ගෝල 03 – 01 ලෙස නිමාවු තරග දෙකක්

868
Football Premier League Division 1

ප්‍රිමියර් ලීග් කුසලාන පළමු පෙල කාණ්ඩයේ අර්ධ අවසන් වටයේ තරග කිහිපයක් පසුගිය සති අන්තයේදි පැවැත්විය. එම තරගවලින් ජයග්‍රහණය වාර්තා කිරීමට පෙලිකන්ස් සහ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජ සමත් විය.

පසුගිය ලිපි: රෙඩ් ස්ටාර්, කොමරේඩ්ස්, පෙලිකන්ස්, කණ්ඩායම් අවසන් 4ට

රෙඩ් ස්ටාර් ක්‍රීඩා සමාජය සහ පෙලිකන්ස් ක්‍රීඩා සමාජය

ඉකුත් 3වැනිදා පැවති මෙම තරගයෙන් රෙඩ් ස්ටාර් සමාජය පරදවා ජයග්‍රහණය වාර්තා කිරීමට පෙලිකන්ස් ක්‍රීඩා සමාජය සමත් විය. ඒ ගෝල 03 – 01 ලෙසිනි. තරගයේ අාරම්භක ගෝලය රෙඩ් ස්ටාර් ක්‍රීඩක මොහොමඩ් අෆ්රාර් විසින් වාර්තා කල අතර ඉන්පසුව තරගය නිමවන තෙක් වෙනත් කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ඔවුන්ට නොහැකි විය.

තරගයේ පෙලිකන්ස් ක්‍රීඩකයින් ලකුණු ලබා ගැනීම අාම්භ කරන්නේ තරගයේ 62වැනි මිනිත්තුවේදි සිටයි. ප්‍රථම අර්ධය 01-00 ලෙසින් රෙඩ් ස්ටාර් ක්‍රීඩකයින් පෙරමුණ ගත් අතර තරගය වෙනස්ම අන්තයකට ගෙන යමින් ප්‍රථම ගෝලය පෙලිකන්ස් වෙනුවෙන් වාර්තා කලේ ගිහාන් සිරිසේන විසිනි. ඒ තරගයේ 62වැනි මිනිත්තුවේදීය. ඉන්පසුව තරගයේ 71වැනි සහ 81වැනි මිනිත්තුවලදි ගෝලයන් වාර්තා වු අතර ඒවා පිලිවෙලින් ශන්මුගරාජා සංජීව් විසින් සහ චතුරංග ගුණරත්න විසින් වාර්තා කිරීමට සමත් විය.

තරගය අතරවාරයේදි විනිසුරුතුමන් විසින් රෙඩ් ස්ටාර් ක්‍රීඩක මොහොමඩ් රිකාස්, මොහොමඩ් ඉලාහි සහ මොහොමඩ් අරෆක් යන අයට කහ කාඩ්පත් ලබා දෙන ලදි.

අවසන් ලකුණු පෙලිකන්ස් ක්‍රීඩා සමාජය 03 – 01 රෙඩ් ස්ටාර් ක්‍රීඩා සමාජය


මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සහ කොම්රෙඩ්ස් ක්‍රීඩා සමාජය

මෙම තරගයද ගෝල 03 – 01 ලෙසින් නිමාව දුටුවේ මොරගස්මුල්ල සමාජය තරගයේ ජයග්‍රහණය හිමිකර ගනිමිනි. තරගය ඊයේ රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේදි පැවති අතර තරගයේ ප්‍රථමයෙන්ම ලකුණු රැස් කිරීම අාරම්භ කරන්නේ කොම්රෙඩ්ස් ක්‍රීඩක ඩී. එම්. ටී. ඩී. දිසානායක විසිනි. ඉන් අනතුරුව කිසිදු ගෝලයක් ඔවුන්ට සාර්ථක කර ගැනීමට ප්‍රතිවාදීන් ඉඩ තැබුවේ නැත.

ප්‍රථම අර්ධය 01 – 00 ලෙසින් කොම්රෙඩ්ස් වැඩි ගෞරවය ලබමින් අවසන් වූවද, දෙවැනි අර්ධය තුලදි වඩාත් කාර්යක්ෂම වු මොරගස්මුල්ල ක්‍රීඩකයින් ප්‍රථම ගෝලය තරගයේ 65වැනි මිනිත්තුවේදි මොහොමඩ් ශිෆන් විසින් වාර්තා කල අතර 83වැනි සහ 90+5 මිනිත්තුවලදි පිලිවෙලින් ඩබ්. පුබුදු විසින් සහ ඩිලාන් මධුශංක විසින් ගෝල ලබා ගන්නා ලදි.

මොරගස්මුල්ල ක්‍රීඩක ඩී. ඒ. ඒ. සුරේශ් සහ එස්. එම්. සී. ගුණසේකර හටත් කොම්රෙඩ්ස් ක්‍රීඩක එම්. අාර්. එම්. සියාම්, මොහොමඩ් නවුමාන් සහ ජේ. එස්. කුමාර යන ක්‍රීඩකයින් හට කහ කාඩ්පත් නිකුත් කරන ලදි.

අවසන් ලකුණු – මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය 03 – 01කොම්රෙඩ්ස් ක්‍රීඩා සමාජය

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට