හතරේ පහර 11යි, හයේ පහර 5යි; කුසල්ගෙන් දැවැන්ත ශතකයක්

3853

දේශීය ක්‍රිකට් පිටිය අසිරිමත් සිදුවීම් රැසකින් පිරී ගිය අද (17) දිනයේ ප්‍රිමියර් ලීග් තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග 6ක් නිමාවට පත්විය. එහි දී SSC කණ්ඩායම සහ NCC කණ්ඩායම පූර්ණ තරග ජයග්‍රහණ දෙකක් වාර්තා කර ගත් අතර හලාවත මේරියන්ස් සහ BRC කණ්ඩායම් අතර පැවති තරගය ලකුණු සමවී නිමාව දිටීය.

ධම්මික ප්‍රසාද් නැවතත් ජාත්‍යන්තර පිටියට පිවිසීමට කොළ එළි දල්වයි!

තම ක්‍රීඩා දිවියේ හොඳම කාල සීමාව පසු කරමින් සිටියදී අවාසනාවන්ත ලෙස ආබාධයකට ගොදුරු වූ ධම්මික ප්‍රසාද්..

මුවර්ස් ක්‍රීඩා සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය

ජය පරාජයකින් තොරව නිමාවුණු මෙම තරගයේ කැපී පෙනෙන සිදුවීම බවට පත්වූයේ කුසල් මෙන්ඩිස් වාර්තා කළ විශිෂ්ට ශතකයයි. මුවර්ස් කණ්ඩායම තම ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු 444ට පිළිතුරු ලෙස CCC කණ්ඩායමට ලකුණු 388ක් රැස්කර ගැනීමට උපකාරී වූයේ ඔහු පෙන්වූ මෙම සාර්ථකත්වයයි. කුසල් අද පන්දු 278කට මුහුණ දෙමින් ලකුණු 177ක් රැස් කර ගත්තේ හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමඟිනි.

පසුගිය මාස කිහිපයේ දී ජාත්‍යන්තර පිටියේ දී තරමක් පසුබෑමකට ලක්ව සිටි කුසල් මෙන්ඩිස් මේ ආකාරයෙන් නැවතත් ලකුණු අතරට පිවිසීම ශ්‍රී ලංකා පිළේ සැනසිල්ලට හේතුවනු ඇත. කුසල්ට අමතරව මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් ශතකයක් රැස්කළ ප්‍රිමෝශ් පෙරේරා සහ ඉනිමක කඩුලු 5ක් දවාගත් තරිඳු රත්නායක තරගය තුල හොඳින් දස්කම් දැක්වූහ.

මුවර්ස් ක්‍රීඩා සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 444 (පන්දුවාර 118.5): ප්‍රිමෝශ් පෙරේරා 121, ශානුක දුලාජ් 62*, චාමර සිල්වා 58, සහන් විජේරත්න 45, ඉරෝෂ් සමරසූරිය 41, පබසර වඩුගේ 32, ලක්ෂාන් සඳකැන් 2/100.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 388 (පන්දුවාර 101.4): කුසල් මෙන්ඩිස් 177, කවීන් බණ්ඩාර 60, අශාන් ප්‍රියන්ජන් 53, මලින්ද වර්ණපුර 39, තරිඳු රත්නායක 5/118, ශිරාන් ප්‍රනාන්දු 3/98.

මුවර්ස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 26 (පන්දුවාර 8)


සිංහල ක්‍රීඩා සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

සිංහල ක්‍රීඩා සමාජයට කඩුලු 7ක ජයක් හිමිවුණු මෙම තරගයේ දී සුපිරි වීරයින් දෙදෙනෙකු බිහි විය. ඒ SSC මුල් ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 137ක් ලබාගත් මිලින්ද සිරිවර්ධන සහ තවත් ශතකයක් ලබාගත් ශම්මු අශානුයි. මොවුන් දෙදෙනාගේ සාර්ථකත්වය නිසා SSC කණ්ඩායමට තම මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 4කට ලකුණු 444ක් රැස්කර ගැනීමට ද හැකි විය.

T10 ගිය ක්‍රීඩකයෝ හිස් අතින්ම ගෙදර එයි

සුපිරි තරගාවලියක නැවුම් බවත්, උණුසුමත් ලබා දෙමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වූ T10 ක්‍රිකට් තරගාවලියේ කිසිදු තරගයක් ජය ගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායම…

අසාර්ථක සැරසන්ස් ප්‍රථම ඉනිම වෙනුවෙන් හර්ෂ කුරේ ලකුණු 90ක් රැස් කළ ද ඔවුන්ගේ ඉනිම ලකුණු 238 දී නිමාව දිටීය. එබැවින් ඔවුන්ට දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමේ අවමානයට ද මුහුණ පෑමට සිදු විය. එහි දී සැරසන්ස් පිතිකරුවන් ලකුණු 258කට සීමාවීමත් සමඟ SSC කණ්ඩායම වේගවත් පිතිකරණයක නිරත වෙමින් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වූහ. නැවතත් ලකුණු අතරට පිවිසි ශම්මු අශාන් නොදැවී ලකුණු 31ක් රැස් කළේය.

