පෙරළි රැසක් සිදු වූ දෙවන සතියේ පෙරමුණ කාහට ද?

132

2018/19 එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ දෙවන සති අන්තය නිමා වුනේ බලාපොරොත්තු වූ ප්‍රතිඵල රැසක් මෙන්ම පෙරළිකාර සිදුවීම් කිහිපයක් ද සමඟයි.

ගියවර ශූරයින් වූ මැන්චෙස්ටර් සිටි කණ්ඩායම දෙවන සතිය අවසානයේ දී ලකුණු සටහනේ පෙරමුණේ සිටින අතර ඔවුන් හමුවේ හඩර්ස්ෆීල්ඩ් ටවුන් කණ්ඩායමට ගෝල 6-1ක දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදු විය. ඒ අනුව හඩර්ස්ෆීල්ඩ් ටවුන් කණ්ඩායම -8ක ගෝල පරතරයක් සමඟින් ලකුණු සටහනේ අවසන් ස්ථානය දක්වා ඇද වැටුණි.  

මැන්චෙස්ටර් සිටි දැවැන්ත ජයක්; යුනයිටඩ් දැවැන්ත පරාජයක්

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන සති අන්තයේ තවත් තරග දෙකක් සඳහා ඊයේ (19) මැන්චෙස්ටර් සිටි කණ්ඩායම හා ඔවුන්ගේ….

ලිවර්පූල් කණ්ඩායම බලාපොරොත්තු වූ පරිදිම ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කිරීමට සමත් වූ අතර මොහොමඩ් සලාහ්ගේ පන්දු යොමු කිරීමෙන් Sadio Mane අවසන් මිනිත්තුවේ දී ලිවර්පූල් කණ්ඩායමට ජය ගෙන ඒමට සමත් විය. ඒ අනුව ගෝල පරතරය අනුව ලිවර්පූල් කණ්ඩායම ලකුණු සටහනේ දෙවන ස්ථානයේ ද, ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම 10 වන ස්ථානයේ ද රැඳී සිටියි.   

දෙවන සතියේ වැදගත්ම තරගය වූ ආර්සනෙල් චෙල්සි ගැටුමෙන් ගෝල 3-2ක් ලෙස පරාජය වන්නට ආර්සනෙල් කණ්ඩායමට සිදු විය. ඒ අනුව ආර්සනෙල් කණ්ඩායම මෙතෙක් මුහුණ දුන් තරග දෙකම පරාජයට පත්වූ අතර ආර්සනෙල් කණ්ඩායමේ අතපසු වීම් හමුවේ Maurizio Sarri සිය ජයග්‍රාහි වාර්තාව තෙවැනි සතිය දක්වා රැගෙන යාමට සමත් විය. ඒ අනුව චෙල්සි කණ්ඩායම තෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර අවාසනාවන්ත ලෙස ආර්සනෙල් කණ්ඩායම ලකුණු සටහනේ 17 වන ස්ථානයේ රැඳී සිටියි.   

බර්න්ලි කණ්ඩායම පරාජය කළ වැට්ෆෝර්ඩ් කණ්ඩායම පළමු සතියේ මෙන්ම දෙවන සතියේ ද ජය වාර්තා කළ අතර වැට්ෆෝර්ඩ් කණ්ඩායම සිව්වැනි ස්ථානයේ ද බර්න්ලි කණ්ඩායම 15 වන ස්ථානයේ ද රඳවමින් තරගය ගෝල 3-1ක් ලෙස නිමා විය.  

හැරී කේන්ගේ ගෝල නියඟය නිමා වෙද්දී චෙල්සි නූලෙන් බේරෙයි

2018/19 එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ දෙවන සතියට අදාල තවත් තරග දෙකක දී ජයග්‍රහණ වාර්තා කිරීමට චෙල්සි …..

හැරී කේන් සිය ගෝල නියඟය නිමා කර ගැනීමට ෆුල්හැම් සමඟ තරගයේ දී සමත් වූ අතර ෆුල්හැම් කණ්ඩායම 18 වන ස්ථානයේ රැඳී සිටිද්දී ටොටන්හැම් කණ්ඩායම පස්වැනි ස්ථානයේ රැඳී සිටියි.  

බර්න්මවුත් කණ්ඩායම හමුවේ වෙස්ට්හැම් යුනයිටඩ් කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජය විය. ඒ අනුව බර්න්මවුත් කණ්ඩායම හයවැනි ස්ථානයේ ද වෙස්ට්හැම් කණ්ඩායම ලකුණු සටහනේ 19 වන ස්ථානයේ ද රැඳී සිටියි.  

සවුත්හැම්ප්ටන් කණ්ඩයම ගෝල 2-1ක් ලෙස පරාජය කරන්නට එවර්ටන් කණ්ඩායම සමත් වූ අතර Richarlson නැවත වතාවක් ලකුණු සටහනට පිවිසුණේ එවර්ටන් කණ්ඩායම 7 වන ස්ථානයේ රඳවමිනි.   

ලෙස්ටර් සිටි කණ්ඩායම සිය පළමු ජය වාර්තා කළ අතර වුල්ෆ්ස් කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කිරීමට ඔවුන් සමත් විය. ලෙස්ටර් කණ්ඩායමේ ජේමි වාර්ඩි 66 වන මිනිත්තුවේ දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළේය. ඒ අනුව ලෙස්ටර් කණ්ඩායම අටවන ස්ථානය දක්වා ඉහළට පැමිණි අතර වුල්ෆ්ස් කණ්ඩායම 14 වන ස්ථානය දක්වා පහලට ඇද වැටුණි.

ශ්‍රී ලංකා SWAFF සමඟ එක්වෙයි; අනුර විධායක කමිටුවට

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති අනුර ද සිල්වා මහතා නිරිත දිග ආසියානු පාපන්දු සම්මේලනයේ (SWAFF) විධායක….

තරගාවලියේ පළමු පෙරළිය සිදු කරමින් බ්‍රයිටන් කණ්ඩායම සුප්‍රසිද්ධ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ගෝල 3-2ක් ලෙස පරාජය කළ අතර පළමු මිනිත්තු 30 තුල ගෝල 2-0ක පෙරමුණක් ලබා ගැනීමට බ්‍රයිටන් කණ්ඩායම සමත් විය. පළමු අර්ධය නිමා වන විටත් ගෝල 3-1ක් ලෙස බ්‍රයිටන් පෙරමුණේ සිටි අතර අවසන් මිනිත්තුවේ පොග්බා සාර්ථක කර ගත් දඬුවම් පහර හැරෙන්නට දෙවන අර්ධයේ කණ්ඩායම දෙකම තවත් ගෝල වාර්තා කළේ නැත. මැන්චෙස්ටර් කණ්ඩායම නවවැනි ස්ථානයේ රැඳී සිටින අතර පෙරළිකාර ජයක් වාර්තා කළා බ්‍රයිටන් කණ්ඩායම 11 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙන්නට සමත් විය.  

කාඩිෆ් සිටි හා නිව් කාසල් යුනයිටඩ් කණ්ඩායම් අතර තරගය ගෝල රහිතව ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර කණ්ඩායම් දෙකම තමන්ගේ පළමු ලකුණ රැස්කර ගැනීමට එම නිසා සමත් විය. කාඩිෆ් කණ්ඩායම 16 වන ස්ථානයේ ද, නිව් කාසල් යුනයිටඩ් කණ්ඩායම 12 වන ස්ථානයේ ද රැඳී සිටියි.

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<