IPL අවලංගු වුනොත් දෝනි සමුගනීවි ද?

77

‘ඉන්දීය ප්‍රිමියර් ලීග්’ ආරම්භය අප්‍රේල් මස 15 වනදා දක්වා කල් දැමීමට එහි සංවිධායකයන්ට සිදුවූයේ ඉන්දියාව තුළ නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙනි. ඉන්දීය ප්‍රිමියර් ලීග් පිළිබඳ අවිනිශ්චිතතාවයත් සමඟින් හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි නැවතත් ජාත්‍යන්තර පිටිය වෙත පැමිණීම තරමක අභියෝගයක් වී තිබේ. 

කොරෝනා සටනට කුසල් ජනිත් එක්වෙයි

ශ්‍රී ලාංකික ජනතාව මේ වන විට මුහුණ දී සිටින දරුණු වසංගත තත්ත්වය හමුවේ….

එංගලන්තයේ හිටපු නායක නසාර් හුසේන් ඉන්දීය ප්‍රිමියර් ලීග් නොමැති වුවද මහේන්ද්‍ර සිං දෝනිට ජාත්‍යන්තර වශයෙන් නැවත පැමිණීමට හැකි බව පවසා තිබිනි. 

38 හැවිරිදි දෝනි පසුගිය වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් පසුව ක්‍රීඩා සමාජ වෙනුවෙන් හෝ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර නොමැත. 

ඉන්දියාව පසුගිය සතියේ දී පූර්ණ වසා දැමීමකට යොමු වූයේ එරට තුළ සීඝ්‍රයෙන් පැතිරෙන නව කොරෝනා වෛරසය නිසාවෙනි. මේ නිසා වසරකට පමණ පසුව නැවත ජාත්‍යන්තර පිටියට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි දෝනිට එම අවස්ථාව මඟහැරී තිබේ. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් දැමීම හෝ අවලංගු කිරීම මත දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනු ඇතැයි බොහෝදෙනා අනුමාන කර තිබිනි. 

“දෝනි ගැන මා දුටු දේ එක්ක බැලුවම මම තවමත් සිතන්නේ ඔහුට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට විශාල දෙයක් පිරිනැමීමට තවමත් හැකියාවක් තිබෙන බවයි” යයි හුසේන් සෙනසුරාදා ඉන්දීය නාලිකාවක් වන Star Sports වෙත පැවසීය. 

“ඔව්, එංගලන්තයට එරෙහි ලෝක කුසලාන තරගයේ දී මෙන් ඔහු දුවද්දී හෝ හඹා යාමේ වැරදි එකක් හෝ දෙකක් තිබෙනවා. නමුත් පොදුවේ ගත් කළ, දෝනි තවමත් හොඳ දක්ෂයෙක්.”  

දෝනි යනු පරම්පරාවකට වරක් බිහිවන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන බවත්, ඔහු වෙනුවට ක්‍රීඩකයෙකු සොයා ගැනීම ඉන්දියාවට බරපතළ අභියෝගයක් වනු ඇති බවත් හුසේන් අනතුරු ඇඟවීය. 

“දෝනි ඉක්මණින් විශ්‍රාම යාමට තල්ලු කරන්න එපා. අවසානයේ ඔහුගේ මානසික තත්වය දන්නේ දෝනි පමණයි. අවසානයේ තේරීම් කමිටුව ක්‍රීඩකයන් තෝරා ගන්නා අතර ක්‍රීඩකයන් ඉල්ලන විට ඔවුන් නැගී සිටිවි.”  

“ඇතැම් ක්‍රීඩකයන් කිසිඳු සමුගැනීමක් නොමැතිව හිරු බැස යන්නා මෙන් ක්‍රීඩාවෙන් සමුගෙන නොයා යුතු බව මම විශ්වාස කරනවා.”  

2014 වසරේ දී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට නිල වශයෙන් සමුදෙන දෝනි, ඉන්දියාව අගුලු දැමීමේ කාලය තුළ නිවසේ ගෙවතු වගාවේ කාර්යබහුල වී ඇති බව ඔහුගේ බිරිඳ විසින් Instagram සටහනක් තබමින් පවසා තිබිනි. 

COVID-19 වසංගතය හේතුවෙන් ලොව පුරා ක්‍රීඩා ඉසව් ප්‍රමාද වීම හෝ කල් දැමීම හේතුවෙන් දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භක තරගය අප්‍රේල් මස 15 වනදා දක්වා කල් දැමිනි. 

තරග පාවාදීමේ චෝදනාවට උමර්ගෙන් ප්‍රතිචාර

පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කළ උමර් අක්මාල් තරග…..

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අවලංගු කළ හොත් දෝනිගේ නැවත පැමිණීමේ අපේක්ෂාවන් ඉතා අඳුරු බව ඉන්දියාවේ හිටපු නායක ක්‍රිෂ්ණමාචාරි ශ්‍රීකාන්ත් පැවසීය. 

“කෙලින්ම, මගේ මතය අනුව ලෝකේශ් රාහුල් කඩුලු රකින්නා/පිතිකරුවා වනු ඇත.” ජාතික තේරීම් කමිටුවේ හිටපු සභාපති ශ්‍රීකාන්ත් පැවසීය. 

“රිෂාබ් පන්ට්, මම තවමත් සිතන්නේ ඔහු තරමක් සැක සහිත ක්‍රීඩකයෙක් විය හැකි බව. නමුත් මම විශ්වාස කරනවා රිෂාබ් පන්ට් ඉතා දක්ෂ ක්‍රීඩකයෙක් බව.”  

“දෝනි, ඔහු නියත වශයෙන්ම මනා ශරීර යෝග්‍යතාවකින් ඉන්නවා. ඔහු පුරාවෘත්තයක්. ඔහු දක්ෂයි. මම දෝනිගේ විශාල රසිකයෙක්. නමුත් ප්‍රශ්නය වන්නේ ඊළඟට තියෙන විස්සයි විස්ස ලෝක කුසලාන කණ්ඩායමට යි. එබැවින් ඔබට ඉන්දීය කණ්ඩායමට මුල් තැන දිය යුතු වෙනවා පුද්ගලයන්ට වඩා.”  

2007 වසරේ දී ඉන්දියාවට පළමු විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනීමට දෝනි නායකත්වය දුන්නේය. ඔහු 2011 වසරේ ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය තමන්ටම අනන්‍ය වූ හයේ පහරකින් ලබා ගත්තේ ජාතික වීරයෙකු ලෙස ඉන්දීය ක්‍රීඩා ලෝලීන් තුළ සදා සටහන් වෙමිනි. 

ඔහු එක්දින තරග 350ක දී ලකුණු 10,773 ක් රැස්කර ඇති නමුත් පසුගිය වසරේ ලෝක කුසලාන තරගාවලියේ දී ඔහුගේ යම් අසාර්ථකත්වයක් තිබූ බව බොහෝ ක්‍රීඩා විචාරකයන් පවසා තිබිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<