ප්‍රිමියර් ලීග් ශූරතාවය මොරගස්මුල්ලට

826
Pelican SC v Moragasmulla SC

2016 පාපන්දු ප්‍රිමියර් ලීග් ශූරතාවලියේ පළමු කාණ්ඩයේ අවසන් මහා තරගයෙන් පෙලිකන්ස් ක්‍රීඩා සමාජය ගෝල 01 – 00 ලෙස පරාජය කරමින් මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

පසුගිය ලිපි: පෙලිකන්ස් – මොරගස්මුල්ල පළමු කාණ්ඩයේ ශූරතා සටනට

සැප්තැම්බර් 3වැනිදා රෙඩ් ස්ටාර් ක්‍රීඩා සමාජය පරාජය කරමින් පෙලිකන්ස් ක්‍රීඩා සමාජයත්, කොම්රෙඩ්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් මොරගස්මුල්ල ක්‍රීඩා සමාජයත් අවසන් වටයට සිය සුදුසුකම් සපුරාගත් අතර තරග දෙකම නිමා වූයේ ගෝල 03 – 01 ලෙසිනුයි.

අවසන් මහා තරගය සැප්තැම්බර් 10වැනිදා කුරුණෑගල මලියදේව විදුහල් ක්‍රීඩා පිටියේදි පැවති අතර තරගයේ ප්‍රථම අර්ධයේ 37වැනි මිනිත්තුවේදි ලකුණු පුවරුව සක්‍රීය කරමින් මොරගස්මුල්ල ක්‍රීඩා සමාජ ක්‍රීඩක එච්. ආර්. ප්‍රියවංශ විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.

තරගය පුරාම ක්‍රීඩා සමාජයන් දෙකම කරට කර තරග වැදුනු අතර ඇතැම් අවස්තාවන් හිදි කණ්ඩායම් දෙකම පහසුවෙන් ගෝල ලබා ගැනීමට තිබුනු අවස්තාවන් මඟ හැර ගන්නා ලදි. කෙසේ නමුත් නියමිත කාලය අවසානයේ කණ්ඩායම් දෙකම අතිරේක ලකුණු කිසිවක් සිය කණ්ඩායම ඉදිරියේ සටහන් කිරීමට අපොහොසත් වූ අතර එක් ගෝලයක් වාර්තා කල මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය තරගාවලියේ කුසලානයට හිමිකම් කීමට සමත් විය.

තරගයේදි එච්. ජී. ශිරන්ග ප්‍රියවංශ, ප්‍රියංග ගෝමස් සහ අකිල සුරේෂ් යන මොරගස්මුල්ල ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් හටත් පෙලිකන්ස් ක්‍රීඩක ඕ. එන්. රෝවුලන්ඩ් හටත් විනිසුරුවරයා කහ කාඩ්පත් නිකුත් කරන ලදි.

අවසන් ලකුණු – මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය 01 : 00 පෙලිකන්ස් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – රනිදු රුක්ෂාන්

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට