සුපිරි 8 පිටියේ අලුත්ම ද්විත්ව ශතකලාභියා ඇන්ජලෝ

233

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League සුපිරි 8 ක්‍රිකට් තරගාවලියේ  අලුත්ම ද්විත්ව ශතකලාභියා බවට පත් වීමට එන්. සී. සී. කණ්ඩායමේ ඇන්ජලෝ පෙරේරා සමත් විය.

ඔහු මෙම දක්ෂතාව පෑවේ අසල්වාසී එස්. එස්. සී. කණ්ඩායමට එරෙහිව ය. මේ අතර ඊයේ (01) තවත් ශතක දෙකක් මෙම තරගාවලිය වෙනුවෙන් ලියැවුණි. ඒ එස්. එස්. සී. කණ්ඩායමේ  සඳුන් වීරක්කොඩි සහ සැරසන්ස් කණ්ඩායමේ ගමිඳු කනිෂ්ක ද වෙතිනි.

අවිශ්ක ප්‍රනාන්දුත් ද්විත්ව ශතක සමාජයට

සංචාරක අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව දැක්වූ දක්ෂතාවලට තිත නොතැබූ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ…

එන්. සී. සී. සහ එස්. එස්. සී. අතර තරගය

පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් එස්. එස්. සී. නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එන්. සී. සි. ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් ඊයේ තම ඉනිම අවසන් කළේ ලකුණු 444ක් ලබා ගනිමිනි.

ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 290ක් ලබා සිටී.

පෙර දිනයේ එන්. සී. සී. කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 152ක් ලබා සිටි ඇන්ජලෝ පෙරේරා ඊයේ ද්විත්ව ශතකයක් ලබා ගැනීමට සමත් විය. ඔහුගේ ඉනිම අවසන් වූයේ පන්දු 203කට මුහුණ දෙමිනි. ඒ වෙද්දී ඔහු ලකුණු 201ක් රැස් කරගෙන සිටි අතර හතරේ පහර 20ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුළත් කරගෙන සිටියේ ය.

එස්. එස්. සී. ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි මේ වෙද්දී පන්දු 198කට මුහුණ දී හතරේ පහර 18ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 167ක් ලබා සිටී. ඔහුත් සමග අනෙක් අන්තයේ කවිඳු කුලසේකර (37) රැදී සිටින්නේ ලකුණු 101ක නොබිඳුණු ලකුණු සබඳතාවක් තෙවැනි කඩුල්ලට ගොඩ නගමිනි.

එස්. එස්. සී. ඉනිම වෙනුවෙන් ලබා ගත් කඩුලු දෙකේ ම හිමිකාරිත්වය ලසිත් ඇඹුල්දෙනිය සතු විය.

එන්. සී. සී. කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 444 (103.3) පැතුම් නිස්සංක 95, හසිත බෝයගොඩ 20, මහේල උඩවත්ත 23, සචින්ත පීරිස් 28, ඇන්ජලෝ පෙරේරා 201, ලසිත් ඇඹුල්දෙනිය 26, ධම්මික ප්‍රසාද් 3/86, ආකාශ් සේනාරත්න 3/91, තරිඳු රත්නායක 2/99

එස්. එස්. සී. කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 290 (74) සඳුන් වීරක්කොඩි නොදැවී 167, කෞෂාල් සිල්වා 26, සහන් ආරච්චිගේ 48, කවිඳු කුලසේකර නොදැවී 37, ලසිත් ඇඹුල්දෙනිය 2/59

වැරැද්ද හදාගන්න අකිල සූදානමින්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිට දඟපන්දු යවන ක්‍රීඩකයෙක් වන අකිල දනංජය ඔහුගේ පන්දු යැවීමේ…


කෝල්ට්ස් සහ ටැමිල් යූනියන් අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ ටැමිල් යූනියන් ක්‍රීඩකයින්ගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 615ක් ලබා ගත්හ. එම ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තරග දෙවැනි දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 67ක් ලබා සිටිය හ.

පෙර දින තරගය නතර කරන විට කෝල්ට්ස් ක්‍රීඩක හෂාන් දුමිඳු නොදැවී ලකුණු 46ක් ලබා සිටි අතර ඔහු අද ලබා ගත් ලකුණු සංඛ්‍යාව 70කි. ඒ වෙනුවෙන් ඔහු පන්දු 130කට මුහුණ දුන් අතර හතරේ පහර 7ක් ඇතුළත් කළේය. ඊට අමතරව ජෙහාන් ඩැනියෙල් ද පන්දු 108කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ජීවන් මෙන්ඩිස් ලකුණු 192කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ටැමිල් යූනියන් ඉනිම වෙනුවෙන් සිතාර ගිම්හාන් නොදැවී ලකුණු 25ක් ලබා ගනිමින් පිටියේ රැඳී සිටී.

කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 615 (154.2) අවිශ්ක ප්‍රනාන්දු 223, සංගීත් කුරේ 142, හෂාන් දුමිඳු 70, ප්‍රියමාල්පෙරේරා 34, ජෙහාන් ඩැනියෙල් 61, නිසල තාරක 38, ජීවන් මෙන්ඩිස් 4.192, කමිඳු මෙන්ඩිස් 2/53

ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 67 (23) සිතාර ගිම්හාන් නොදැවී 25


හලාවත මේරියන්ස් සහ සී. සී. සී. අතර තරගය

කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සී. සී. සී. නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 186ක් පමණි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සී. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 206ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් අද දවසේ කැපී පෙනෙන මෙහෙවරක් කළේ ලහිරු මධුශංක ය. ඔහු පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා ගත්තේ ය.

ලකුණු 20ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 227ක් ලබා සිටිය හ.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු යසෝද ලංකා ය. ඔහු පන්දු 95කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 89ක් ලබා ගත්තේ ය. ඊට අමතරව නායක හර්ෂ කුරේ ලබාගත් ලකුණු සංඛ්‍යාව 80කි. පන්දු 122කට මුහුණ දුන් කුරේ හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් තම ඉනිමට ඇතුළත් කළේය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 186 (48.2) ඕෂද ප්‍රනාන්දු 52, රිසිත් උපමාල් 36, ඉරෝෂ් ප්‍රනාන්දු 26, ලහිරු මධුශංක 6/51, මාලින්ද පුෂ්පකුමාර 3/84

සී. සී. සී. කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 206 (60.3) මිනෝද් භානුක 40, අශාන් ප්‍රියන්ජන් 22, ලහිරු මධුශංක නොදැවී 51, තික්ෂිල ද සිල්වා 3/99, සාගර් පර්දේශ් 5/38

හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 227 (61.3) යසෝද ලංකා 89, හර්ෂ කුරේ 80,  රිසිත් උපමාල් නොදැවී 30, වනිඳු හසරංග 2/42, ලහිරු මධුශංක 2/34

පන්දු රකින්නන්ගේ ආශීර්වාදයෙන් කැන්ගරුවන් කරණම් ගසති!

ප්‍රතිවාදීන්ගේ කඩුලු 3ක් ලකුණු 28ක් තුල දවා ගනිමින් හොඳින් තරගයට පිවිසුණු ශ්‍රී ලංකා පිළේ බලාපොරොත්තු…


යුද හමුදාව සහ සැරසන්ස් අතර තරගය

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් යුද හමුදා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 350ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙසින් අද දවසේ පිටියට පිවිසි සැරසන්ස් ක්‍රීඩකයෝ දිනය අවසන් වෙන විට කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබා සිටිය හ.

සැරසන්ස් ඉනිමේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූයේ ගමිඳු කනිෂ්ක ය. ඔහු තරගය දෙවැනි දිනයට නතර කරන විට පන්දු 171කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 103ක් ලබා සිටියේ ය.

ඊට අමතර ව ඇන්ඩි සොලමන්ස් අර්ධ ශතකයක් ලබා සිටියේ ය. ඉනිමේ කඩුලු බිඳ දැමීමේ දී දුශාන් විමුක්ති ලකුණු 58කට කඩුලු 3ක් බිඳ හෙළමින් ඉනිමේ හොඳම පන්දු යවන්නා බවට පත් විය.

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 350 (98.5) හිමාෂ ලියනගේ 116, ඩිල්ෂාන් ද සොයිසා 101, සංජික රිද්ම 56, රනිත ලියනාරච්චි 3/61,  සචිත්‍ර පෙරේරා 3/42, චාමිකර එදිරිසිංහ 3/81

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 255 (79) ඇන්ඩි සොලමන්ස් 62, නිර්මාල් 29, නවිඳු නිර්මාල් 29, ගමිඳු කනිෂ්ක නොදැවී 103, නිපුන් කරුණානායක නොදැවී 39, දුශාන් විමුක්ති 3/58

මේ සියලු තරග අද (02) තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<