සිංහල ක්‍රීඩා සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 444 (පන්දුවාර 94): ශම්මු අශාන් 107, මිලින්ද සිරිවර්ධන 137*, දිමුත් කරුණාරත්න 83, කෞෂාල් සිල්වා 42, කවිඳු කුලසේකර 39*, චතුර රන්දුනු 1/71.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 238 (පන්දුවාර 61): හර්ෂ කුරේ 90, ඇන්ඩි සොලමන්ස් 27, මින්හාජ් ජලීල් 25, සචිත්‍ර පෙරේරා 33, ධම්මික ප්‍රසාද් 4/66, විමුක්ති පෙරේරා 2/45, ජෙෆ්රි වැන්ඩර්සේ 2/80.

සැරසන්ස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 258 (පන්දුවාර 71.3): මින්හාජ් ජලීල් 58, ගමිඳු කණිෂ්ක 42, ප්‍රමෝද් මධුවන්ත 63, රිස්වාන් හයිඩර් 33, ජෙෆ්රි වැන්ඩර්සේ 4/72, මිලින්ද සිරිවර්ධන 2/48.
සිංහල ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 55 (පන්දුවාර 6.4): ශම්මු අශාන් 31*.


ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ NCC අතර තරගය

NCC කණ්ඩායමට කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවුණු මෙම තරගයේ වැඩි වශයෙන් කැපී පෙනුනේ ලසිත් ඇඹුල්දෙණියගේ සහ තරිඳු කෞෂාල්ගේ දඟ පන්දුකරණයයි. මුලින් පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් පිළ ලකුණු 117කට සීමා කරමින් NCC කණ්ඩායම ලකුණු 234ක් රැස්කර ගැනීමට සමත් වූයේ තරග ජයක් සඳහා පසුබිම සාදා ගනිමිනි.

ඉන් අනතුරුව දෙවැනි ඉනිමේ දී ටැමිල් යූනියන් පිළ ලකුණු 221කට නතර කළ NCC කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 105ක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කර ගත්හ. ඒ වෙනුවෙන් සඳුන් වීරක්කොඩි සහ ලහිරු උදාර නොදැවී අර්ධ ශතක වාර්තා කළහ. පන්දු යැවීමේ දී චයිනමන් පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 7ක් ද, දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක තරිඳු කෞෂාල් කඩුලු 6ක් ද දවා ගත්හ.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 117 (පන්දුවාර 38.3): මනෝජ් සරත්චන්ද්‍ර 33, තරිඳු කෞෂාල් 2/19, චාමික කරුණාරත්න 2/19, ලහිරු කුමාර 2/21, ලසිත් ඇඹුල්දෙණිය 2/25.

NCC ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 234 (පන්දුවාර 75): ලහිරු උදාර 45, මහේල උඩවත්ත 38, සඳුන් වීරක්කොඩි 34, මාලිංග අමරසිංහ 29, ප්‍රමෝද් මදුෂාන් 5/69.

ටැමිල් යූනියන් (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 221 (පන්දුවාර 67.1): දිනෙත් තිමෝද්‍ය 71, ජීවන් මෙන්ඩිස් 67, ලසිත් ඇඹුල්දෙණිය 5/55, තරිඳු කෞෂාල් 4/86.

NCC ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 105 (පන්දුවාර 10.5): සඳුන් වීරක්කොඩි 52*, ලහිරු උදාර 51*.

විශ්ව ප්‍රනාන්දුගෙන් දක්ෂ පන්දු යැවීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන T10 සුපිරි ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම, මරත ඇරැබියන්ස් කණ්ඩායම සහ පක්ටූන්ස් කණ්ඩායම සමඟ..


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ BRC අතර තරගය

තුන්දින ක්‍රිකට් තරගයක දී ඉතාමත්ම කලාතුරකින් වාර්තා වන අසිරිමත් සිදුවීමක් අද මෙම තරගයේ දී දැකිය හැකි විය. ඒ දින තුනකට සහ ඉනිම හතරකට පසුවත් කණ්ඩායම් දෙකම ලබාගත් ලකුණු සංඛ්‍යාවන් සමවී තරගය නිමාවට පත්වීමයි. එහි දී මේරියන්ස් කණ්ඩායම තම මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 293ක් රැස් කර ගනිද්දී BRC ක්‍රීඩකයින්ට පිළිතුරු ඉනිම වෙනුවෙන් ලකුණු 316ක් වාර්තා කර ගැනීමට හැකි විය. ඒ රුමේෂ් බුද්ධිකගේ ශතකයේ ආධාරයෙනි.

පසුව හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම ලකුණු 117කට සීමා කළ BRC කණ්ඩායම පූර්ණ තරග ජයක් අපේක්ෂාවෙන් පිටියට පිවිසියත්, ඔවුන්ව ලකුණු 94කට සීමා කරමින් තරගය බේරා ගැනීමට මේරියන්ස් පන්දු යවන්නන්ට හැකි විය. මෙම තරගය තුල දී හලාවත කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර කඩුලු 10ක් බිඳ හෙලූ අතර BRC පිළ වෙනුවෙන් සුරාජ් රන්දිව් සහ හිමේෂ් රාමනායක පන්දුවෙන් දස්කම් දැක්වූහ.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 293 (පන්දුවාර 87.2): සචිත්‍ර සේරසිංහ 63, ඕෂද ප්‍රනාන්දු 47, මාලින්ද පුෂ්පකුමාර 34, කසුන් විදුර 30, රෝහිත් දමෝදරන් 23, සුරාජ් රන්දිව් 6/90, චාමිකර එදිරිසිංහ 2/72.

BRC – සියල්ලන්ම දැවී ලකුණු 316 (පන්දුවාර 81.1): රුමේෂ් බුද්ධික 123, ටී.එම්. සම්පත් 96, ලසිත් ලක්ෂාන් 40, මාලින්ද පුෂ්පකුමාර 5/102, සචිත්‍ර සේරසිංහ 4/76.

හලාවත මේරියන්ස් (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 117 (පන්දුවාර 43.4): සචිත්‍ර සේරසිංහ 53, පුළිණ තරංග 28, හිමේෂ් රාමනායක 5/34, චාමිකර එදිරිසිංහ 3/17.

BRC (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 94 (පන්දුවාර 43.1): හර්ෂ විතාන 35*, මාලින්ද පුෂ්පකුමාර 5/51, සචිත්‍ර සේරසිංහ 4/31.


යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර තරගය

දෙපිළේම ක්‍රීඩකයින්ගේ දස්කම් එක ලෙස නිරූපණය වූ මෙම තරගය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි. එහි දී වරාය අධිකාරියේ ඇරයුමට අනුව මුලින් පිත්ත හැසිරවූ යුධ හමුදා පිළ ලකුණු 224ක් රැස් කළහ. ඊට පිළිතුරු ලෙස වරාය අධිකාරිය ලබාගත් ලකුණු 272 වෙනුවෙන් යොහාන් ද සිල්වාගෙන් ලකුණු 76ක් එක්විය. තරගය නිමා වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි යුධ හමුදා කණ්ඩායම කඩුලු 5කට ලකුණු 143ක් ලබා සිටියහ.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 224 (පන්දුවාර 98): ලියෝ ෆ්‍රැන්සිස්කෝ 57, කසුන් ද සිල්වා 40, නවෝද් ඉලුක්වත්ත 27, දුශාන් විමුක්ති 27, චානක කොමසාරු 3/28, අදීල් මලික් 2/30, මදූක ලියනපතිරණගේ 2/43.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය – සියල්ලන්ම දැවී ලකුණු 272 (පන්දුවාර 85.3): යොහාන් ද සිල්වා 76, ප්‍රශාන් වික්‍රමසිංහ 61, අදීල් මලික් 29, යශෝධ ලංකා 26, නුවන් ලියනපතිරණ 3/72, ලක්ශාන් මදුශංක 2/32, සංජික රිද්ම 2/13.

යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 143 (පන්දුවාර 43): කසුන් ද සිල්වා 46*, රනේශ් පෙරේරා 1/10.

රාගම ක්‍රිකට් සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

මෙම තරගය ජය පරාජයකින් තොරව නිමාවට පත් වූවත් තරගයේ ගෞරවය සම්පූර්ණයෙන්ම හිමිවූයේ රාගම ක්‍රිකට් සමාජයටයි. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් රාගම පිතිකරුවන් රිසිසේ ලකුණු අතරට පිවිසෙමින් කඩුලු 9ක් පමණක් දැවී ලකුණු 401ක් වාර්තා කළහ. ඒ වෙනුවෙන් සමීර සොයිසා ලකුණු 86ක් රැස් කරද්දී නිසල තාරක කඩුලු 5ක හිමිකරු බවට පත්විය. කෝල්ට්ස් කණ්ඩායමේ පිලිතුරු ඉනිම ලකුණු 190කට නිමා කිරීමට ද ප්‍රබල රාගම කණ්ඩායමට හැකිවිය.

රාගම ක්‍රිකට් සමාජය – කඩුලු 9ක් දැවී ලකුණු 401 (පන්දුවාර 106.1): සමීර ද සොයිසා 86, සමින්ද ප්‍රනාන්දු 55, ඉශාන් ජයරත්න 62, ජනිත් ලියනගේ 51, ලහිරු මිලන්ත 33, රොෂේන් සිල්වා 36, නිසල තාරක 5/110, කවිෂ්ක අන්ජුල 2/82.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 190 (පන්දුවාර 60.3): අවිශ්ක ප්‍රනාන්දු 30, ඇන්ජෙලෝ ජයසිංහ 24, කවිශ්ක අන්ජුල 24, අමිල අපොන්සු 4/47, චතුර පීරිස් 2/25.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 73 (පන්දුවාර 14): ප්‍රියමාල් පෙරේරා 37*.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න