකයෝ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 271ක ගමනක් ගිය අතර ඔවුන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 256ක් පමණි. ඒ අනුව මේරියන්ස් ක්‍රීඩකයෝ ලකුණු 14ක ජයග්‍රහණයක් ලැබූහ.

සුපිරි 8 පිටියේ අලුත්ම ද්විත්ව ශතකලාභියා ඇන්ජලෝ

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League සුපිරි 8 ක්‍රිකට් තරගාවලියේ අලුත්ම ….

හලාවත මේරියන්ස් සහ සී. සී. සී. අතර තරගය

කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සී. සී. සී. නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 186ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සී. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 206ක් ලබා ගත්හ.

අනතුරුව ලකුණු 20ක් පිටුපසින් සිටිමින් හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිම ඇරඹූ අතර ඔවුන් එම ඉනිමට ලකුණු 290ක් ලබා ගත් හ. එම  ඉනිම වෙනුවෙන් අද දවසේ දී රිසිත් උපමාල් පන්දු 163කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තේ ය.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 271ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි සී. සී. සී. ක්‍රීඩකයෝ තරගයේ තෙවැනි දිනය අවසන් වෙන විට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 256ක් පමණි.

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ වනිඳු හසරංග ය. ඔහු පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 6වක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 77ක් ලබා ගත්තේ ය. කඩුලු බිඳ දැමීමේ දී විදෙස් ක්‍රීඩක සාගර් පර්දේශ් ලකුණු 110කට කඩුලු 6ක් දවා ගත්තේ ය. ඔහු තරගයේ දී ලකුණු 148කට කඩුලු 11ක් දවා ගනිමින් දක්ෂතා දක්වන්නේ ය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 186 (48.2) ඕෂද ප්‍රනාන්දු 52, රිසිත් උපමාල් 36, ඉරෝෂ් ප්‍රනාන්දු 26, ලහිරු මධුශංක 6/51, මාලින්ද පුෂ්පකුමාර 3/84

සී. සී. සී. කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 206 (60.3) මිනෝද් භානුක 40, අශාන් ප්‍රියන්ජන් 22, ලහිරු මධුශංක නොදැවී 51, තික්ෂිල ද සිල්වා 3/99, සාගර් පර්දේශ් 5/38

හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 290 (83.2) යසෝද ලංකා 89, හර්ෂ කුරේ 80,  රිසිත් උපමාල් 53, ඉරෝෂ් ප්‍රනාන්දු 28, මුතුමුදලිගේ පුෂ්පකුමාර 2/84, වනිඳු හසරංග 2/57, ලහිරු මධුශංක 2/50, අශාන් ප්‍රියන්ජන් 2/36

සී. සී. සී. කණ්ඩායම; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 256 (68.4)  අශාන් ප්‍රියන්ජන් 35, ලසිත්අබේරත්න 39, වනිඳු හසරංග 77, ලහිරු මධුශංක 28, මනෙල්ක ද සිල්වා 39, සාගර් පර්දේශ් 6/110, තික්ෂිල ද සිල්වා 2/68, නිමේෂ් විමුක්ති 2/66

දිමුත්ගේ ඇබැද්දියෙන් පසු ඕස්ට්‍රේලියාවට ඉක්මන් කඩුලු 3ක්!

ඕස්ට්‍රේලියානුවන් තම ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කරගත් ලකුණු 534ක දැවැන්ත ඉලක්කය හඹා….

එන්. සී. සී. සහ එස්. එස්. සී. අතර තරගය

පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් එස්. එස්. සී. නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එන්. සී. සි. ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් අද තම ඉනිම අවසන් කළේ ලකුණු 444ක් ලබා ගනිමිනි.

ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 480ක් රැස් කළහ.

එස්. එස්. සී. ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි පෙර දිනයේ දී නොදැවී ලකුණු 167ක් ලබා සිටි අතර අද ඔහුගේ ඉනිම ලකුණු 189ක දී නිමා විය. ඒ වෙනුවෙන් ඔහු පන්දු 224කට මුහුණ දුන් අතර හතරේ පහර 20ක් සහ හයේ පහර 5ක් තම ඉනිමට ඇතුළත් කළේය.

ඊට අමතරව අද දිනයේ එස්. එස්. සී. ඉනිම අවසන් වන විට සචිත්‍ර සේනානායක පන්දු 137කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 89ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගත් අතර ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 86කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

ලකුණු 36ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ එන්. සී. සී. ක්‍රීඩකයෝ තරගය තෙවැනි දිනයට නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 157ක් ලබා සිටිය හ. එහි දී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණු 90ක් ලබා සිටියේ ය. ඊට අමතරව නායක ඇන්ජලෝ පෙරේරා නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 38කි.

එන්. සී. සී. කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 444 (103.3) පැතුම් නිස්සංක 95, හසිත බෝයගොඩ 20, මහේල උඩවත්ත 23, සචින්ත පීරිස් 28, ඇන්ජලෝ පෙරේරා 201, ලසිත් ඇඹුල්දෙණිය 26, ධම්මික ප්‍රසාද් 3/86, ආකාශ් සේනාරත්න 3/91, තරිඳු රත්නායක 2/99

එස්. එස්. සී. කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 480 (129) සඳුන් වීරක්කොඩි 189, කෞෂාල් සිල්වා 26, සහන් ආරච්චිගේ 48, කවිඳු කුලසේකර 46, සචිත්‍ර සේනානායක නොදැවී 89, හිමේෂ් රාමනායක 34, අසිත ප්‍රනාන්දු 3/98, ලසිත් ඇඹුල්දෙණිය 4/86

එන්. සී. සී. කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 157 (35) පැතුම් නිස්සංක නොදැවී 90, ඇනජලෝ පෙරේරා නොදැවී 38, ධම්මික ප්‍රසාද්  2/15

කෝල්ට්ස් සහ ටැමිල් යූනියන් අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ ටැමිල් යූනියන් ක්‍රීඩකයින්ගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 615ක් ලබා ගත්හ. එම ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 315ක් රැස් කළහ.

එම ඉනිම වෙනුවෙන් ශතකයක් ලබා ගැනීමට ජීවන් මෙන්ඩිස් සමත් විය. ඔහු පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 105ක් ලබා ගත්තේ ය. ඊට අමතරව මනෝජ් සරත්චන්ද්‍ර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 87කි. ඔහු පන්දු 83කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේ ය.

>>Photos: Army SC v Saracens SC – Major Super 8s Tournament 2018/19

කඩුලු ලබා ගැනීමේ දී ජෙහාන් ඩැනියෙල් සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 3 බැගින් දවා ගත්හ.

ලකුණු 300ක් තමන් සන්තකයේ තබා ගනිමින් දෙවැනි ඉනිමත් ක්‍රීඩා කිරීමට කෝල්ට්ස් ක්‍රීඩකයෝ තීරණය කළ හ. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තරගයේ තෙවැනි දිනය අවසන් කළේ කඩුලු 3ක් දැවී ලකුණු 141ක් ලබා ගනිමිනි.

එම ඉනිමේ දී අවිශ්ක ප්‍රනාන්දු පන්දු 38කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තේ ය. දිනය අවසන් වෙන විට නායක සංගීත් කුරේ පන්දු 67කදී ලකුණු 31ක් ලබා ගනිමින් නොදැවී පිටියේ රැදී සිටී.

කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 615 (154.2) අවිශ්ක ප්‍රනාන්දු 223, සංගීත් කුරේ 142, හෂාන් දුමිඳු 70, ප්‍රියමාල්පෙරේරා 34, ජෙහාන් ඩැනියෙල් 61, නිසල තාරක 38, ජීවන් මෙන්ඩිස් 4.192, කමිඳු මෙන්ඩිස් 2/53

ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 315 (84.1) සිතාර ගිම්හාන් 50, ජීවන් මෙන්ඩිස් 105, මනෝජ් සරත්චන්ද්‍ර 87, ජෙහාන් ඩැනියෙල් 3/36, ධනංජය ලක්ෂාන් 2/34, ප්‍රවීන් ජයවික්‍රම 3/34

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 141 (26) අවිශ්ක ප්‍රනාන්දු 65, සංගීත් කුරේ නොදැවී 31, ධනංජය ලක්ෂාන් 28,

ආරම්භක ශතකය දිනුෂ් මාලන්ගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ Tier B ක්‍රිකට් තරගාවලියේ ආරම්භක…

යුද හමුදාව සහ සැරසන්ස් අතර තරගය

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් යුද හමුදා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 350ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙසින් සැරසන්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 516ක් ලබා ගත්තේ ය.

සැරසන්ස් ඉනිමේ පෙර දිනයේ නොදැවී පිටියේ රැඳී සිටි ගමිඳු කනිෂ්ක සහ නිපුන් කරුණානායක එක්ව 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 190ක සබඳතාවක් ගොඩ නැගූහ.

එදින නොදැවී ලකුණු 103ක් ලබා සිටි ගමිඳු කනිෂ්ක අද තම ඉනිමට ලකුණු 141ක් රැස් කළේ ය. ඔහු ඒ වෙනුවෙන් පන්දු 245ක් වැය කළ අතර හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් ඇතුළත් කළේය. නිපුන් කරුණානායක පන්දු 271කට මුහුණ දී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 129ක් රැස් කළේය.

ඊට අමතරව චාමිකර එදිරිසිංහ පන්දු 154කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී දුශාන් විමුක්ති ලකුණු 137කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

ලකුණු 166ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි යුද හමුදා ක්‍රීඩකයෝ තරගයේ තෙවැනි දිනය අවසන් වෙද්දී කිසිවෙක් නොදැවී ලකුණු 37ක් ලබා සිටිය හ.

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 350 (98.5) හිමාෂ ලියනගේ 116, ඩිල්ෂාන් ද සොයිසා 101, සංජික රිද්ම 56, රනිත ලියනාරච්චි 3/61,  සචිත්‍ර පෙරේරා 3/42, චාමිකර එදිරිසිංහ 3/81

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 516 (155.1) ඇන්ඩි සොලමන්ස් 62, නිර්මාල් 29, නවිඳු නිර්මාල් 29, ගමිඳු කනිෂ්ක 141,  නිපුන් කරුණානායක 129, චාමිකර එදිරිසිංහ නොදැවී 65, සචිත්‍ර පෙරේරා 26, දුශාන් විමුක්ති 4/137, ඩිල්ශාන් ද සොයිසා 2/92

ශ්‍රී ලංකා යුද හමුදාව; දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 37 (12) ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 18, කවීෂ් කුමාර 17

මේ සියලු තරග හෙට (03) අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<